දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශාෆ්ටර් ඝාතනය : ලියුම, වයර් කෑලි බොරුවක්.. තවමත් හරි තොරතුරු නෑ..- පොලිසිය
Homeප්‍රවෘත්ති

ශාෆ්ටර් ඝාතනය : ලියුම, වයර් කෑලි බොරුවක්.. තවමත් හරි තොරතුරු නෑ..- පොලිසිය

PropellerAds

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය තවමත් අබිරහසක් බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සහ සමාජ ජාලා වෙබ...

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ
ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් කරූට චෝදනාවක් (VIDEO)
"දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නෑ" - සුමන්තිරන්
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය තවමත් අබිරහසක් බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සහ සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිවැරදි තොරතුරු ලැබී නැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඇතැම් මාධ්‍ය වගකීම් රහිතව පළකරන ප්‍රවෘත්ති නිසා විමර්ශන කටයුතුවලට ද විශාල බාධාවක්වී ඇති අතර සමාජය තුළ වැරදි මතයක් ගොඩනැඟෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ එසේ කළ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බවයි.

ඇතැම් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කරන බවත් එය ඉතාම භයානක තත්ත්වයක් බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ශාෆ්ටර් මහතා සිය මවට ලියූ ලිපියක් හමුවූ බවට පළවූ ප්‍රවෘත්තිය ද අසත්‍ය බවත් ඒ මහතාගේ ගෙල සිරකර තිබූ වයරයට සමාන වයරයක කොටසක් නිවසින් හමුවූ බවට පළවූ වාර්තා ද සත්‍යයෙන් තොර බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන ඒවාද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය දැඩි අවධානය යොමුකර ඇත.

මේ අතර ජනශක්ති ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූහ.

මෙම හමුව සඳහා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවී තිබේ.

මෙම මිනීමැරුම පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට අසීරුවීම මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා රහස් පොලිස් කණ්ඩායමට උපදෙස් රැසක් ලබා දී ඇත.

මේ හැර දිනේෂ් ශාෆ්ටර් මහතා සිය වාහනය පදවාගෙන ගිය අයුරු දැක්වෙන ආරක්‍ෂක කැමරා පද්ධතිය වඩාත් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

මෙම අභිරහස් මිනීමැරුවේ සුලමුල අනාවරණය කරගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇත.

මේ හැර උපායදූතයන් රැසක්ම යොදාගෙන ඇත. මිනීමැරුම සිදුකළ ඝාතනයන්ට නීතියේ රැහැනින් මිදීයෑමට කිසිසේත් ඉඩ නොලැබෙන බව පොලිසිය කියයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
– දිවයින
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශාෆ්ටර් ඝාතනය : ලියුම, වයර් කෑලි බොරුවක්.. තවමත් හරි තොරතුරු නෑ..- පොලිසිය
ශාෆ්ටර් ඝාතනය : ලියුම, වයර් කෑලි බොරුවක්.. තවමත් හරි තොරතුරු නෑ..- පොලිසිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinbb8x2YRXu0vMikCO99DybvkidKHQsz65MaegVuZGhsAdvkyoP3EB0G1XHRST1lmEOWkcCYfBZZkZYFJw62YF2C5WydPq7ZIXqWY9rzy3fbLr2gtgiQu7JgXoO_xPFKxkswePNjZVhamPAGDpQPrIU8AiMl2sw5mXOItP7abuit_6e95LMpR-f_pBhQ/s320/shafter123.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinbb8x2YRXu0vMikCO99DybvkidKHQsz65MaegVuZGhsAdvkyoP3EB0G1XHRST1lmEOWkcCYfBZZkZYFJw62YF2C5WydPq7ZIXqWY9rzy3fbLr2gtgiQu7JgXoO_xPFKxkswePNjZVhamPAGDpQPrIU8AiMl2sw5mXOItP7abuit_6e95LMpR-f_pBhQ/s72-c/shafter123.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy