ඉ දිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ...
ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.
රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැුසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් මුළු රටම රතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙස රැස් නොවී හුදෙකලාවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව කියා සිටි දෙරණ රූපවාහිනියේ පැවැති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහන අමතමිනි.

COMMENTS