ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් සිදුවන්නේ ආර්ථිකය සංවර්ධනය වීම නොව ආපස්සට යාමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. පසුගිය ද...
ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් සිදුවන්නේ ආර්ථිකය සංවර්ධනය වීම නොව ආපස්සට යාමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. පසුගිය දා පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2017 හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ආර්ථික සංවර්ධනයට බාධාවක් වී ඇති ආයෝජන මණ්ඩලට වසා දැමිය යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
“අපගේ නෛතික තත්ත්වය හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී තමයි ගැටළු පවතින්නේ. ලංකා ආයෝජන මණ්ඩලය ස්ථාපිත කළේ අපගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහාය වීමට. නමුත් දැන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත.“
“නීත්‍යානුකූල ලෙස තම ව්‍යාපාර කරගෙන යාමට සූදානම් බොහෝ අපගේ ව්‍යාපාරිකයින්ට අයෝජන මණ්ඩලයෙන් නිරන්තරයෙන් බාධා එල්ල වෙනවා. මෙය ලංකාවේ ආර්ථික සංවර්ධනයට බාධාවක්. එය වසා දමන්න යෝජනවා කරනවා.“
COMMENTS