දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපවත් වූ පල්ලේගම හිමිගේ කෝටි ගාණක සුපිරි වාහන බෙදා ගනී!
Homeප්‍රවෘත්ති

අපවත් වූ පල්ලේගම හිමිගේ කෝටි ගාණක සුපිරි වාහන බෙදා ගනී!

PropellerAds

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොළහකට අධික  වටිනාකමැති අධි සුඛෝපභෝගි ...

"අපි දවසට කිලෝමීටර් 250ක් පයින් යනවා" - පොහොට්ටු මන්ත්‍රී වාහන ඉල්ලා සටනට එයි
කොළඹ සිටින 'රෝ' ඔත්තුකරුවන්ට විශේෂ නියෝගයක් !
තීන්දු ගන්නේ මිරිහානේ සිට ජනාධිපති කාර්යාලයට එන විට දකින දේ අනුවයි.. ආණ්ඩුව ෆේල් - මනුෂ නානායක්කාර
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොළහකට අධික  වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක, මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට පවරන ලෙසත්හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප්  රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න ඊයේ (16) නියෝග කළා.

දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන හතරක අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවැති නඩුවක් සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්ව ඇති කර ගත් සමථ එකඟතාවක් සලකා බලමින්.

ඒ අනුව ප්‍රශ්න ගත මෙම වාහන හතර අතරින් එන්සී/සීබීඑල් 5353 අංක දරන ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වී එයිට් වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය සහ එන්සී/පීසී 8445 අංක දරන ටොයෝටා  හයිලුක්ස් වර්ගයේ කැබ් රථය සහ එන්සී/කේඩබ්ලිව් 9988 අංක දරන ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථය වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට භාර දෙන ලෙසටත් එන්සී/සීඒඩබ් 1210 අංක දරන හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන පී.එම්. චන්දානන්ද යන අයට පැවැරීමටත් දිසා විනිසුරුවරිය නියෝග කරනු ලැබුවාය. ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමටද නියෝග කෙරුණා.

අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 3/2 ඒ 260 ලිපිනයේ  පී.එම්.චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි, අනුරාධපුර ජය ශ්‍රී  මහ බෝධි බෝමළුව විහාරවාසී කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර ථූපාරාමාධිකාරි කහල්ලේ ඥානින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

පෙත්සම්කාර පී.එම්.චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරමින් පවසා ඇත්තේ  අනුරාධපුර නගරයේ කීර්තිමත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තමා අටමස්ථානාධිපතිව සිටි පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමඟ වසර 19ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගිය බවයි.

පල්ලේගම සිරිනිවාස නාහිමියන් අසනීප තත්ත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද පවසන පෙත්සම්කරු සිරිනිවාස නාහිමියන් අපවත් වන අවස්ථාවේදී  ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ප්‍රකාශ කොට තිබෙනවා.

එසේම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටි කාලයේ එම හිමියන් විසින් උපයා සපයාගත් සාංඝික නොවන තම පෞද්ගලික ධනයෙන් දේපළ කිහිපයක් මිලදී ගත් බවත් එම දේපළවල නිර්වද්‍යතාව සොයා බැලුවේ තමන් බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී සිය පෞද්ගලික මුදලින් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් වාහනවල ආරක්ෂාව සහ සුරැකිව නඩත්තු කිරීමේ කටයුතුවල වගකීම තමා වෙත පවරමින් එම වාහන තමා පදිංචි නිවෙසේ ගරාජය තුළ රඳවා තැබූ බවද අධිකරණයට කියා සිටින  පෙත්සම්කරු සිරිනිවාස නාහිමියන්ට ගමන් බිමන් යෑම සඳහා අවශ්‍ය වූ විට තම නිවෙසේ සිට වාහන බෝමළුව පන්සල වෙත ගෙන්වා ගන්නා බවත් ගමන්  බිමන් නිම කොට බෝමළුව පන්සලට පැමිණි වාහාම එම වාහන  නැවත තම භාරයට තැබීම සිරිනිවාස නාහිමියන්ගේ පුරුද්ද සහ කැමැත්ත වී තිබූ බවද පවසා තිබෙනවා.

සිරිනිවාස නාහිමියන් දැඩි ලෙස රෝගී වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත් එහිදී වාහන කිහිපයක අයිතිය තමාට පැවැරීමේ ලේඛන ලබා දුන් බවද පෙත්සම්කරු අධිකරණයට ප්‍රකාශ කොට තිබෙනවා.

අනතුරුව අදාළ පැවැරීමේ ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට පවරා ගැනීමේ කටයුතු සිදු කර ගැනීම සඳහා බාර දුන් බවත් ස්වකීය පෙත්සම මඟින් ප්‍රකාශ කොට ඇති පෙත්සම්කරු 2022 ඔක්තෝබර් 18 වැනි දින අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියන් අපවත් වූ බවද කියා තිබෙනවා.

තමාට පවරා දුන් වාහනවල ලියාපදිංචි අයිතිය පවරා ගැනීමට යෑමේදී මෙම නඩුවේ වගඋත්තරකාර හිමිවරුන් විසින් එකී වාහනවල අයිතිය බැහැර නොකරන ලෙසට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත දන්වමින් අදාළ වාහන පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ පෞද්ගලික දේපළක් නොවන බවත් එම වාහන අටමස්ථානයට අයත් දේපළක් බවටත් කරුණු සපයා බාධා පමුණුවා ඇති බවද පෙත්සම්කරු සඳහන් කොට තිබෙනවා.

තමා අයිතිය ඉල්ලා සිටින වාහන විහාර හා දේවාලගම් පනත යටතට ගැනෙන සාංඝික දේපළක් නොවන බවට තීන්දු කරන ලෙසත් ජීප් රථ දෙක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ පෞද්ගලික ධනයෙන් මිලදී ගත් පෞද්ගලික දේපළක් බවට තීන්දු කොට එකී දේපළ පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට තම ජීවිත කාලය තුළදී සිය කැමැත්ත පරිදි විකිණීමට, තෑගි කිරීමට හෝ බාහිර පාර්ශ්වයකට  පැවැරීමට නීත්‍යනුකූල අයිතිය ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉහත සඳහන් ජීප් රථ දෙක සම්බන්ධයෙන් සිරිනිවාස නාහිමියන් තමන්ට සිදු කර ඇති පැවැරීම නීත්‍යනුකූල බවටත් එම වාහන තමන්ට පවරා ගැනීමට නීත්‍යනුකූල අයිතියක් ඇති බවටත් තීන්දු කරන ලෙසද  අධිකරණයෙන් අයැද ඇති පෙත්සම්කරු ඉහත වාහන  තමන්ගේ නමින් පවරා ගැනීමට බාධා කිරීමට වගඋත්තරකරුවන්ට කිසිදු අයිතියක් නැති බවට තීන්දු කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඉදුල හේවගේ මහතා පෙනී සිටි අතර වත්මන් අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ උපදෙස් මත නීතිඥ තිනෙත් කොරසගල්ල පෙනී සිටියා.

මේ අතර මෙම නඩුවේ පෙත්සම්කාර පී.එම්. චන්දානන්දගේ බිරිය වන එච්.එම්.දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ 00082/ඵන/2022 දරන අංකය යටතේ පෙත්සමක් ගොනු කරමින් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමාට තෑගි කළ අනුරාධපුර පළමු පියවරේ පිහිටි රුපියල් කෝටි 10ක වටිනාකමැති නිවෙස සහිත ඉඩමට අදාළ 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස රජයේ  රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට  නියෝගයක් නිකුත් කරන ලෙස  අයැද තිබේ. මෙම පෙත්සම මේ මස 29 වැනි දින අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපවත් වූ පල්ලේගම හිමිගේ කෝටි ගාණක සුපිරි වාහන බෙදා ගනී!
අපවත් වූ පල්ලේගම හිමිගේ කෝටි ගාණක සුපිරි වාහන බෙදා ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZksVDR78SDKjbisu0QdqaPT5u1Xp7ijxMVTSAAGw18QkqofZxR7mF82UBDqJQi5AtjCeLQ5K5e6Df2K5FckydxfTllPsjC5ZHClNe6JbckdRgakziySOkvw6V4c2tYt7zyTBWe5_pQIfxxZO7DQBNNZobNf1L56VHYOnHtZTtU13s-3a0e30NlA/s320/Pallegama-Siriniwasa-Nayaka-Thero-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZksVDR78SDKjbisu0QdqaPT5u1Xp7ijxMVTSAAGw18QkqofZxR7mF82UBDqJQi5AtjCeLQ5K5e6Df2K5FckydxfTllPsjC5ZHClNe6JbckdRgakziySOkvw6V4c2tYt7zyTBWe5_pQIfxxZO7DQBNNZobNf1L56VHYOnHtZTtU13s-3a0e30NlA/s72-c/Pallegama-Siriniwasa-Nayaka-Thero-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy