ජනතාවට සේවය කිරීම සඳහා නව වාහනයක අවශ්‍යතාවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුම...
ජනතාවට සේවය කිරීම සඳහා නව වාහනයක අවශ්‍යතාවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා පවසයි.
නවක මන්ත්‍රීවරු 75ක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බවත් තමා වසර 5ක් පළාත් සභාවේ කටයුතු කළද වාහන බලපත්‍රයක් නොලැබුණු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අනුරාධපුර, පොළොන්නරුව, කෑගල්ල වැනි විශාල දිස්ත්‍රික්වලට කටයුතු කරන මන්ත්‍රීවරු දිනකට කිලෝමීටර් 250කට වැඩි ප්‍රමාණයක් මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඇවිදින බවත් එනිසා යන්න පුළුවන් වාහනයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් හෙතෙම සඳහන් කළේය.
ඇතැම් දිනවල තමා බස්රථයෙන් පාර්ලිමේන්තුවට ගිය බවත් අනුර කුමාර දිසානායක චෝදනා එල්ල කළද ඔහු යන්නේ පාපැදියෙන් නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මාසෙකට ගෙවීමේ ක්‍රමයට වාහන ගත් මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටින බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා නැති බැරි අපිට වාහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බවත් කියා සිටියේය.

COMMENTS