විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තම ස්වාමියා සම්බන්ධයෙන් තමා ප්‍රකාශ නොකළ දේවල් අධිකරණයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් මරණයට පත්වූ ජ...
තම ස්වාමියා සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර, එහිදී තමන් නොකියූ දේවල් වෛද්‍යවරයා සිය වාර්තාවට ඇතුළත් කර එය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව එහි අසත්‍ය කරුණු ඇතුළත්ව ඇති බවත් සදහන් කරමින් ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද ටානියා ෆර්මන් ෂාෆ්ටර් මහත්මිය එම දිවුරුම් ප්‍රකාශයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා විසිනි.

COMMENTS