දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට අරාජික වීමේ අනතුරක්… සුපිරි වෙළද සැල් කඩා ජනතාව භාණ්ඩ පැහැරගනීවි - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

රට අරාජික වීමේ අනතුරක්… සුපිරි වෙළද සැල් කඩා ජනතාව භාණ්ඩ පැහැරගනීවි - ගම්මන්පිල

PropellerAds

ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර සහ ඖෂධ හිඟයකට කඩිනම් විසදුම් සෙවීමට අපොහොසත් වූවහොත් ඇතිවන අරගලය පසුගිය අප්‍රියෙල් මස ඇතිවූ තත්වයට වඩා අතිශ්‍ය...

මහ ඡන්දෙන් පැරැදුණාට මාලිමාවෙන් කොළඹ නගරාධිපතිකමට දාන්නේ බල්තසාර්ව! VIDEO
රූපවාහිනි, ITN රජයෙන් තවත් නඩත්තු කරන්න බෑ... මුදල් උපයාගන්න – ජගත් මනුවර්ණ
දැන් රනිල්ගේ බටලන්ද වාර්තාව එළියට ඇවිත්! වහාම රනිල්ට එරෙහිව නඩු පවරන්න! රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න! 88-89 කාලෙ බටලන්දෙදි ඝාතනය වුණු ජවිපෙ සාමාජිකයන්ට සාධාරණය ඉෂ්ට කරන්න!
ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර සහ ඖෂධ හිඟයකට කඩිනම් විසදුම් සෙවීමට අපොහොසත් වූවහොත් ඇතිවන අරගලය පසුගිය අප්‍රියෙල් මස ඇතිවූ තත්වයට වඩා අතිශ්‍යයින්ම භයානක තත්වයක් විය හැකි බවට ආණ්ඩුවට අනතුරු අගවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ඉදිරියේ දී ආහාර සහ ඖෂධ හිඟයක් ඇති වන බව පේනවා. රෝහල්වල ඖෂධ හිඟ බවට වෛද්‍යවරු මැසිවිලි නගනවා. පාසල් දරුවන් වේල් දෙකක් ආහාර නොගෙන ඉඳලා පාසලේ දී කලන්තේ හැදෙන බවට ගුරුවරු පවසනවා. ගෙවල්වල උයන්න දෙයක් නැති බව පවසමින් ගෘහණියන් හඬා වැටෙනවා. කවුරුන් සඟවන්න හැදුවත් ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බව තිත්ත ඇත්තක්.

පසුගිය අප්‍රේල් මාසයේ දී ජනතා නැගිටීමක් සිදුවුණේ තෙල් සහ ගෑස් හිඟය නිසා ඇති වුණු පීඩනය නිසා. ඇත්තෙන්ම විදුලිය, ඛනිජතෙල් ගෑස් වගේ භාණ්ඩවල හිඟය මාරාන්තික නෑ. මීට වසර 200කට කලින් මේ භාණ්ඩ නැතිවත් මිනිස්සු ජීවත් වුණා. නමුත් ආහාර සහ ඖෂධ නැතිව ජනතාවට පැවැත්මක් නෑ. ඖෂධ නැතුව සිය දෙමව්පියන් මිය යන විට දරුවන් මාරාවේෂ වෙනවා. කුසට අහරක් නැතුව දරුවන් මොර දෙන විට දෙමව්පියන් මාරාවේෂ වෙනවා. එහෙම නම් මේ අර්බූදයට කඩිනම් විසඳුම් සෙව්වේ නැතිනම් මාරාවේෂ වූ ජනතාවගේ කෝපයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවේවි. තමන්ගේ දෙමාපියන්ගේ මරණ හමුවේ, පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගීසිටීමක් සිදු උනොත් එය අප්‍රියෙල් මාසයටත් වඩා අතිශයින්ම භයානක තත්වයක් බවට අපි ආණ්ඩුවට අනතුරු අගවනවා.

ඒ වගේම රට අරාජික වීමේ අනතුරක් තිබෙනවා. තමන්ගේ දරුවන්ට කන්ඩ දී ගත නොහැකිව මානසිකව කඩා වැටිලා යක්ශාවේෂව සිටින දෙමාපියන් සුපිරි වෙළද සැල් වටකරලා ඒවා කඩලා ඒ වගේ භාණ්ඩ මිනිසුන් අතර බෙදාගන්න පුළුවන්. වෙළද සැල් වලටත් කඩා පැනලා ඒ වගේ තියෙන කෑම ටික පවා තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න අරන් යන්න පුළුවන්. මේක තව දුරටත් වර්ධනය වුනොත් ජනතාව යමක් කමක් තියෙන නිවෙස් වට කර උයලා තිබෙන කෑම ටික පවා මංකොල්ල කෑමට කුසගින්නේ පෙළෙන දරුවන්ගේ දෙමව්පියන් පෙළබීමේ දැවැන්ත අවදානමක් තියෙනවා.

ලෝකය වටේ සිඟමන් යැදීම මේ අර්බූදයට ඇති එකම විසඳුම නොවේ. ජනතා නැගිටීම තලා දමන්න සැලසුම් සැකසීමත් මේ අර්බූදයට විසඳුම නොවේ. අර්බූදයට වෙනත් උත්තර හොයාගන්නට ආණ්ඩුව මේ දක්වා කටයුතු කර නැහැ. බටහිර ඖෂධ ගේන්න ඩොලර් අවශ්‍ය උනත් දේශීය වෙදකමට අපිට ඩොලර් අවශ්‍ය නෑ. අපේ රටේම තියෙන ශාක වලින් තමයි දේශීය ඖෂධ සකස් වෙන්නේ. ආණ්ඩුව දේශීය වෙදකම ප්‍රචලිත කරන්නේ නැත්තේ ඇයි? නමුත් ආණ්ඩුව විසින් දේශීය වෙදකම ප්‍රචලිත කරන මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කර නෑ. අත් බෙහෙත් පිළිබඳ පොතක් මුද්‍රණය කර ජනතාව අතර බෙදා හැර තිබෙනවා ද? නැතිනම් අන්තර්ජාලයට එක් කර තිබෙනවා ද? ඒ කිසිවක් ආණ්ඩුව කරලා නෑ.

අහාර අර්බූදයත් එහෙමයි. ආනයනිත ආහාර හිඟයි නම් මිල දී ගන්න මුදල් නැතිනම් කෙටිකාලින පෝෂ්‍යදායක අල වර්ග ධාන්‍ය වර්ග වගා කරන්න ජනතාව යොමු කරන්න පුළුවන්. හැමෝටම පෝෂ්‍ය ගුණය ඉහළ එළවළු ගෙවත්තේ වගා කිරීම දිරි ගන්වන්න පුළුවන්. අඩු මිලට පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගන්න අන්දම මාධ්‍ය මගින් ප්‍රචලිත කරන්න පුළුවන්. යුද්ධ කාලයේ දී දියත් කළ ඉතාම සාර්ථක “අපි වවමු – රට නගමු” වැඩසටහන යළි දියත්කිරීමට කාලය ඇවිල්ලා කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

විශ්‍රාම වයස අවුරුදු හැට කිරීම අතාර්කිකයි

ආණ්ඩුව විසින් විශ්‍රාම ගැන්වීමේ වයස 2022 ජනවාරි 1දා සිට 63 සිට 65 දක්වා වැඩි කලා. නමුත් අතුරු අයවැයෙන් නැවත එය අවුරුදු 60 දක්වා අඩු කර තිබෙනවා. විශ්‍රාම ගැනීමේ වයසේ ඉන්න අය මේකට විරුද්ධයි. නමුත් ඉන්න අය විශ්‍රාම ගියාම අපට උසස්වීම් ලබා ගන්න පුළුවන් කියා සිතන තරුණ අය මේකට පක්ෂයි. නමුත් අපි මේ ප්‍රශ්නය දෙස බලන්න ඕනෑ අපට මොකද වෙන්නේ කියන කෝණයෙන් නොවේ. රටට මොකද වෙන්නේ කියන කෝණයෙන්.

අළුත් චක්‍රලේඛනය අනුව මේ වසරේ දී වයස 64, 63, 62, 61 සහ 60 යන වයස් සම්පූර්ණ කරන කණ්ඩායම් පහක් එකවර විශ්‍රාම ගන්නවා. ආයතනයක ජ්‍යෙෂ්ඨතම නිලධාරින් විශාල පිරිසක් එකවර විශ්‍රාම ගැනීම ඒ ආයතන කඩා වැටීමට බලපානවා.

ඒ වගේම 1995 දී අවුරුදු 69ක් වුණු ලංකාවේ පරමායුෂ අද අවුරුදු 77 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. වයස අවුරුදු හැටෙන් විශ්‍රාම ගන්වන පුද්ගලයාට වසර 17ක් ආණ්ඩුව විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෑ. කලාත්‍රයා ජීවත් වෙනවා නම් එයා මිය යන තුරු විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෑ. පරමායුෂ වැඩි වුණා කියන්නේ සේවය කළ හැකි වයස ද වැඩි වුණා කියන එකයි. ඔන්න ඔය කාරණය නිසා අද ලෝකය පුරාම විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.

රාජ්‍ය සේවය කුඩා කරන්න කියලා හැමෝම උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ වියදම අඩු කරන්න මිස වැඩි කරන්න නොවේ. නමුත් විශ්‍රාම වයස වසර පහකින් පහත දැමීමෙන් සිදු වන්නේ රාජ්‍ය වියදම වැඩිවීමක් මිස අඩුවීමක් නොවේ.

ප්‍රශ්නය –

මන්ත්‍රිතුමා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පාගමනට පොලිසිය එල්ල කරපු ප්‍රහාරය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර –

රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත් කරලා තියනවා, එතන බරපතළ නීතිමය ගැටලුවක් තියෙනවා 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත යටතේ තහනම් කලාප කියලා යම් ප්‍රදේශයක් නම් කරන්න ආරක්ෂක ඇමතිවරයාට බලය තියෙනවා. හැබැයි ඒ අධි ආරක්ෂිත කලාප සම්බන්ධයෙන් වගේ නෙමේ තහනම් කලාප නිශ්චිත සීමාව ලකුණු කරන්න ඕනෙ. මෙතනින් එහාට ඇතුළු වෙන්න බැහැ කියලා නිශ්චිත සීමාවක් ලකුණු කරන්න ඕනේ , ඒ සීමාව ඇතුළට යන්න පුළුවන් වෙන්නේ බලපත්‍රයක් තියන අයට පමණයි. හැබැයි මෙතන කරල තියෙන්නෙ සාමාන්‍ය ජනතාව ගැවසෙන විශාල භූමි ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරලා තියෙනවා , එතකොට සාමාන්‍ය අවස්ථාවේ ජනතාව ඉන්නවා, ඕන වෙලාව කෙනෙක් අල්ලගෙන අහන්න පුළුවන් කෝ ඔයාගේ බලපත්‍රය කියලා , ඒ නිසා මේකෙ බැලූ බැල්මට මානව හිමිකම් කඩවීමක් තියෙනවා කියලා පේනවා. ජනාධිපති මන්දිරයට ජනාධිපති කාර්යාලයට , අගමැති මන්දිරයට අගමැති කාර්යාලයට යම් පුද්ගලයන් බලහත්කාරයෙන් ඇතුළුවෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. මොකද අපි දැක්කා පහුගිය සිදු වීම්, රටේ රාජ්‍ය රහස් ටික තියෙන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලයේ, නැත්තං ජනාධිපති මන්දිරයේ හරි අගමැති මන්දිරයේ හරි , එතකොට මෙතෙන්ට කවුරුහරි අනවසරයෙන් ඇතුළු වෙලා තියෙන ලිපි ලේඛන අරගෙන යනවා නං එතන තියෙන බඩු භාණ්ඩ ගෙදර ගෙනියනවා නම්, රට දැවැන්ත අනතුරකට ලක් වෙනවා. ඒක නතර කර ගත යුතුයි හැබැයි, මේ කරල තියෙන ආකාරය නම් බැලූ බැල්මට නීති විරෝධී බවක් පේනවා.

ජනතාවට සාමකාමීව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාව තිබිය යුතුයි. කවුරුහරි නීතිය අතට ගන්න සූදානම් උනොත් ප්‍රචණ්ඩ වුනොත් තමයි පොලිසියට ඒක නතර කරන්න පුළුවන්, රටේ නීතියට අනුකූලව යම් කෙනෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරන තාක් එය නතර කරන්න ආණ්ඩුවට බලයක් හැකියාවන් නෑ.

ප්‍රශ්නය –

රාජ්‍ය නිලධාරීන්ට මුදල් ගෙවීමට පවා හැකියාවක් නැහැ කියලා කියනවා. ඒ ගැන මොක්කද ඔබතුමාගේ අදහස.

පිළිතුර –

ඇත්තෙන්ම ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය බර වැඩියි. ලෝක සම්මතය අනුව නම් ජනගහනයට සාපේක්ෂව ලංකාවේ ඉන්න ඕනේ ලක්ෂ 8 ක විතර රාජ්‍ය සේවයක්. හැබැයි ලක්ෂ පහළොවක් ඉන්නවා, හේතුව මොකක්ද ? අපේ රටේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් අපිට රැකියා දියව් කියලා උද්ඝෝෂණ කරන එකෙන් අදහස් කරන්නේ ආර්ථිකය තුළ රැකියා අවස්ථා ජනිත කරන්න කියලා . ඉතිහාසය පුරාම ආණ්ඩු රැකියා ප්‍රශ්නය විසදුවේ මොකක් හරි බොරු නමක් දාලා රස්සාව නැති තරුණ තරුණියන්ට ආණ්ඩුවෙ රැකියාවක් හදලා දෙනඑක. ඒ නිසා ලෝකයේ වෙනත් කිසිම රටක දකින්නැති ආකාරයෙන් අති දැවැන්ත රාජ්‍ය සේවයක් ලංකාවේ තියෙනවා. එය අනිවාර්යයෙන් කුඩා කල යුතුයි. නමුත් මේ විශ්‍රාම වයස අඩු කිරීමෙන් සිද්ධවෙන්නේ රජයේ වියදම වැඩිවෙනවා මිස අඩුවීමක් නෙමෙයි. වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අවසානයේ වැටුප් ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ . අපි බංකොලොත් උනාට , ආණ්ඩුවක් බංකොලොත් වෙන්නෑ. ඇයි තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය මහ බැංකුවෙන් ගන්න ණයක් විදියට අච්චු ගසා ගැනීමේ අවස්ථාව තියෙන්නෙ ආණ්ඩුවට නිසා වැටුප් ගෙවන්න නැතුව ඉන්න තත්ත්වයක් ඇති වෙන්නේ නෑ.

නමුත් මුදල් අච්චු ගහනවා කියන්නේ මොකක්ද තව තව බඩු මිල වැඩි වෙනවා කියන එක. තව තව රුපියලේ අගය පිරිහී යනවා කියන එක. ආණ්ඩුව ආණ්ඩුවේ ආදායම් වැඩි කරගෙන වියදම අඩුකරගන්න කටයුතු කරන්න ඕන. වැටුප් ගෙවා ගන්න විදිහක් නැහැ කියල ඇමතිවරු කියන්නේ වෙන මොකවත් නෙමෙයි , යළිත් වතාවක් මුදල් අච්චු ගහන්න අවශ්‍ය පරිසරය හදාගන්න. මිනිස්සු බය කරල පඩි හම්බ වෙන්නෙ නැතැයි කියලා මනස සකස් කරලා සල්ලි අච්චු ගහන්න. සල්ලි අච්චු ගහනවා කියන්නේ මුළු රටේම නැවත වතාවක් බඩුමිල වැඩිවෙනවා, පිටරටින් ගෙන එන බඩු වලට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය වැඩිවෙනවා ඩොලරයේ වටිනාකම වැඩි වෙනවා, ඒ නිසා මුදල් අච්චු ගැසීම මේකට උත්තරයක් නෙමෙයි.ඒකට අපි විරුද්ධයි. ආණ්ඩුව කළ යුත්තේ ආදායම ඉහළ දැමීමත් වියදම් කපා දැමීමත්. අපේ යසපාල මන්ත්‍රිතුමා පෙන්වාදුන්නා ඇමතිවරුන්ට වෙන් කරනවා මාසෙකට ලීටර් 1500ක් , හැබැයි සාමාන්‍ය පුද්ගලයකුට වෙන්වෙන්නෙ ලීටර් 80. එතකොට වියදම් කපන්න ඕන තරම් තැන් තියෙනවා කියන එක තමයි ඒ චක්‍රලේඛ දිහා බැලුවම අපිට පේන්නේ. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ වියදම් කපා හැරීමෙන් සකසුරුවම් වීමෙන් මිසක් වැටුප් ගෙවන්න තියෙනවා කියලා සල්ලි අච්චු ගහන එක නෙමෙයි මේ අර්බුදයට උත්තරේ.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මන්ත්‍රී කටයුතු ලේකම් උපුල් කෝණාර යන මහත්වරුන් ද සහභාගී විය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට අරාජික වීමේ අනතුරක්… සුපිරි වෙළද සැල් කඩා ජනතාව භාණ්ඩ පැහැරගනීවි - ගම්මන්පිල
රට අරාජික වීමේ අනතුරක්… සුපිරි වෙළද සැල් කඩා ජනතාව භාණ්ඩ පැහැරගනීවි - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUQEK1U6G3PBeHjrHvXdufqI1AZVHny79jvREDmfPku0B6fzMGTan57c19qyeI-k4aEZ_YI161xC8JVj2T8zC_0Ij-HDMSDtagry4vEn7uN6GX7A_TKQxgXgPxNwDBX2xt87EZ5tQ79O-WqPwUigu_3ZDXtxo7KUZnv0A_oooEAxNHkJouLUFw6NkPqQ/s320/gammanpila.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUQEK1U6G3PBeHjrHvXdufqI1AZVHny79jvREDmfPku0B6fzMGTan57c19qyeI-k4aEZ_YI161xC8JVj2T8zC_0Ij-HDMSDtagry4vEn7uN6GX7A_TKQxgXgPxNwDBX2xt87EZ5tQ79O-WqPwUigu_3ZDXtxo7KUZnv0A_oooEAxNHkJouLUFw6NkPqQ/s72-c/gammanpila.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy