විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටළුව ඉදිරි පැය 24 ඇතුළත විසඳීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටළුව ඉදිරි පැය 24 ඇතුළත විසඳීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තම අමාත්‍යංශ කාර්යාලයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.
අද පෙරවරුවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර වැඩ වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර එම නියෝජිතයින් ප්‍රකාශ කළේ පළමු අදියරේ සාකච්ඡා සාර්ථක වූ බවයි.
පසුගිය 27 වනදා සිට පැවැත්වෙන මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සහ ඊට අනුබද්ධ ආයතනවල අධ්‍යයන කටයුතු බිඳවැටී තිබේ.
එම නිසා වර්ජනයට එක්ව සිටින සියළුදෙනා ඊයේ (05) දින සිට සේවයට වාර්තා කළ යුතු බවත් වාර්තා නොකරන අය සේවය අතහැර ගියා සේ සලකන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම්දීමක් කර තිබුණි.
නමුත් එම ඉල්ලීම නොතකා අනධ්‍යයන සේවකයින් ඊයේ දිනයේ ද වර්ජනයට එක්ව සිටියේය.
රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම, වසර 60 දක්වා සේවා දිගුවක් ලබාදීම, වැටුපට සාපේක්ෂව හිලව් දීමනා වැඩි කිරීම අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලීම් අතර වේ.
COMMENTS