ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාට අනුව ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් සිදු ක...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ද අරගලයට ගියේ දැනුවත් බව ඔහු ඒ මහතාම පවසා ඇති නිසා ලාල්කාන්ත මහතා ට අනුව අනුර දිසානායක මහතා මෝඩයෙක් ද එසේ නැතිනම් ජොබ් එකක් කලේදැයි හෙළි කළ යුතු බවද හෙතෙම කියා සිටියි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
‘ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා ජුලී චන්ග්ටත් එහා ගිහිල්ලා කියනවා, ‘මේක විමල්ගේ ප්‍රබන්ධයක්’ කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වෘත්තීය අංශයේ නායක කේ. ඩී. ලාල්කාන්ත මහත්තයා මේ ගැන මොකද කියන්නේ? ‘මේ අරගලය මෙහෙයවන ලද්දේ ඇමරිකානු තානාපතිනිය විසින්’ කියන එක ඇත්ත කියලයි ඔහු කියන්නේ. ලාල්කාන්ත මහත්තයා තව අපූරු හෙළිදරව්වක් ද කරනවා. ‘දැනුවත්ව මේ අරගලයට ගියානම් ඒක ජොබ් එක. පැතුම් කර්නර් කරන්නේ ජොබ් එකක්.’ කියලයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ වගේම ඔහු කියනවා, ‘නොදැනුවත්ව අරගලයට ගියානම් ඒක මෝඩකම’ කියලා. එයාට අනුව පැතුම් කර්නර් කරන්නේ ජොබ් එකක්; රැට්ටා මෝඩයෙක්. ඒ කියන්නේ මෝඩකමට වගේම ජොබ් එකක් ලෙස අරගලයට ගියපු අය ඉන්නා බවයි
ඊනියා ගාලුමුවදොර අරගල සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්තයා පිළිගන්නවා, ‘අපි අරගලයේ ප්‍රධාන කොටස්කරුවෙක්’ කියා. ‘අපේ කලා සංගමය, තරුණ සංගමය, කාන්තා සංගමය මෙහි ප්‍රධාන කොටස්කරුවෝ. අපේ සටන් පාඨ එතැන ක්‍රියාත්මක වුණා. අපි එතැන් සජීවී විකාශ ක්‍රියාත්මක කළා.’ කියා ඔහු පවසනවා. මම දැන් ඉතාම ආදරයෙන් ලාල්කාන්ත මහත්තයාගෙන් අහනවා, ‘ජනතා විමුක්ති පෙරමුණ ගාලුමුවදොර අරගලයේ කොටස්කරුවකු වූයේ නොදැනුවත්ව ‘රැට්ටා’ වගේ මෝඩකමට ද? නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් එතැන කළේ පැතුම් කර්නර් වගේ ජොබ් එකක් ද?’ කියා. දැන් ඒක ජනතා විමුක්ති පෙරමුණ රටට කිව යුතුයි’
– Repoter
COMMENTS