දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි! රනිල් ත්‍රිකුණාමලයේ සිට කියයි
Homeප්‍රවෘත්ති

පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි! රනිල් ත්‍රිකුණාමලයේ සිට කියයි

PropellerAds

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වි...

නාම යෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසමට කියයි
නිරෝධායනය මගහැර කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැතිගෙන් බලපෑම්
රටම රතු-කහ-කොල කලාප ලෙස වෙන් කරයි.. රතු කලාපවලට ඇදිරි නීතිය
ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද (03) පෙරවරුවේ පැවති ගුවන් හමුදාවේ අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල අමතමිනි.

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබණි.

අධිකාරිලත් නිලධාරීන් 37ක්, නිලධාරීනියන් තිදෙනෙක් අද විසිර ගිය අතර අධිකාරි ලත් ගුවන් හමුදා නිලධාරීන්ට “අසිපත” පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එසේම පියාසර පුහුණුව ලැබූ නිලධාරීන් 13 දෙනෙකුට පියාසර ලාංඡන පැළඳවීම සහ අති සුවිශේෂ දක්ෂතා දැක්වූ 07 දෙනෙකු වෙත කුසලාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා අධිකාරි ලත් නවක නිලධාරීන් සහ උසස් නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ගුවන් හමුදා තූර්යවාදන කණ්ඩායම් විශේෂ සංදර්ශනයක් ද පැවැත්වූ අතර, පැරෂුට් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් හමුදාවට එක් වී, පුහුණුවීම් සාර්ථකව අවසන් කර, අද දින අධිකාරි ලත් ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මම සුබ පතනවා.

දුෂ්කර පුහුණුවකින් පසුව අද ඔබ මෙලෙස අධිකාරියට පත්වීම, ඔබට මෙන්ම ඔබේ දෙමාපියන්ට ද මහත් සතුටක් බව මම දන්නවා. ඇතැම් විට ඔබේ ගම් පළාතෙන්ම ගුවන් හමුදා නිලධාරියකු බවට පත්වන පළමු පුද්ගලයා ඔබ විය හැකියි.

ඔබ අද දරන්නේ විශාල වගකීමක්. එම නිසා ඔබගේ මෙන්ම ඔබේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමටත් වග බලා ගත යුතුයි.
එම වෘත්තියට අගෞරවයක්, කැලලක් වන කිසිවක් නොකිරීමට ද වග බලා ගත යුතුයි. සෑම විටම තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙක් බව සිහිතබාගෙන අභිමානයෙන් යුතුව කටයුතු කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ අද අධිකාරිය ලබන විට ව්‍යවස්ථාව සුරකින බවට දිවුරුම් දුන්නා. ඒ වගේම ගුවන් හමුදාවේ දිවුරුමත් ලබා දුන්නා. මේ ප්‍රකාශ දෙකෙහිම තිබෙන්නේ ඔබේ මූලික යුතුකම සහ වගකීමයි.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත්, රට ආරක්ෂා කිරීමත් ඔබගේ වගකීම වනවා. මොකද රටක් නොමැතිව ව්‍යවස්ථාවක් නැහැ. රටක් නැති නම් ව්‍යවස්ථාව කියන්නේ නිකම් කොළ කැබැල්ලක් පමණයි. ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ රටක් තිබෙන නිසා. ඔබ ලබාදුන් දිවුරුමට අනුවත් මේ රටේ ව්‍යවස්ථාවටත්, නීතියටත් අනුකූලව ක්‍රියා කරන්නටත් ජන රජයට පක්ෂපාතී වන්නටත් ප්‍රතිඥා දී තිබෙනවා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියේ සඳහන් කර තිබෙන්නේ “මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” කියලයි. එසේ නම් ව්‍යවස්ථාව තිබෙන්නේ ජනරජය සඳහායි. රටේ ඒකීය භාවය ගැනත් එහි සඳහන් වෙනවා. ඒ වගේම එම පරිච්ඡේදයේ සඳහන් වනවා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතන, ජාතික කොඩිය සහ අපේ ජාතික ගීය පිළිබඳවත්. අනෙක් සියලු පරිච්ඡේද තිබෙන්නේ මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමටයි. එසේ නම් අපි මේ අනුව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. එහිදී පළමුව රට ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අප ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයක් විය යුතුයි.

ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයකට තර්ජනයක් වන කිසිඳු දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. එය අපේ ප්‍රධාන යුතුකමයි. එහිදී රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒකීයභාවය ආරක්ෂා කිරීමට නම් මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුයි. රටේ භෞමික අඛණ්ඩතාවය 1983 – 2009 දක්වා තර්ජනයට ලක්වී තිබුණා. එම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජීවිත පරිත්‍යාගයෙන් එය ආරක්ෂා කළා.
ඒකීයභාවය ආරක්ෂා කරන්න නම් රටේ ජනතාවගේ එක්සත්භාවයත් අප ආරක්ෂා කළ යුතුයි.

රටක් ලෙස අපට තනිව නැගී සිටිමට නම් මේ රටේ සිටින සිංහල, දෙමළ ,මුස්ලිම්, බර්ගර් වගේම සියලු ආගමිකයින් ද ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතුයි. අප සියලු දෙනාගේම සංස්කෘතිය, ආගම ආරක්ෂා කරගත යුතුයි. එසේ නොමැතිව රට බෙදුනොත් එය රටේ ඒකීයභාවයට විශාල තර්ජනයක් විය හැකියි.
ඒ වගේම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනවලින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලභාවය සකස් වී තිබෙනවා. ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරන නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණය කටයුතු කරනවා. මේ සියලුම ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනවා. එම නිසා මෙම ආයතන ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක්.

ආණ්ඩුවක් තෝරා ගන්නේ හෝ වෙනස් කරන්නේ, ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදු කළ නොහැකියි. මහ පාර කියන්නේ පාර්ලිමේන්තුවට විකල්පයක් නොවේ.

පසුගිය ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටත් මම ස්තූතිවන්ත වෙනවා . පාර්ලිමේන්තුවක් නැති රටවල් අරාජික විය හැකියි. මොකද පාර්ලිමේන්තුවක් නොමැති නම් නීති සම්මත කිරීමේ බලය අහිමි වන නිසා.
ඒ වගේම ආර්ථිකය බිඳ වැටුණු රටවල් ද අරාජික වෙනවා. එම නිසා රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා කටයුතු කළ යුතුයි.

පසුගිය දින කිහිපය තුළම මේ රටේ ආර්ථිකයට සුබදායක ආරංචි ගෙන ඒමට විදේශ රටවල නියෝජිතයින් මෙන්ම සංවිධාන කිහිපයක් සමඟ අප සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල ලඟදීම රටටත්, ඔබටත් ලැබේවි. ආර්ථිකය නැති වුණොත් අපට රටක් නැති වෙනවා. රටේ ව්‍යවස්ථාවෙන් ඇති කළ මූලික ආයතනත් ආර්ථිකය යන දෙකම ආරක්ෂා කළ යුතුයි. ඔබේ වගකීම මෙයයි. මේ සියල්ල ආරක්ෂා කළ විට ඔබට රටක් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සහ රට එකට එකතුවෙලයි ඉදිරියට යන්නේ. එය බෙදිය නොහැකියි. අද මෙම වගකීම භාරගන්න ඔබ සියලු දෙනාට මම සුබපතනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-03
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි! රනිල් ත්‍රිකුණාමලයේ සිට කියයි
පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි! රනිල් ත්‍රිකුණාමලයේ සිට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB57qO3V5efW32RxjFNWwSLFIKPu3AYRXVGvcnUVhDcM-1kkeSMVh8nt6vQ2pnKTVcQxP7IW0lssBm-L2pfdeNTXm87kHTjVsM6xRDrqgpnpwi4ArxQaOjIR3FbWofLpntOFfDioIX7UnpTYUQIqzociUQUX_UmvN7OVRznfT_l8xgi-OeET1_YQ/s320/ranil.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB57qO3V5efW32RxjFNWwSLFIKPu3AYRXVGvcnUVhDcM-1kkeSMVh8nt6vQ2pnKTVcQxP7IW0lssBm-L2pfdeNTXm87kHTjVsM6xRDrqgpnpwi4ArxQaOjIR3FbWofLpntOFfDioIX7UnpTYUQIqzociUQUX_UmvN7OVRznfT_l8xgi-OeET1_YQ/s72-c/ranil.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy