තමන් ළඟ මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සූක්ෂ්ම ලෙස භාවිත කිරීමට, මූල්‍ය වංචා සම්බන්ධයෙන...
තමන් ළඟ මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සූක්ෂ්ම ලෙස භාවිත කිරීමට, මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බව විමර්ශෂනවලදී අනාවරණ වී ඇත.

ඔවුන්ගෙන්ද මෙම කාන්තාව මුදල් ආයෝජන ලබාගෙන ඇති අතර ඒවා නිසි කලට වෙලාවට පියවා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කරයි.
වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන්ගෙන් අයකු මෑතදී රජයට එක්වූ තරුණ අමාත්‍යවරයෙකි.
ව්‍යාපාරික සබඳතා සහිත මෙම තරුණ අමාත්‍යවරයාගෙන් ආයෝජන ලෙස මුදල් ලබාගෙන ඇති අතර, තිළිණි කර ඇත්තේ අදාළ ගනුදෙනු නිසි කලට පියවා තමන් ඉලක්ක කරන සෙසු ආයෝජකයන්ට ‘අහවල් ඇමතිතුමාත් මේකට සල්ලි දැම්මා, වෙලාවට ගනුදෙනු කළා. බොරු නම් අහල බලන්න’ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.
අදාළ අමාත්‍යවරයා දන්නා පුද්ගලයන් ඔහුගෙන් මෙම කාන්තාව පිළිබඳ විමසූ විට තමන්ට මුදල් ආයෝජනය කළ බවත් අදාළ ප්‍රතිලාභ නියමිත ආකාරයට ලබාදුන් බවත් සඳහන් කර ඇති බව කියවේ.
තිළිනි සෙසු ආයෝජකයන්ගේ විශ්වාසය ලබාගැනීම සඳහා එලෙස සූක්ෂ්ම ලෙසින් මෙම තරුණ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇත.
අදාළ සැකකාර කාන්තාව පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට විමර්ශන අංශ විසින් අනාවරණ කරනු ලැබ ඇති අතර ඇය මීට අමතරව විවිධ ප්‍රභූ කාන්තාවන්ද සූක්ෂ්මව සිය ප්‍රචාරණයට සම්බන්ධ කරගෙන ඇති බව ද වාර්තා වේ.
lankasara

COMMENTS