දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානම්වූ පොලිස් ඇමති ටිරාන්ට ආණ්ඩුව ඇතුළෙන්ම මඩ ප්‍රහාරයක්!
Homeප්‍රවෘත්ති

පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානම්වූ පොලිස් ඇමති ටිරාන්ට ආණ්ඩුව ඇතුළෙන්ම මඩ ප්‍රහාරයක්!

PropellerAds

පොලිස් ස්ථාන 260ක් සඳහා පෙරේදා (23) දිනයේ නව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ට...

එජාප නායක හමුවට සජිත් කැදවයි.. කැමැත්ත ගෙන පෙන්වන්නැයි කියයි
ඇවන්ගාඩ් නඩුවට විරුද්දව ගෝඨා දැමූ පෙත්සම අභියාචනාධිකරණය පිලිගනී !
ගෝඨාගේ පොහොට්ටුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ - පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි
පොලිස් ස්ථාන 260ක් සඳහා පෙරේදා (23) දිනයේ නව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට දැඩිලෙස විරෝධය පළකර ඇතිබව වාර්තාවේ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අවලාද මෙහෙයුමකද ආරම්භකර ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

බුද්ධි සේවා ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙකු එසේ අවලාද මෙහෙයුමක් ආරම්භකර ඇත්තේ, තමන්ගේ ඡන්ද බල ප්‍රදේශ පොලිස් ස්ථානවලට තමන්ට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ලෙස පොලිස් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසාය.

ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේ පසුගිය මැයි මස 20 වෙනිදා ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම පත්වීම සිදුකරනු ලැබූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුව එම අමාත්‍යධුරයට යළි පත්කරනු ලැබිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම ටිරාන් අලස් වෙත පවරනු ලැබූ අතර ඒ අනුව දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානවලට සුදුසු පොලිස් ස්ථානාධිපතිවරුන් විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අමාත්‍යවරයා වහාම පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.

විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් මෙසේ දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් සඳහාම අලුතින් ම පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට තීරණය කර තිබුනේ, අදාල බල ප්‍රදේශවල දේශපාලන නායකත්වයේ නිදේශය මත කිසිඳු සුදුසුකමක් නොමැති පොලිස් ස්ථානාධිපතිවරු රැසක් ම පත්කර ඇතැයි නැඟුණ චෝදනා සලකා බලමිනි. 2021 වර්ෂයේදී ද පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරනු ලැබුවේ අදාල පොලිස් බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රෙකමදාරුව පමණක් සලකා බලමිනි. 2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව ඒ වනවිට අනාවරණ වී තිබිණ.

එම කාරණය අනාවරණය වුයේ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත යොමුකළ ලිපියකිනි.

2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලය තුළ පත්කර ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු සංඛ්‍යාව 184 කි.

මීට අමතරව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පොලිස් ස්ථානාධිපති ධූරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් අතරින් 03 දෙනෙකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් විය.

පසුගිය මැයි 09 වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා වලදී මැති ඇමතිවරුන්ගේ නිවාස හා දේපලවලට ආරක්ෂාවක් ලබානොදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ටද මිට ඉහතදී ආණ්ඩු පක්ෂයෙන් බරපතල විරෝධයක් එල්ලවී තිබිණ.

අරගලකරුවන් තමන්ගේ නිවෙස් දේපල ගිනිතබද්දී, තමන් විසින් පත්කල පොලිස් ස්ථානාධිපතිවරු පැත්ත පළාතකටවත් නොආ බව ඇතැම් මැති ඇමතිවරු ජනාධිපතිවරයා හමුවේ පවසා සිටි අතර පොලිස් ස්ථානවලට සුදුසු පුද්ගලයින් පත්කරන ලෙස ආණ්ඩුවේ මැති අමතිවරුන් ද ටිරාන් අලස් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ.

සියලුම පොලිස් ස්ථානවලට OIC ලා අලුතින් !

ඒ අනුව දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සඳහා, පොලිස් ස්ථානාධිපති (OIC) තනතුරු වෙනුවෙන් අයදුම්පත් බාර ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම්දී තිබිණ.

සැම පොලිස් ස්ථානයක් සඳහාම අලුතින් අයදුම්පත් කැඳවන ලෙසත්, එහිදී වඩාත් සුදුසු නිලධාරීන් තෝරාගැනීමේ දී අනුගමනය කරන ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය ප්‍රසිද්ධියට පත්කරන ලෙසත් අමාත්‍යවරයා, පොලිස්පතිට වැඩිදුරටත් උපදෙස් දී තිබිණ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස්පරීක්ෂකවරුන් (CI) මෙන්ම අනෙකුත් ප්‍රධාන පොලිස්පරීක්ෂකවරුන්ට ද අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිස් මුලස්ථානය විසින් දුන් දැනුම්දී තිබිණ.

කොන්දේසි පනවයි

දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන බවත්, සුදුසුකම් මත ඔවුන් නිවැරදි ස්ථානවලට පත් කිරීමට කටයුතු කරන බවටත් පොලිස් බාර අමාත්‍යවරයා පසුගිය මාස කිහිපයේදී මාධ්‍ය හමුවේ දී පවා අවධාරණය කළේය.

එසේම, තමන් පදිංචි ප්‍රදේශයේ හෝ තමන්ගේ හෝ බිරිඳගේ මුල් ගම් ප්‍රදේශවලට ආසන්න කිසිඳු පොලිස් ස්ථානයකට පත්වීම් නොදීමට ද අමාත්‍යවරයා තීරණය කර තිබිණ.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය ද මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පොලිස්පතිවරයාට නියෝගකර තිබිණ.

පත්වීම් දීපු හැටි සාධාරණ ද ?

පොලිස් ස්ථානාධිපතිවරුන් 270ක් සඳහා ස්ථාන මාරුවීම් සහ නව තනතුරු ලබා දීම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඊයේ සිදු කෙරුණා අතර එම ක්‍රියාවලිය ඉතාමත් විනිවිද භාවයකින් සිදුකෙරුණ බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

එම නිලධාරියා සඳහන් කල පරිදි, පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පොලිස් නිලධාරීන් 1300 ආසන්න පිරිසකගෙන් ඉල්ලුම් පත් ලැබී ඇත.

ඒ සඳහා පත්කෙරුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් එම පිරිස සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලද අතර එහිදී අයදුම්කරුවන් 1024 දෙනෙකු එම මණ්ඩලය විසින් තෝරාගෙන තිබිණි.

 එම නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව තෝරා නොගැනුණු අය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදෙන ලදී. එම දින 14 තුළ අභියාචනා ඉදිරිපත් කළ අය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අභියාචනා මණ්ඩලයක් පත්කෙරුණු අතර එහිදී තවත් 67 දෙනෙකු තෝරාගන්නා ලදී.

ඒ ආකාරයෙන් තෝරාගන්නා ලද 1091 දෙනෙකුගේ නාමලේඛනය අවසානයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ඒ නිලධාරීන්ගේ සුදුකම් අනුව ඔවුන්ව A1, A2, A3, B, C, D වශයෙන් ශ්‍රේණිගත කර තිබිණි. ශ්‍රී ලංකාවේ ඇති පොලිස් ස්ථාන 607 ද ඒ ආකාරයෙන්ම ශ්‍රේණිගත කර තිබෙන හෙයින් ගැලපෙන අයට අදාළ පත්වීම් ලබාදෙන ලදී. මෙහිදී තවත් කරුණයක් සැලකිල්ලට ගෙන තිබිණි. එනම් ඒ ඒ නිලධාරියාගේ උපන් ගම හෝ පදිංචි ගම හෝ බිරිඳගේ ගමට පත්වීම් ලබා නොදීමටයි.

එලෙසින් සකස් කෙරුණු ස්ථාන මාරුවීම් ලේඛනයපසුගියදා ප්‍රසිද්ධියට පත්කෙරිණි.

කිසිඳු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිද භාවයෙන් යුතු නිසි ක්‍රමවේදයක් අනුගමන කරමින් පොලිස් ස්ථානාධිපති පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව වශයෙන් ඊයේ දිනය පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයට එක්වනු ඇතැයි අප වෙත තොරතුරු ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තමන්ගේ හිතවතුන් පත්කරන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පොලිස්පතිවරයාට යොමුකර තිබු ලිපි කිහිපයක පිටපත් පහත පළවේ.

උපුටා ගැනීම - theleader.lk










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානම්වූ පොලිස් ඇමති ටිරාන්ට ආණ්ඩුව ඇතුළෙන්ම මඩ ප්‍රහාරයක්!
පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානම්වූ පොලිස් ඇමති ටිරාන්ට ආණ්ඩුව ඇතුළෙන්ම මඩ ප්‍රහාරයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOCOkVuvXxa8Pt_ab_yojhaeR_TnBesF1c4PJhQuzbV4U6lEdWozAeQCx2t0QEKEKvI7PTSHyM9F2K_OdKgBSdZPZ_dWNPJLqUbYSMEIkPf2OjPB3Nk1JAaaTGmGX1gocPZvQc-fJA740_sCzF9MkIVCbRUYHONFbDU0oEfzsuFY8CeCLXwv2HhU6DIQ/s320/public-security-minister-tiran-alles.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOCOkVuvXxa8Pt_ab_yojhaeR_TnBesF1c4PJhQuzbV4U6lEdWozAeQCx2t0QEKEKvI7PTSHyM9F2K_OdKgBSdZPZ_dWNPJLqUbYSMEIkPf2OjPB3Nk1JAaaTGmGX1gocPZvQc-fJA740_sCzF9MkIVCbRUYHONFbDU0oEfzsuFY8CeCLXwv2HhU6DIQ/s72-c/public-security-minister-tiran-alles.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy