මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ...

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කර සිටියා.
2015 අංක 43 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති 8 සහ 9 ප‍්‍රකාරව මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පසුගිය (15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ප‍්‍රකාශයක් ලබා ගැනීමට රෝහිත රාජපක්ෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබියදී රෝහිත රාජපක්ෂගේ සහායට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මෙම තර්ජනය කර ඇති බවද වාර්තා වේ.
මෙලෙස තර්ජනය කර ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දක්ෂ විමර්ශන නිලධාරියකු වන උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත්ට බවද පොලිස් ආරංචි කියයි.
COMMENTS