දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා නිසා හැම අයෙකුටම රු. 359,000ක් අහිමි වෙලා.. IMF ණය පොලිය 8%යි.. 2030දී ඩබල් වෙනවා!
Homeප්‍රවෘත්ති

ගෝඨා නිසා හැම අයෙකුටම රු. 359,000ක් අහිමි වෙලා.. IMF ණය පොලිය 8%යි.. 2030දී ඩබල් වෙනවා!

PropellerAds

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි 43 සේනාංකය පවසයි. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍...

ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ !
ආදාහනයද? භූමදානයද? තිස්ස ජනනායකගෙන් වීඩියෝවක් !
කොවිඩ් බලපෑමෙන් බස්නාහිර පළාතේ ‘කර්මාන්ත 800ක්’ වැහෙන්න ආසන්නයි – සේවකයන් අසූ දහසක් !
ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි 43 සේනාංකය පවසයි. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් 43 සේනාංකය (28) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

මූල්‍ය අරමුදලේ එකඟතා ලියවිල්ලට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වූ පමණින් ඊට නීත්‍යානුකූලභාවයක් නොලැබෙන බවත්, එහි තිබෙන කරුණු පිළිබඳව වෙන වෙනම අදාළ අන පණත් ගෙන ඒමට ආණ්ඩුවට සිදුවන බවත්, රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“උදාහරණයක් හැටියට මහ බැංකුව ස්වාධීන කිරීමේ අණ පනත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි කරනය පිළිබඳ අණ පනත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිකර ගැනීම පිළිබඳ අණපනත් ආදී වශයෙන් විවිධ අණපනත් ගේන්න වෙනවා. ඒ නිසා මේක බලාත්මක නැහැ. යම් බලාත්මක භාවයක් ගෙන එන්න නම් විපක්ෂයත් එක්ක එකතුවෙලා ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ රාජ්‍යයන් දෙකක් අතර ඇතිකරගන්නා අන්තර්ජාතික ගිවිසුම් මෙවැනි ආයතනවලටත් ගැලපෙන පරිද්දෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ගෙනාවනම් මේකට බලාත්මක භාවයක් ලැබෙනවා. ගිවිසුම ක්‍රියාත්මක කළාට පසුව (රටේ ආර්ථික ස්ථායිකරණය ඇති කළාට පසුව) මේ අර්බුදය නිසා රට බංකොලොත් කිරීම නිසා ඇතිවෙලා තිබෙන ව්‍යසනයේ තරම ගැන පැහැදිලි නිශ්චිත ගණනයක් අපි ඊයේ පාර්ලිමේන්තුවට සභාගත කළා.

2019 රට රකින විරුවා බලයට පත් වෙන්න පෙර දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 යි. 2020 වෙනකොට මේක 85 ට වැට්ටුවා. 2022 වෙනකොට මේක 75 ට වැට්ටුවා. ගෝඨාභය නන්දසේන රාජපක්ෂ බලයට පත්වෙච්ච වෙලාවේ ඔහුව බලයට ගෙන ඒම සඳහා රට පුරා ම ව්‍යාජ නාටක රඟ දක්වපු අය කිව්වා ගෝඨා දශකය ආරම්භ වුණා කියලා. 2020 සිට 2030 දක්වා කාලය ගත් කල ගෝඨාභය නොසිටියා නම් රටේ දළ දේශීය නිෂ්පාදනය වෙන්න ඕනේ ඩොලර් බිලියන 123 යි. වෙනත් ඕනෑම පාලකයෙක් හිටියා නම් මේ සීයට 3% වර්ධනය ළඟා කරගත හැකියි. නමුත් මොහු බලයට ගෙන ඒමේ විපාකය කොච්චරද? මොහු බලයට ගෙන ඒමේ විපාකය තමයි මේ 2020-2030 කියන මේ දුර්භාග්‍ය සම්පන්න දශකය, අඳුරු දශකය, කාලකන්නි දශකය නිසා රටට අහිමි වෙලත් අපේ මුළු ණය ප්‍රමාණය බිලියන 46 යි. ඒ වගේ පස් ගුණයක් රටට නැති කරලා තියෙනවා 2019 මුග්ධ පාලකයෙක් බලයට ගෙන ඒමේ ව්‍යායාමය නිසා. අහන්න තියෙන්නේ කවුද මේවට වග කියන්නේ කියන එකයි. කතා පවත්වන්න කලින් ඒ ගැන ක් රියා කරපු අය දැන් මහා ඒවට විරුද්ධව කතා කරන අයගෙන් අපිට අහන්න තියෙන්නේ කවුද මේවට වග කියන්නේ කියන එක. ඒක පුද්ගල ආදායම හැටියට රට රකින විරුවා කියන ව්‍යාජය 2019 බලයට නොගෙනවා නම් 2030 වෙනකොට මේ රටේ ඒක පුද්ගල ආදායම වෙනත් ඕනම කෙනෙක් රට පාලනය කළා නම් අඩුම තරමින් ඩොලර් 5434 යි. 3% වර්ධනය ගත්තනම්. නමුත් මේ සාපලත් ඡන්දය නිසා 2019 නොවැම්බර් මාසේ කීයද? ඒක පුද්ගල ආදායම වැටෙනවා 4344 ට. ඒක ලබාගන්නත් මූල්‍ය අරමුදලේ සියලුම දෑ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ එක පුද්ගලයෙකුට උපනූපන් සෑම පුද්ගලයෙකුටම මේ රටේ අහිමි කරපු ධනය ඩොලර් 1090 යි. රු.330 යි කියලා හිතුවොත් අපි ඩොලරය රු.359,000 ක් තුන්ලක්ෂ පනස් නමදාහක් සෑම පුරවැසියෙකුටම  අහිමි වෙනවා.

මූල්‍ය අරමුදල විසින් කියලා තියෙනවා දුගී ජනතාවට දෙන දීමනා තුන් ගුණයකින් වැඩි කරන්න කියලා. රජය ඒ පිළිබඳව කටයුතු කළ යුතුයි. කරගෙන යන බව කියනවා. අපි ඒ ගැන සතුටුයි. මොකද මේ ආර්ථික අගාධයට අර මුග්ධ තීරණය නිසා, ඒ මුග්ධ රැවටීම නිසා පත්වෙච්ච ජනතාවට ඒ සහනය ලැබිය යුතුයි. ඒ වගේම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා, තවත් කරුණු ගණනාවක් රාජ්‍ය අංශය ගැන, රටේ ආර්ථිකයේ ශේෂ පත්‍රය සකස් කිරීම ගැන, ඒවා අපි අනිවාර්යයෙන්ම මේ අර්බුදය පාවිච්චි කරගත යුතුයි. රට නැවත ගොඩනැගෙන තැනකට යන්න. IMF එක යෝජනා කළත්, නොකලත් මේ රටේ අයවැය පරතරය පියවා ගැනීම, ආදායම් වැඩිකර ගැනීම වියදම් යම් බුද්ධිමය ආකාරයකට සකස් කිරීම ආදී යෝජනා ක්‍රියාත්මක කළ යුතුමයි. IMF ලියවිල්ලේ තියෙන ඇතැම් දේවල් රජය බොහොම පහසුවෙන් මගහැර ගිහින් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශයට සම්බන්ධව වැදගත් කරුණු තුනක් කියලා තියෙනවා. එකක් රටේ තියෙන ලංකා විදුලිබල මණ්ඩලයේ තෙල් සංස්ථාව, බැංකු පද්ධතිය ඇතුළු ඒ ගණයේ රාජ්‍ය ආයතන පනස් දෙකට පුද්ගලයින් පත් කිරීමේදී සභාපතිකම්, අධ්‍යක්ෂ මණ්ඩලවලට වෘත්තීය නිපුණතාවය මත පදනම් වූ ක්‍රියාදාමයක් හඳුන්වා දෙන්න කියලා. අද මේ වෙනකම් ඒක කරලා නැහැ. දේශපාලන පත්වීම් තියාගෙන මේක කරන්න බැහැ. ඒක හංගලා යන්න බැහැ.

IMF ලියවිල්ලේ තෙල් ගල් අඟුරු ඖෂධ පොහොර ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී බරපතල අක්‍රමිකතා සිදු වූ බව විගණකාධිපතිවරයා වාර්තා කරලා තියෙනවා. රටම දන්නවා ඒක ගැන. අපි ගෙවන්නේ දූෂණයේ වන්දිය. අතීත දූෂණයේ වන්දියක් ගෙවනවා. දැන් වර්තමානයේ සිදුවන දූෂණයේ වන්දියත් ගෙවනවා. ඒ නිසා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විවෘතව සැම කෙනාට ම දැනගත හැකි පරිදි සිදු කරන්න කියලා IMF ලියවිල්ලේ තියෙනවා. අපිට දැනගන්න ඕනේ, අන්තර්ජාතික වෙළඳපොලේ ඩීසල් ලීටරයක් කීයද? ලංකාවේ ඩීසල් ලීටරයක් කීයද? වෙනසක් තියෙනවා නම් ඒ වෙනස ඇතිවුණේ කොහොමද? අන්තර්ජාතික වෙළඳපොලේ ගල් අඟුරු කිලෝවක් කීයද? ලංකාවේ ගල් අඟුරු කිලෝවක් කීයද? වෙනසක් තියෙනවා නම් ඒක කොහොමද ඇතිවුණේ? අන්තර්ජාතික වෙළඳපොලේ, යූරියා කිලෝවක් කීයද? ලංකාවේ කීයද? වෙනසක් තියෙනවා නම් ඒක කොහොමද වුණේ? අන්තර්ජාතික වෙළඳපොළේ අසුවල් ඖෂධය කීයද? ලංකාවේ කීයද? වෙනසක් තියෙනවා නම් මොකක්ද වුණේ? මේක දැනගැනීමේ අයිතිය දැන් මේ රටේ ජනතාවට ඕනේ. අද මේ වෙනකම් ආණ්ඩුව මේක ක්‍රියාත්මක කරලා නෑ.
ඊළඟට මේ ආයතන 52 සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තා මාර්තු 31 ලබා දෙන්න කියලා තියෙනවා. දැන් මාර්තු 31 පහු වුණා. තාම මේ පිළිබඳ වාර්තා ලබා දීලා නැහැ. සමහර ඒවා 2019 ඉඳන් ලබාදීලා නැහැ. ඒ නිසා ලියවිල්ලේ තියෙන සමහර දේවල් බොහොම පහසුවෙන් මගහැර ගිහින් තියෙනවා. ඊළඟට මේ IMF ලියවිල්ලේ කිසිම තැනක නොකියවපු දේවල් ටිකක් ක්‍රියාත්මක කරගෙන යනවා. උදාහරණයක් හැටියට, ප්‍රධාන රාජ්‍ය ආයතන හතරක්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය. ජූනි මාසේ වෙනකොට ශේෂ පත්‍රය විධිමත් කරන්න කියලා තියෙනවා.

අනික් අයගේ සහය ඉල්ලනවා නම් විධිමත් ආකාරයේ කැබිනට් මණ්ඩලයක්, ආයතන පනස් දෙකට වෘත්තීය මට්ටමේ නායකත්වයක්, කාටත් එකඟ වෙන්න පුළුවන් දේශපාලන ලියවිල්ලක් මත පදනම් වෙලා යන්න, නැත්නම් තමන්ට හිතුනු හැටියේ කටයුතු කිරීමෙන් විශ්වාසය ඇති කරගන්න බැහැ.

මූල්‍ය අරමුදලේ ණය පොළිය නම් ඉතා අධිකයි. 8% යි. අපි මේ ණය නොගෙවා හිටියොත් අවුරුදු අටකින්. ඒ කියන්නේ 2030 දී ඒ ණයත් ඩබල් වෙනවා.

දැන් ලංකාවේ ස්වෛරීභාවය ගැන අපට තීරණ තීන්දු ගැනීමට බැරි වීම ගැන නහයෙන් අඬලා වැඩක් නැහැ. 2019 තක්කඩි තීරණයකට හවුල් වෙලා ව්‍යසනය ඇති කරගෙන තියෙනවා. අර හිඟන්නන්ට උණු බත් වගේ අපටත් දැන් අවස්ථා අහිමි කරලා තියෙනවා. රටක ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මේ අද නෙවෙයි. 2022 අප්‍රේල් 12. ඒ සාහසික අපරාධයේ හවුල්කරුවන්ට දැන් ඇවිල්ලා එළියේ කතා කරන්න බෑ.

IMF නැතුව පුළුවන්ද කියන අයට අපි කියන්නේ ඔව් පුළුවන්. ඒකට රටට අවශ්‍යයි ආර්ථික කළමනාකරණය පිළිබඳ නිර්භීත නායකත්වයක් ඔය ව්‍යාජ මහතීර් මොහොමඩ්ලා නෙවෙයි කයියනායක මහතීර් මොහොමඩ්ලා නෙවෙයි. රටට ආර්ථිකමය ප්‍රතිලාභ ලබාදීපු අත්දැකීම් බහුල විශ්වාසනීය පිරිසකට රට එහෙමත් ගොඩනගන්න පුළුවන්. පුද්ගලයෙක් වුණත්, බංකොලොත් වුණාට පස්සේ, බැංකුවත් එක්ක කතා කරලා, ණය යනවා. ඒ වගේ ඒ රටට හයිය තිබිය යුතුයි මේ කටයුත්ත කරන්න. ඉතින් ඒ නිසා මේ විකල්ප තුනෙන් අද ආණ්ඩුව තෝරගෙන තියෙන්නේ IMF මග. ඒ මග තුල යම්කිසි ආකාරයකට ස්ථාවරත්වයක් ළඟා වෙලා තියෙනවා. හැබැයි මතක තියා ගන්න ඉදිරි කාලයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් රජයට මුහුණ දෙන්න වෙනවා. එකක් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඇතැම් අපේ ණය හිමියන් කියනවා ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවීය ණය කරුවන්ගේ ණයත් කපන්න ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ආණ්ඩුව ඒකට එකඟද? ආණ්ඩුව ඒකට එකඟ වුණේ නැත්නම් වෙන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනන්තය දක්වා කල් යන එක. ඒක මතක තබා ගන්න. දෙක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවිධිමත්ව කළොත් ලෙබනන් වල වුණා වගේ බැංකු වටලෑම වෙනවා. ඒක නිසා ඒක විධිමත්ව කරන්න. ඒ දැවැන්ත අභියෝග දෙක රට තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වගකීමෙන් ක්‍රියා කරන්න. වගවීමෙන් ක්‍රියා කරන්න. අවරගණයේ දේශපාලන පලිගැනීම් දේශපාලන කයිවාරු ගහන්නේ නැතුව, සාමූහික උත්සාහයකට දැන්වත් උත්සාහ කරන්න. මේ ලියවිල්ලේ ඉතා වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් තිබුනට, මේ ලියවිල්ල නීතිමය වශයෙන් කිසිම බැඳීමක් තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුව මේ ලියවිල්ල පදනම් කරගෙන ඉදිරි කාලයේ ඉදිරිපත් කරන අණපනත්වල සුබවාදී, අසුභවාදී පැත්ත ගැන අපි බලලා අපේ ඡන්දය පාවිච්චි කරනවා. නමුත් රජය පිළිබඳ විශ්වාසනීයත්වයක් දැනට නැති නිසා ඒ වගේම මේවා ක්‍රියාත්මක කිරීමේ කාරණා නැති නිසා අපි මේ ඡන්දයෙන් වැළකී සිටින්නට පාර්ලිමේන්තුවේ තීරණය කළා.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය: බොහෝ පිරිසක් කියන්නේ මේකෙන් සම්පූර්ණ රටේ බැංකු ටික ඉවරයි. ඔක්කොම ඉවරයි කියලා?

පිළිතුර : නෑ මෙහෙමයි. එහෙම බයවැද්දීම් කරන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපිත් කළා. අපිත් ඩොලර් ණය ගෙව්වා. හැබැයි අර වඳුරන්ට දැලි පිහි දුන්නා වගේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ ගැන අත්දැකීමක් නැති මිනිස්සුන්ට දීමේ ප්‍රතිඵලයක් හැටියට රටේ පෝලිං ඇති වුණා. තෙල් බිල් ගෙවන්න ගිහිල්ලා රටේ බැංකු පද්ධතිය කඩා වැටුණා. රට මහා අර්බුදයකට ගියා නේ. ඒ වගේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මම බොහොම පැහැදිලිව කිව්වා භාණ්ඩාගාර බිල්පත් වලින් බහුතරය උසුලන්නේ මහ බැංකුව. භාණ්ඩාගාර බැඳුම්කර වලින් බහුතරය තියෙන්නේ ඒ කියන්නේ 45% ක්  තියෙන්නේ බැංකු සතු. තව 40% ක් තියෙන්නේ EPF, ETF සතුව. මේක අපි අවුරුදු 2 කට කලින් ඉඳන් කියපු එකක් නෙමෙයි. දැන් කට්ටිය අලුතෙන් දෙයක් හැටියට කියන්න. ඉතින් මේක ප්‍රවේශමෙන් ඒ බැංකුවල මූල්‍ය තත්වයන් ගැන බලලා ඒ වගේම EPF, ETF එකේ මූලික තත්වයන් ගැන බලලා, ප්‍රවේශමෙන් කළ යුතුයි. මොකද උපකරණ තුනක් තියෙනවා පාවිච්චි කරන්න. එකක් දෙන පොලී කපන එක. දෙක මේවා කල් ඉකුත් වෙන දිනය. අපි හිතමු අවුරුද්දක කල් ඉකුත් වෙන එක අපිට පුළුවන් අවුරුදු පහක් කරන්න. අවුරුදු පහ එක අවුරුදු දහයක් කරන්න. ඒ ආකාරයටත් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර කිව්වා වගේ ණය කොටසක් කපාහරින එක. ඉතින් ඒක නම් කරන්න බෑ මේ වෙලාවේ. අනිත් උපකරණ දෙක පාවිච්චි කරලා යම් සමතුලිතතාවයකින් යුතුව මේක කල යුතුයි. හැබැයි අපි එකක් බොහොම අවධාරණය කරනවා. ඔය පාරවල් ලක්ෂේ හදන්න බැංකු පද්ධතිය සල්ලි හූරගන්න වෙලාවේ අත්පුඩි ගහපු අය ඒ වගේම ගමට වැඩ ගානේ වැඩ ලක්ෂයක් හදනකොට ඔන්න සංවර්ධනය එනවා, රට වැඩ බිමක් වෙනවා කියලා EPF, ETF සල්ලි ටික කොල්ල කන වෙලාවේ අප්පුඩි ගහපු අයගේ ඔය දැන් කරන බය වැද්දීම් වලට යටත් වෙන්න එපා. මොකද මේ බැංකු පද්ධතිය විනාශ කළේ, ඔය පසුගිය කාලයේ හිටපු නිලධාරී පැලැන්තියයි, රාජපක්ෂ මහත්තුරුයි. ඒකත් අමතක නොකළ යුතුයි සියලු දෙනාම. හුඟක් දෙනෙක් ඒ කෑල්ල කියන් නැතුවයි දැන් අද කතා පවත්වන්නේ.

ප්‍රශ්නය:ඒ වගේම තමයි සමහර පාර්ශව චෝදනා කරනවා දැන් IMF කියන්නේ කෙලින්ම ඇමරිකාව කියන එක ඇමරිකානු තානාපති මැදිහත් වෙනවා. එතකොට එහෙම කරන්න පුළුවන්ද කියලා තමයි සමහරු අහන්නෙ?

පිළිතුර:ඇමරිකා එක්සත් ජනපදයට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිම ඡන්ද ප්‍රමාණය අයිති 16.5% ක්. ඉතින් සෙසු රටවලටත් ඡන්ද තියෙනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයට තනිව තීන්දු ගන්න බැහැ. 16.5 කට බෑනේ අනිත් අය අභිබවා කටයුතු කරන්න. තව 83.5% ක් තියෙනවානේ අනිත් පැත්තේ. ඒ නිසා  එහෙම ඇමෙරිකාවට තනි තීරණ ගන්න බැහැ. අධ්‍යක්ෂ මණ්ඩල තමයි ඒ තීරණ ගන්නේ. මම එකක් කියන්නම්. මේ නායකයාගෙන් නායකයාට වෙනස් වෙන විදිහේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නම් නෑ. මේ මේවා කොයි කවුරු හිටියත් මෙතන බලයෙ අනුර දිසානායක හිටියත් සජිත් ප්‍රේමදාස හිටියත්, චම්පික රණවක හිටියත්, මනෝ ගනේෂන් හිටියත්, සුමන්දිරන් මහත්තයා හිටියත්, රනිල් වික්‍රමසිංහ හිටියත් මේක තමයි IMF එකේ බෙහෙත.

ප්‍රශ්නය:විමල් වීරවංශ මහත්තයා කුමන්ත්‍රණය කියලා පොතක් ලිව්වා. ඒකේ සමහර හමුදාපතිවරුන්ට පවා චෝදනා එල්ල කරනවා හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණා කියලා. මේ සිද්ධි ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

පිළිතුර:රටේ මිනිස්සු තෙල් පෝලිම්වල සති ගණන් පෝලිම් ගැහිලා දුක් විඳිද්දී රටේ විදුලි බලය පැය දහයක් කපලා තියෙද්දී, පාරට බැහැලා පලයව් කියලා කියන්න අවුරුදු තුන්දාහක ඉතිහාසයක් තියෙන මේ රටේ මිනිස්සුන්ට බැරිනම් ඒකට මේ ඇමරිකාවේ තානාපතිතුමිය එන්න ඕනෙයි කියලා කියනවා නම්, ඒක මේ රටේ මිනිස්සුන්ට කරන ලද ලොකුම අවමානයක්. ලොකුම අවමානය. මේ රටේ ඉන්නේ රිලව් නෙවෙයි. අවුරුදු තුන්දාහක් මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන්, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු පිරිසක්. ඒ මිනිස්සු පිරිසට කරන අපහාසයක් ඕක. ඒ වගේම මම කියන්න ඕනේ, මේ රටේ සිදුවෙච්ච ලොකුම ඇමරිකානු කුමන්ත්‍රණය මොකක්ද? ඇමරිකානු පුරවැසියෙක් රටේ රාජ්‍ය නායකත්වයට ගෙන ඒම. ඒ ඇමරිකානු පුරවැසියා මහා දේශමාමකයෙක්, දුටුගැමුණු, ධර්මපාල, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් අන්වර්ථ වලින් පුම්බලා ගෙනල්ලා රට බංකොලොත් කරලා රටේ පනස් පන් ලක්ෂයක් මිනිස්සු නැති නාස්ති කිරීම. ඊළඟට තවත් ඇමරිකානු පුරවැසියෙක්ට රටේ මුදල් ඇමතිකම දෙන්න රට බංකොලොත් කරන්න මුදල් ඇමතිකම දෙන්න. විසි එක්වෙනි සංශෝධනයට අත එසවීම. ඒ වගේම රටේ ප්‍රධානම දේශපාලන පක්ෂය එවකට තිබිච්ච අද නම් නැහැ. අද චූටි පක්ෂයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නොලත් නායකයා බවට ඇමරිකානුවෙක් පත්කර ගැනීම. ඉතින් ඒ මේ අනික් අයට සීඅයිඒ කුමන්ත්‍රණ කියන ඒවා ඇත්තට විහිලු මේවා. මේ විහිලු වලට නම් අනේ ජනතාව තවත් රැවටිය යුතු නෑ. ඒ ගැන අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. පැහැදිලි මහජන නැගිටීමක් එය සිද්ධ වුණේ. එහෙම නැගිටීම් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නැගිටීම්වලට සී. අයි. ඒ. එක නෙවෙයි වගකිව යුත්තේ. ගෝඨාභය රාජපක්ෂ වැනි මුග්ධ පාලකයෙක් බලයට ගෙනාපු අයයි වගකිව යුත්තේ. මේ රටේ ජනතාවට ඒ තැනට පත්වෙන්න. ඒ වගේම ඕවගේ විහිලු අපි ඕනතරම් දැකලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි දැක්කා 2017  අප්‍රේල් මාසේ මලික් සමරවික්‍රම ගිහිල්ලා අත්සන් කරා ගිවිසුමක්. ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන. ඒක අලුත් දෙයක් නෙවෙයි. 1987 ඉදන් තියෙනවා. 2002 දිත් ඕක කරු ජයසූරිය මහත්තයා ඉන්න වෙලාවේ මිලින්ද මොරගොඩ මහත්මයා ඕක අත්සන් කරා. ඔහොම ආවා දිගට. හැබැයි කවුරුවත් මේක දුන්නේ නෑ. මහින්ද රාජපක්ෂගේ කාලෙත් මේ සාකච්ඡාව තිබුණා. කවුරුවත් මේක දුන්නේ නෑ. 2017 මේක අත්සන් කරහම මොකද කළේ? ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කියලා එකක් මහින්ද රාජපක්ෂ හැදුවා. ගරු විමල් වීරවංශ ඔය ඇතුළු පිරිසක් ගම්මන්පිල මැතිතුමා ඇතුළු පිරිසක් හිටියා ඒකේ. තව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් හිටියා. ගිහිල්ලා උද්ඝෝෂණ කරා හම්බන්තොට වරායේ. ආපසු ගන්නවා කිව්වා ඔය ඔක්කොම දේවල්. ඊළඟට මැයි දිනයක් තිබ්බා 2017 මැයි පළවෙනිදා. තියලා කිව්වා තෙල් ටැංකි පාවා දෙන්නේ නැහැ කියලා. නරේන්ද්‍ර මෝඩි ලංකාවට එන කොට කළු කොඩි ඉස්සුවා. හැබැයි රෑ ගිහිල්ලා හම්බවුණා. ඒක වෙනම දෙයක්. හරි. රෑ ගිහිල්ලා හම්බුණා. හරි. ඊට පස්සේ කා අතින්ද මේ තෙල් ටැංකි දුන්නේ? ඒ ජාතික සම්පත් සුරකිනවාය කියලා ගෙනාපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හැටියට විධායක. මහින්ද රාජපක්ෂ ඒකෙ නායකයා හැටියට, අගමැති හා මුදල් ඇමති හැටියට උදය ගම්මන්පිල මේ රටේ තෙල් ඇමති හැටියට තමයි තෙල් ටැංකි ටික නිල වශයෙන් ඉන්දියාවට භාර දුන්නේ. ඉතින් ඒ හින්දා ඔය වගේ සෙල්ලම් විටින් විට ඔය වගේ නාට්ටි, ඔය ගර්භාෂ යුද්ධය, නාට්‍ය ඕවා එනවා. ඕවට නම් රැවටෙන්න එපා. මේ රටේ අභිමානවත් ජනතාවට, බලගතු ඉතිහාසයක් තියෙන මේ රටේ අභිමානවත් ජනතාවට ඒ කරපු ක්‍රියාව නිරායුධව පාරට බැහැලා තක්කඩි පාලක පන්තියක් එළවන්න කරපු ඒ වැදගත් ව්‍යායාමය මේ රටේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. මේ රටේ ඇමරිකානු කුමන්ත්‍රණයක් කළා නම් කළේ අවලස්සන ඇමරිකානුවන් දෙන්නෙකුට මේ රට පාවා දුන්නා නම් පාවා දුන්නේ ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එදා ගොනු වෙච්ච පිරිස. ඒකට ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් වගකිව යුතු නැහැ. නමුත් මේ රට දන්නවා කවුද මේ ගෝඨාභයලා පුම්බලා ගෙනල්ලා මේ රට මේ අවර තත්වයට පත් කළේ කියලා.

ප්‍රශ්නය:25 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට නියමිත බවත් ඒක නැහැ. මොකක්ද වෙන්නේ? ඔබතුමාට අදහසක් තියෙනවද මේකේ ඉදිරි ක්‍රියාවලිය කොහොමද කියලා.??

පිළිතුර:අපි කවුරුත් මේ රටේ ත්‍රස්තවාදයෙන් බැට කාපු පිරිසක් හැටියට, අනාගතයේ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න බොහෝවිට ඉඩ තියෙන රටක් හැටියට අපට ප්‍රති ත්‍රස්ත පනතක් අවශ්‍යයි. මේ ගැන මත කිහිපයක් තියෙනවා. සමහරු කියනවා මේ පවතින නීතිය, දණ්ඩ නීති සංග්‍රහයම පුළුල් කරලා ත්‍රස්තවාදය පාලනය කරන්න කියලා. එහෙම නැත්නම් තාවකාලික නීති වන, හදිසි නීතිය වැනි නීති පාවිච්චි කරලා, ත්‍රස්තවාදය පිළිබඳව කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් ස්ථිර ත්‍රස්තවාශය වැළැක්වීමේ පනතක් ගේන්න කියලා. ඉතින් අපි හිතනවා ස්ථිර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ගේන්න ඕනේ. මොකද මේ පනත අවුරුදු තුනකට ගෙනාවේ 1979 දී. ඒක තමයි දැන් අවුරුදු 45 ක් තියෙන්නේ. මේක බොහොම යල්පැන ගිය පනතක්. මේක අයර්ලන්තයේ ගරිල්ලා කණ්ඩායම් පරාජය කරන්න ගෙනාපු පනතක්. ඒ නිසා අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී යසන්ත කෝදාගොඩ මැතිතුමා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවෙක්. එතුමාලා මැදිහත් වෙලා 2018 දි ඉතා වැදගත් ප්‍රති ත්‍රස්ත පනත හැදුවා. ඒ ප්‍රති ත්‍රස්ත පනත නෙමෙයි මේ පනත. මේ පනත ඊට වඩා වෙනස්. මේ පනත අවභාවිතා කරන්න තියෙන ඉඩකඩ ඉතා විශාලයි. ඒක නිසා මේ පනත වෙනුවට, ත්‍රස්තවාදය විධිමත්ව, දණ්ඩ නීති සංග්‍රහයෙන් හා වෘත්තීය සමිති සහ මහජන උද්ඝෝෂණ ඇතුළු අනිත් දේවල් වලින් වෙන්කොට හඳුනාගන්න. ත්‍රස්තවාදය වෙන් කොට හඳුනාගන්න. රට, ලෝකයේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වෙච්ච, පනතක් ගේනවා නම් ගේන්න. ඒක තමයි ගෙනා යුත්තේ. එහෙම නොවන පනත් වලට රටේ හෝ පිළිගැනීමක් ඇති වෙන්නෑ. ඒකට අපි විරුද්ධ වෙනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා 43 සේනාංකයේ මුදල් ලේකම්, ඉංජිනේරු සුමේධ රත්නායක සහ 43 සේනාංකයේ තරුණ අංශයේ සම්බන්ධීකාරක තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද එක් විය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය කළමණාකාර (43 සේනාංකය)
මාධ්‍ය ලේකම් (පා: ම පාඨලී චම්පික රණවක)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා නිසා හැම අයෙකුටම රු. 359,000ක් අහිමි වෙලා.. IMF ණය පොලිය 8%යි.. 2030දී ඩබල් වෙනවා!
ගෝඨා නිසා හැම අයෙකුටම රු. 359,000ක් අහිමි වෙලා.. IMF ණය පොලිය 8%යි.. 2030දී ඩබල් වෙනවා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZrouLqUeTkZrWfdZIDth8iagQVa2L95t_uEoHaHyuHmunrPO0FFJgWOxrQsbkGJcvvpWreRrry8akgctrmhr5jMD2JmOrcRCyODSg0rK9QoBE6_aJBJbRbWIGXXyrqSw4itspiP727h1-Ry-gBkMrsIPx_CPp4kCUON5tEYbqUFdmD2FWMGsNfg/s320/gota.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZrouLqUeTkZrWfdZIDth8iagQVa2L95t_uEoHaHyuHmunrPO0FFJgWOxrQsbkGJcvvpWreRrry8akgctrmhr5jMD2JmOrcRCyODSg0rK9QoBE6_aJBJbRbWIGXXyrqSw4itspiP727h1-Ry-gBkMrsIPx_CPp4kCUON5tEYbqUFdmD2FWMGsNfg/s72-c/gota.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/359000-imf-8-2030.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/359000-imf-8-2030.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy