දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !
Homeප්‍රවෘත්ති

විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !

PropellerAds

උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මේ සාකච්ඡාව සදහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා , සෞඛ්‍ය හ...

"ජනපති සත පහකටවත් විශ්වාස කරන්න බෑ" - හිරුණිකාගෙන් සැර කතාවක් (VIDEO)
ෆේස්බුක් - ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි?
"අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට මෙය හොඳම කාලයයි" – බැසිල්
විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !

උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මේ සාකච්ඡාව සදහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා , සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා , විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අතුරුලියේ රතන හිමි, වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් බී විජේරත්න මහතා, උපායමාර්ගික ව්‍යවසාය කළමණනාකරණ ආයතනයේ  සභාපති අශෝක අභයගුණවර්ධන, ආචාර්ය පියසේන අභයගුණවර්ධන මහතා, ආචාර්ය රනිල් සේනානායක මහතා, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති , අධ්‍යක්ෂක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සංවිධාන නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ.

ග්ලයිපොසෙට් වලට රාජිතත් බකට් අදියි !
එහිදී සභාව අමතමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දන්ත වෛද්‍යවරයෙක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට විරුද්ධ වෙන බවයි. ඒ වෛද්‍ය විද්‍යාව තුළ සදහන් පරිදි යම් දෙයක් භාවිතයේදී ඒ පිළිබදව අනතුරු ඇගවීමක් තිබේ නම් එය වහාම නතර කළ යුතු වන බැවිනි. එය විද්‍යාත්මකව ඔප්පු වන තුරු භාවිතයට අවසර නැත යන රීතියට අනුව බවයි.

ක්ලයිමට් චේන්ජ් එකට ග්ලයිෆොසේට් තල්ලුව - ආචාර්ය රනිල්

ආචාර්ය රනිල් සේනානායක මහතා සිය අදහස් දක්වමින් සදහන් කළේ කදුකරයේ භූමිය තුළ පූර්ව වල් නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතය නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී පස බාල වන බවත් දිය සීරාව රැදීම අවම කරන බවත්  මේ තත්තවයන් ඉදිරියේදී ඇති වන කාලගුණ විපර්යාසයන්ට දැඩිව බලපාන බවත්ය.තවද ග්ලයිෆොසෙට් ශරීරගත වූ විට මානව ශරීරය තුළ සිටින කුෂුද්‍ර ජීවීන් විනාශ වන බවත් එය මානව පැවැත්මට දැඩිව බලපාන බවත් ඔහු පෙන්වා දෙයි.එබැවින්  කුමක් රැක ගතයුතු වුවද පළමු අවධානය ශරීර සෞඛ්‍ය කෙරෙහි යොමු විය යුතු බව ඔහු පවසයි.

ලාභයට වඩා අලාභයි - අතුරලියේ රතන

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අතුරුලියේ රතන හිමි ග්ලයිෆොසෙට් භාවිතයෙන් ලබන ලාභයට වඩා අලාභය කිහිප ගුණයකින් වැඩි බව පෙන්වා දුන්නේය.කදුරට තේ වගාවෙන් වාර්ෂිකව ලබන ආදායම රුපියල් බිලියන 1 1/2 ක් බවත් තේ ආදායමෙන් 75%ක් ගෙන එන්නේ කුඩා තේ වතු හිමිකරුවන් බවත් පැවසීය. පසුගිය රජයද ග්ලයිෆොසෙට් තහනම් කළ අතර එදිනම සවස නැවත තහනම ඉවත් කළ බව රතන හිමියන් පැවසීය.පවතින ආණ්ඩුව රටට හිතකර ලෙස ගත් එකම තීන්දුව වූ ග්ලයිෆොසෙට් තහනමත් නැති කරන්න යාම කණගාටුවට කරුණක් බව උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

මගේ මතේ තේ රැකගැනීම පමණයි - ඇමති නවීන්

මෙම විද්වත් සාකච්ඡාවට එක් වූ නවීන් දිසාකායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වසර 150 ක් පැරණි තේ කර්මාන්තය රැක ගත යුතුවේ යන මතයේ තමන් සිටින බව පැවසීය.

වල් නාශක හා පළිබෝධ නාශක පිළිබද ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම සදහා පත් කළ කමිටු වාර්තාව එම කමිටුවේ සිටි සාමාජිකයන් 10න් 7 දෙනෙක් අනුමත කර ඇති අතර බහුතර එකගත්වය මත තමන් වාර්තාව හා එකග වන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් ග්ලයිෆොසෙට් භාවිතයේ අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නම් මේ තහනමට තමන් එකග බව පවසන අමාත්‍යවරයා තේ කර්මාන්තයේ අභිවෘද්දිය වෙනුවෙන් විකල්ප ක්‍රම අවශ්‍ය බවත් ඒවා කාල රාමුවකට අනුව ක්‍රියාත්මක කළ යුතු
බවත් පැවසීය.

ග්ලයිෆොසෙට් නැත්නම් විකල්පය කුමක් ද ?

තේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාද පැවසුවේ ග්ලයිෆොසෙට් භාවිතා නොකරන්නේ නම් ඊට විකල්ප ක්‍රම යෝජනා  කරන ලෙසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වෛද්‍යවරු ඇතුළු වෙනත් විද්වතුන්  කරුණු පෙන්වාදෙමින් ප්‍රකාශ කළේ ග්ලයිෆොසෙට් තහනම් කළයුතු බවයි.

මේ වන විට යුරෝපා රටවල් රැසක ග්ලයිෆොසෙට් තහනම ක්‍රියාත්මක කර ඇත. වල් නාශනය සදහා රසායනික ක්‍රමවේද භාවිත කිරීමට වඩා භෞතික ක්‍රමවේදයන් කෙරෙහි යොමු විය හැකි බවත් එවැනි ක්‍රමවේද  දියුණු රටවල භාවිත් කරන බවත් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමේදී සෑම දෙනාම යම් කැපකිරීමක් කළ යුතු බවත් විද්වතුන්ගේ අදහස විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !
විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !
http://ift.tt/2u4Ssis
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_4315.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_4315.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy