කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලා ඉන්දීය ලොක් සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබඳව ඊයේ (05) එහි සාකච්ඡාවට ලක්ව තිබේ. එම යෝජන...
කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලා ඉන්දීය ලොක් සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබඳව ඊයේ (05) එහි සාකච්ඡාවට ලක්ව තිබේ.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ ඒ. අයි. ඒ. ඩී. එම්. කේ. පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විසිනි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු ධීවරයන්ට නිසි පරිදි තම ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම සඳහා කච්චිතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවයි.
1974 වසරේ දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව පොක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිවිය.
එය යළි ඉන්දියාවට පවරා ගන්නැයි මීට ඉහතදී කිහිප වතාවක්ම තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියාය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වූ අතර ඉන් එක් අවස්ථාවකදී මධ්‍යම රජය දැනුම් දුන්නේ කච්චතිව් දූපත වෙනුවෙන් ඉන්දියාවට තවදුරටත් හිමිකම් කීමට නොහැකි බවයි.
COMMENTS