දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල්වාදී පිලේ මන්ත‍්‍රීවරුන් 20ක්වත් නෑ..
Homeප්‍රවෘත්ති

බැසිල්වාදී පිලේ මන්ත‍්‍රීවරුන් 20ක්වත් නෑ..

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල්වාදී මන්ත්‍රීවරුන්ට 113ක් නොව මන්ත්‍රීවරුන් විස්සක් වත් නැති බව ඊයේ පෙනී ගිය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්ත...

බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ වන ලකුණු !
ආපදා තත්වයක් ඇති වුවහොත් ආණ්ඩුව සූදානම්
ආදරෙයි ආනන්ද - කාංචනා ප්‍රියකාන්ත
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල්වාදී මන්ත්‍රීවරුන්ට 113ක් නොව මන්ත්‍රීවරුන් විස්සක් වත් නැති බව ඊයේ පෙනී ගිය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව ඒ සඳහා බොහෝ විවේචන එල්ල වුණා මෙමගින් ජනාධිපතිවරයාට ලබාදීලා තියෙන අසීමාන්තික බලතල මඟින් ඒකාධිපතියෙකු බිහිවිය හැකි බවටත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලී යා හැකි බවටත්. නමුත් එම ව්‍යවස්ථාව තුළ වුවත් පාර්ලිමේන්තු බහුතර බලය ජනාධිපතිවරයාගේ පක්ෂයට නොතිබුණා නම් ප්‍රශ්න මතුවන බව 2002 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිදුවූ සිදුවීමෙනුත් 2018 මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූ සිදුවිමෙනුත් පෙනී යනවා. මේ හේතුවෙන් 1994 චන්ද්‍රිකා මහත්මිය සේම 2005 මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා සේ බොහෝ දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙම ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන්නා. නමුත් පසුව අප 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවාදයත් ජනාධිපති ක්‍රමයත් එකතු කර මිශ්‍ර ක්‍රමයකට 2015දී එළඹුණා. එමගින් ජනාධිපතිවරයා තමන් කැමති යට ඇමති ධුර ලබාදීමේ බලයත් අධිකරණයේ තනතුරු පත්කර අධිකරණයට ඇඟිලි ගැසීමේ බලයත් ඉවත්කර එම බලතල ස්වාධීන කොමිෂන් සභා වලටත් අගමැතිවරයා අතටත් ලබාදීමට හැකි වුණා.

නමුත් රට ඉදිරියට ගෙනියන්න ජනාධිපතිවරයාට අසීමාන්තික බලතල අවශ්‍ය බව කරළියට ඇවිල්ලා 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 20 සංශෝධනය හරහා නැවත 1978 තිබුණා වගේම, අසීමාන්තික බලතල පවරා දීමක් කළා. නමුත් පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබීම නිසා ඔහු ගත වැරදි මුල්‍ය තීරණ විසින් රට බංකොලොත් තත්වයට පරිවර්තනය වුණා. ඒක නිසා නැවත වතාවක් අධිකරණයේ, පොලිස් සේවයේ, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිහිටුවන්න 21ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. මේ තත්වය තුළ ඇතැමෙකුට කියන්න පුළුවන් 19 සංශෝධනය තිබුනට වඩා ජනාධිපතිවරයාට බලතල ලැබිලා තියෙනවයි කියලා. ඒකට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන නීතිමය තර්ක ගේන්න පුළුවන් වුණත් ඒක තමයි දැනට පවතින තත්වය. ඒ වගේම ඉතාමත්ම අත්තනෝමතික විදියට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ක්‍රියාකරන්න පටන්ගත්තා ද්විත්ව පුරවැසි ප්‍රශ්නය පිළිබඳව. දැනට වාර්තා වෙලා තියෙනවා 10 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒ ද්විත්ව පුරවැසිභාවය දරණ සියලු දෙනාම නම්බුකාර පිටින් ඉල්ලා අස්විය යුතුයි. මිනිස්සුන්ට ලංකාවේ ද්විත්ව පුරවැසිකම දුන්නට කමක් නැහැ. රටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න, හැබැයි මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කරන දේවල් වලට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ.

***අපි දකිනවා පැහැදිලිවම බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක හිටපු කණ්ඩායමක් මේක මග ඇරලා යනවා කියලා. යන අය සහ ජනාධිපතිවරයාට සහයෝගය දීපු කට්ටියත් එක්ක සංසන්දනයක් කරොත් ඔබතුමා මොකද්ද කියන්නේ?

විදේශගත වෙලා ඉඳලා තිබෙන බව වාර්තා වෙනවා ආණ්ඩු පක්ෂයේ 11 දෙනෙක්. ඡන්දේ දීලා නැහැ 30 පමණ. බැසිල් රාජපක්ෂ මහත්මයාට හිතවත් පොහොට්ටුවේ බලය තියෙන පිරිස දිගටම කිව්වේ අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට දේශපාලනයට එන්න තියෙන අවකාශය වැළැක්වීම සඳහා මේක කරනවා කියලා. එතුමාට අනාගතයේ සමහරවිට පාර්ලිමේන්තුවට එන්න. අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්න, ජනාධිපතිවරණයට තරඟ කරන්න බලාපොරොත්තු තියෙන්න ඇති. එහෙම තිබුණා නම් එතුමා කළ යුතුව තිබුණේ ඇමරිකන් පුරවැසිකම අත්හැරලා එන එක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු අත්තනෝමතික විදියට ක්‍රියා කළා. ඔවුන් හිතුවා ඔවුන් තමයි පාර්ලිමේන්තුව, ජනාධිපති පාලනය කරන්නේ කියලා. ප්‍රසිද්ධියේම කීවා එයා අපි කියන විදිහට ඉන්න ඕනේ. එයා මහින්ද රාජපක්ෂ මහත්තයා දෙන අණ අනුව ඉන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට හොඳ පාඩමක් ඊයේ ඡන්දෙන් ලැබුණා. තමන්ට113 නෙමෙයි මන්ත්‍රීවරුන් 20ක්වත් නැහැ කියලා ඒගොල්ලන්ට පෙනුණා.

ඒ වගේම ආණ්ඩුව දැන් වහාම විශේෂයෙන්ම දූෂණ මර්දන පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වැදගත් නීති සම්පාදනය කරගත යුතුයි. රටේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට මුල්‍ය රෙගුලාසි පනත නවීකරණය කරලා, මහ බැංකුව ස්වාධීන කරලා, ඒ පනත ශක්තිමත් කරන්න ඕනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා මහ බැංකු අධිපතිවරුන් ගැන තීරණ ගැනීමට හැකිවන පරිදි මුල්‍ය වගවීමේ පනත, Responsibility Management එක අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය 1978 ත්‍රස්ත පනත වෙනුවට ශක්තිමත් සයිබර් අවකාශයේ සිදුකරන ත්‍රස්ත ක්‍රියාවන් වලටත් පිළිතුරු දෙන්න පුළුවන් පනතක් ගෙන ඒමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

Media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල්වාදී පිලේ මන්ත‍්‍රීවරුන් 20ක්වත් නෑ..
බැසිල්වාදී පිලේ මන්ත‍්‍රීවරුන් 20ක්වත් නෑ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhY6OzMX_z0jcUDM8ITfth4K8rJ-gO0aMrtcF52gIjJbxCVN_Gfu-zBPkVe7bcPWVGCX8G5ASFAtZ_RWnHa6ECwmqW6kQ28rlAZAGd6_XqHBREFjKrQxg8MPuDEWmz3jUtgfAkTcsjPKjPUh4jv1eN7SAf5-shRGjnCiu7Gp1xVJAgKWVmB5iNNiHBGVA/s320/bss.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhY6OzMX_z0jcUDM8ITfth4K8rJ-gO0aMrtcF52gIjJbxCVN_Gfu-zBPkVe7bcPWVGCX8G5ASFAtZ_RWnHa6ECwmqW6kQ28rlAZAGd6_XqHBREFjKrQxg8MPuDEWmz3jUtgfAkTcsjPKjPUh4jv1eN7SAf5-shRGjnCiu7Gp1xVJAgKWVmB5iNNiHBGVA/s72-c/bss.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy