ඉන්දීය "රෝ" (RAW) බුද්ධි සේවාව සිය ඔත්තුකරුවන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කොට ඇති බව මෙරට බුද්ධි අංශ අනාවරණය කරග...
ඉන්දීය "රෝ" (RAW) බුද්ධි සේවාව සිය ඔත්තුකරුවන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කොට ඇති බව මෙරට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වෙනවා.
"රෝ" ආයතනය කොළඹ සිටින සිය ඔත්තුකරුවන්ට දැනුම් දී ඇත්තේ කොළඹ වරාය නගරය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට යි.
චීනය සහ ඉන්දියාව අතර අළු යට ගිනි සේ පවතින අර්බුධය මෙයට හේතු වී ඇති බව පැවසෙනවා.
වරාය නගරයේ ආයෝජන සිදු කිරීමේ අරමුණින් චීන හමුදා නිලධාරීන් එහි පැමිණෙන්නට ඉඩ ඇති බවට සහ චීන සබ්මැරීන් හෝ ප්‍රහාරක නෞකා ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් කොළඹ වරායට පැමිණෙන්නට ඉඩ ඇති බවට ඉන්දියාව සැක පළ කරනවා.
එමෙන්ම මෙරට පොලීසිය වෙත සන්නිවේදන ජාලයක් ලබා දීමට චීනය ගෙන ඇති තීරණය සම්බන්ධව ද "රෝ" බුද්ධි අංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව යි වාර්තා වන්නේ.
කොළඹ වරායට පැමිණ ඉන්ධන ලබා ගැනීමේ අවසරය ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකා වෙත ලබා දී ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
කොළඹ වරාය නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවට කිලෝමීටර 300ක් පමණ ආසන්නව යි.
මෙවන් පසුබිමක යුද වාතාවරණයක් ඇති වුවහොත් මෙරට චීන මධ්‍යස්ථානයක් වීමේ ඉඩ පිළිබඳව මීට පෙර ද ඉන්දීය මාධ්‍ය පවා ප්‍රශ්ණ කොට සිටියා.
එමෙන්ම මෙරට විද්වතුන් පවා අවධාරණය කළේ ලෝක බලවතුන් දෙපළකගේ යුද්ධයකට මැදි වීම ශ්‍රී ලංකාව වැනි රටක විනාශයට හේතුවන බවයි.
උපුටා ගැනීම - Asian Mirror

COMMENTS