දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආරක්ෂක වියදම පහළට! පළමු තැන සමාජ ආරක්ෂණයට – කරුණු 4ක් ගැන අවධානය – ජනපති රනිල්ගේ මංගල අයවැය මෙන්න

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තු...

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව නිරීක්ෂණය කර තිබෙනවා.

මේ අතර ලබන වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් බිලියන 7885ක් (බිලියන හත්දහස් අටසිය අසූපහක්) 2023 වර්ෂයේ දී රජය වියදම් කරන්න බලාපොරොත්තු වන බවත්, රුපියල් බිලියන 1785ක් (රුපියල් බිලියන එක්දහස් හත්සිය අසූ පහක්) 2022  වර්ෂයට වඩා 2023 වර්ෂයේ රජය වියදම් කිරීමට බලාපොරොත්තු වන බවත්.එය 29.2%  වැඩිවීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම පුනරාවර්තන වියදම් සහනාධාර, වැටුප් වැනි දෑ සඳහා බිලියන 2442ක් (බිලියන දෙදහස් හාරසිය හතලිස් දෙකක්) 2023 වර්ෂය සඳහා රජය වෙන් කර ඇතැයි ද ,ප්‍රාග්ධන වියදම් වන ඉදිකිරීම් සඳහා කරන වියදම් හා ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති වියදම් රුපියල් බිලියන 1221ක් ද , ණය වාරික සහ පොලී සඳහා බිලියන 4218ක වියදමක් සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අවස්ථාවේ විශේෂයෙන්ම ජනතාව විශාල වශයෙන් සහන බලාපොරොත්තු වෙන අවස්ථාවක් බවත්, මෙතෙක් සාමාන්‍යයෙන් විසර්ජන පනතක මූලිකව තිබූ ආරක්ෂක වියදම පහතට ගොස් ඇති බවත් පළමුව සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක් ද අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක් ද , සෞඛ්‍යයට බිලියන 432ක් ද , රාජ්‍ය ආරක්ෂාවට බිලියන 410ක් මෙවර වෙන්කර ඇතැ යි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

2023 වර්ෂය නැඟී සිටීමට උත්සාහ කරන වර්ෂයක් බවත්, ආර්ථීක වශයෙන් ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී ඇති මෙහොතක කෙමෙන් කෙමෙන් නැගී සිටින්න උත්සාහ කරන ආර්ථිකයක් නිර්මාණය කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක වියදම පහළට! පළමු තැන සමාජ ආරක්ෂණයට – කරුණු 4ක් ගැන අවධානය – ජනපති රනිල්ගේ මංගල අයවැය මෙන්න
ආරක්ෂක වියදම පහළට! පළමු තැන සමාජ ආරක්ෂණයට – කරුණු 4ක් ගැන අවධානය – ජනපති රනිල්ගේ මංගල අයවැය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjceJmaNF9TN8Z-iIvvkc2z890RMmnBpoUq-gqKVK8JMHeyrMUfiWaRfpbssMEJpTbWpiWmoNHnl6tiWZ_eEonJR3RTYIVEHIxc4ngDeZPHVs-3VFXuv-0i2EuNz1L09ggxesIbR9OtjfLvtV9LoOHLaLqfA_fR2EgTD2o1MfHYEzJz5AWVWt97pQ/w320-h171/ranil.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjceJmaNF9TN8Z-iIvvkc2z890RMmnBpoUq-gqKVK8JMHeyrMUfiWaRfpbssMEJpTbWpiWmoNHnl6tiWZ_eEonJR3RTYIVEHIxc4ngDeZPHVs-3VFXuv-0i2EuNz1L09ggxesIbR9OtjfLvtV9LoOHLaLqfA_fR2EgTD2o1MfHYEzJz5AWVWt97pQ/s72-w320-c-h171/ranil.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/4_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/4_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy