දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සල්ලි ගත්ත කල්ලියක් හෙලිකොප්ටරය බිම දාන කුමන්ත්‍රණයක - තිස්ස විතාරණ හෙලිකොප්ටරයේ සිට!
Homeප්‍රවෘත්ති

සල්ලි ගත්ත කල්ලියක් හෙලිකොප්ටරය බිම දාන කුමන්ත්‍රණයක - තිස්ස විතාරණ හෙලිකොප්ටරයේ සිට!

PropellerAds

නිදහස් ජනතා සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නා...

ත්‍රස්තවාදී චෝදනා ලැබ ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ලාංකික තරුණයා වෙනුවෙන් කොළඹදී උද්ගෝෂණයක්
පූජිතගේ නමට මිලියන 12ක චෙක් පතක් (VIDEO)
මුලතිව්හි ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක හින්දු කෝවිලක් ඉදි කරලා - පුරාවිද්‍යා නිලධාරීන්ට දේශපාලඥයින්ගෙන් බලපෑම්
නිදහස් ජනතා සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නායකයකු වන තමන්ට ආරාධනා නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පැවසීය.

මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ 07ක් තිබෙන බවත් ලංකා සමසමාජ පක්ෂය එහි සාමාජික පක්ෂයක් බවත් කී හෙතෙම සියලු පක්ෂ එකතු වී මැතිවරණයට මුහුණදීම සඳහා ගොඩනැගූ නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැටලුකාරී තත්ත්වයක් බවද සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානය යටතේ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා ලබාදීමේදී සිය පක්ෂය මගින් ද අපේක්ෂක ලැයිස්තු සඳහා නම් ඉදිරිපත් කළත් අවසන් ලැයිස්තු පිරික්සීමේ දී එම නම් බොහොමයක් හැලී ගොස් තිබුණු බවද හෙතෙම පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා ලංකා සමසමාජ පක්ෂය මගින් අපේක්ෂකයන් නම් ඉදිරිපත් කළත් ඒ කිසිවකුට නිදහස් ජනතා සන්ධානය තුළ ඉඩක් නොලැබුණු බවත් මේ නිසා පළාත් පාලන ආයතන කිහිපයකට සමසමාජ පක්ෂය යටතේ නාම යෝජනා ලබාදීමට සිදුවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වාමාංශික බලය වැඩිපුර පවතින මාතර දිස්ත්‍රික්කය සඳහා සමසමාජ පක්ෂය ඉල්ලා සිටියේ එක් අපේක්ෂක ධුරයක් පමණක් වුවත් එයද නොලැබුණු බව විතාරණ මහතා කීවේය.

ලංකා සමසමාජ පක්ෂයට විරුද්ධව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ කිසිවක් හමුවේ තමන් නොසැලෙන බවත් මහාචාර්වරයා වැඩිදුරටත් පැවසුවේය.

තම පක්ෂයට සිදුවන කෙනෙහෙලිකම් සම්බන්ධව තරහක් නොමැති බවත් මෙම සන්ධානය කඩා ඉහිරවීම පිණිස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු කීවේය. වෙනත් පාර්ශ්වයකින් මුදල් ලබාගෙන සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා පිරිසක් ඒ තුළට රිංගා ඇති බවට තමා සැකකරන බවද මුදල් මත සිදුවූ එවන් කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් නිදසුන් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එදා යහපාලන ආණ්ඩුව සමයේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ එම්.සී.සී. ගිවිසුම හා සෝපා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටියද මැතිවරණ පරාජය හේතුවෙන් එම උත්සාහය වැළකී ගිය නමුත්, අද වන විට රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ හා ඇමරිකානු තානාපතිවරිය එක්ව මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රහසේ සකස් කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් කෙසේ හෝ මෙම උත්සාහය ව්‍යර්ථ කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.

– Aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සල්ලි ගත්ත කල්ලියක් හෙලිකොප්ටරය බිම දාන කුමන්ත්‍රණයක - තිස්ස විතාරණ හෙලිකොප්ටරයේ සිට!
සල්ලි ගත්ත කල්ලියක් හෙලිකොප්ටරය බිම දාන කුමන්ත්‍රණයක - තිස්ස විතාරණ හෙලිකොප්ටරයේ සිට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmBdM_uKX5-Ry2mtclfwbmOhr3ApGVyl-CPa0VDPPspb_QrUWWiZdm_2RiKKKWMTpx7PDD1nL2K9mnpty1SII1J1Qi5dbriIfuzI9dVaaTJSKpfaBhDzjiq4ujeteeH_aCvhzLrS7se1U2mKSaJkE9xr3lc4Hk8EXzFSFJo3DBaTfoYX0UntHOIA/s320/tissa.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmBdM_uKX5-Ry2mtclfwbmOhr3ApGVyl-CPa0VDPPspb_QrUWWiZdm_2RiKKKWMTpx7PDD1nL2K9mnpty1SII1J1Qi5dbriIfuzI9dVaaTJSKpfaBhDzjiq4ujeteeH_aCvhzLrS7se1U2mKSaJkE9xr3lc4Hk8EXzFSFJo3DBaTfoYX0UntHOIA/s72-c/tissa.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_883.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_883.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy