දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තවාදී ඉල්ලීම් මත කොරෝනා මල සිරුරු භූමදාන තීන්දුව වෙනස් කිරීමට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි
Homeප්‍රවෘත්ති

අන්තවාදී ඉල්ලීම් මත කොරෝනා මල සිරුරු භූමදාන තීන්දුව වෙනස් කිරීමට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි

PropellerAds

ආ ගමික අන්තවාදීන් ගේ ඉල්ලීම මත රටේ නීති රෙගුලාසි හෝ ප්‍රතිපත්ති වෙනස් කිරීම වරදක් බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි කැඳවුම්කරු ආච...

V 2025 හෙවත් තාරුණ්‍යය 'අන්දවා' පොහොසත් රටක් හැදීම.
ප්‍රේමීය වස්සානය - චතුරිකා විනෝදී පෙරේරා
කරන්නාගොඩට ජනපතිගෙන් ෆ්ලීට් අද්මිරාල් තනතුරක්.
ගමික අන්තවාදීන් ගේ ඉල්ලීම මත රටේ නීති රෙගුලාසි හෝ ප්‍රතිපත්ති වෙනස් කිරීම වරදක් බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු එමගින් අවධාරණය කරන්නේ ආගමික අන්තවාදීන් ගේ ඉල්ලීම්වලට අවනත වී කොරෝනා මල සිරුරු භූමදානය තීරණය කිරීමේ තීන්දුව වෙනස් කළ යුතු නැති බවයි.

අදාළ සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලිම් අනුව රටේ, නීති, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වරද පිළිබදව

ආගමික අන්තවාදී පිරිස් වලට අවනතව කටයුතු කරන බව පෙනෙන යම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පරිදි කොවිඞ් වසංගතය පාලනය කිරීමට අදාළ නිරෝධායන පටිපාටි වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවට මහජන මතයක් ඇතිවී ඇත. සමාජ මාධ්‍යවල පළවන තොරතුරු අනුව කෝවිඞ් – 19 වෛරසය ආසාදනයක් නිසා මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව යම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් කොට ඇත. පසුගිය දින පාර්ලිමේන්තුවේ දීද ඊට අදාලව මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙපළක් විසින් ඉල්ලීම් ඉදිරිපත් කළ බව දැන ගැනීමට ලැබුණි. එම ඉල්ලීම්වලට අනුව ජාති ආගම් භේදයකින් තොරව වසංගතය නිසා මිය යන සියලු දෙනාගේ මළ සිරුරු භූමදානය නොකර ආදාහනය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගෙන තිබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බව අපට දැන ගන්නට ලැබී ඇත.

ඒ ආකාරයට ජාති හෝ ආගම් පදනමින් විවිධ අන්තවාදී මත දරණ පිරිස් විසින් කරනු ලබන පෙළඹවීම් වලට අනුව පවතින නීතියක්, රෙගුලාසියක්, පටිපාටියක් හෝ ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට හෝ සමාලෝචනය කිරීමට යම් රජයක් විසින් ක්‍රියා කරන්නේ නම් එය ඉතාම නරක පූර්වාදර්ශයක් බව ඔබතුමාට ඉතා කාරුණිකව පෙන්වා දීමට සිදුවේ. ඒ අනුව මෙම නිශ්චිත කාරණයට අදාළ පහත සඳහන් කරුණු ඔබතුමාගේ අවධානය පිණිස ඉදිරිපත් කරමු.

1 ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ විද්වත් සංවිධාන සහ අප රටේ විද්වතුන් ගේ අදහස් අනුව කොවිඞ් වසංගතය පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග රටේ නිරෝධායන පනත ට අනුව සහ පොදු එකඟතාවට අනුව ඇතිකරගන්නා සම්මතයන් මත පදනම් විය යුතුය.

2 ඒ අනුව කොවිඞ් (19) වෛරසය භූගත ජලයට එක්වී පරිසරයට නිදහස් විය හැකි බවට සහ විශේෂයෙන්ම එම ජල මට්ටම පොළව මතුපිටට කිට්ටුව තිබෙන විට තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවට පවතින සාක්ෂි අනුව පොදු මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා කොවිඞ් වෛරසය ආසාදනය නිසා මිය යන්නවුන්ගේ සිරුරු භූමදානය කළ යුතු බවට විද්වතුන් ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් විසින් තීරණය කරනු ලැබීය.

3 එම තීරණය සමාලෝචනය කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව සහ විවෘතව කියා සිටියේ තාක්ෂණික කමිටුවේ තීන්දු අනුව කටයුතු කළ යුතු බවය.

4 තත්වය එසේ තිබියදී මුස්ලිම් මන්ත්‍රීවරුන් පමණක් භූමදානය කිරීම මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික් ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට තර්ක ගොඩනගන්නේ ආගමික අන්තවාදී බලවේග සතුටු කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. අන්තවාදීහු සැම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර එසේ නොවන වීට ඊට එරෙහිව සටන් කළ යුතු බවට මතයක් ගොඩනගති.

5 එවැනි ඉල්ලීම් ඉටුකිරීම නොව සලකා බැලීමට ඉදිරිපත් වීම මගින් පවා අන්තවාදී මතවාදය පෝෂණය වන බව තේරුම් ගැනීම් අමාරු නැත. ඒ මගින් අනාගතයේ දීද විවිධ කරුණු මුල් කරගෙන තම ආගමට අනුව තමාට විශේෂයෙන් සැලකිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ ඒ මත පදනම්ව ගැටුම් ඇති කිරීම සාධාරණීකරණය කෙරෙනු ඇත.

6 මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය නොකළ යුතු බවට හෝ ආදාහනය කළ යුතු බවට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන නැත. එම තීන්දුව වසංගත තත්ත්වයට අදාළව පමණක් වලංගු වේ. ඒ බව අන්තවාදීන්ට හැර බහුතර මුස්ලිම් ජනතාවට තේරුම් ගත හැක.

එම නිසා මෙවැනි ඉල්ලීම් සලකා බැලීම්ට ඉදිරිපත් වීම පවා වැරදි ආදර්ශයක් බව ඉතා කාරුණිකව නැවත වරක් සඳහන් කරන අතර තාක්ෂණික කමිටුව විසින් මීට පෙර කරනු ලැබූ නිර්දේශය දේශපාලන පීඩනයන්ට යටත් වී වෙනස් කිරීම්ට ඉදිරිපත් නොවන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තවාදී ඉල්ලීම් මත කොරෝනා මල සිරුරු භූමදාන තීන්දුව වෙනස් කිරීමට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි
අන්තවාදී ඉල්ලීම් මත කොරෝනා මල සිරුරු භූමදාන තීන්දුව වෙනස් කිරීමට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU3rxZSevtG3JkCpRn15dqXUPOxGvOrjqtHcNfhpYyl1lAtbziPFuqkWr1-3UaTWkK0NZc0LySuwfdcihHLhKXDvWp-qi4jCmsvPJTtw5DfhhAIrwQDPczFAAPowQ4_ST1pBFMF-eZUwg/s320/7475.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU3rxZSevtG3JkCpRn15dqXUPOxGvOrjqtHcNfhpYyl1lAtbziPFuqkWr1-3UaTWkK0NZc0LySuwfdcihHLhKXDvWp-qi4jCmsvPJTtw5DfhhAIrwQDPczFAAPowQ4_ST1pBFMF-eZUwg/s72-c/7475.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy