අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබු නඩු 03ක් සඳහා ඇප ලබාදී...
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, කොළඹ පොලිස් මුලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතා සම්බන්ධයෙන් සහ ජුලි මස 09 වෙනිදා සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස වසන්ත මුදලිගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
මෙම නඩු 03 සඳහා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප 02ක කොන්දේසි පනවා ඇති බවයි ඔහුගේ නීතිඥවරු පැවසුවේ.
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවා තබා ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු එම චෝදනා වලින් නිදහස් කරන බවට ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියා.

COMMENTS