හිමාලයේ කඳු නැගීමට ගිය පිරිසක් එහි අඩි 23,600ක් මුදුනේ දී දරුණු හිම කුණාටුවකට හසුවීමෙන් මියගිය 9 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. විදෙස් ...
හිමාලයේ කඳු නැගීමට ගිය පිරිසක් එහි අඩි 23,600ක් මුදුනේ දී දරුණු හිම කුණාටුවකට හසුවීමෙන් මියගිය 9 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියානුවන් 5 දෙනකු හා නේපාල ජාතික මඟපෙන්වන්නන් 4 දෙනකුගේ සිරුරු මෙලෙස හමුවූ බවයි.
පසුගිය සිකුරාදා හිමාලයට හරහා හැමූ දරුණු හිම කුණාටුවට හසුවූ මොවුන්ගේ සිරුරු හමුවී ඇත්තේ අස්ථි බිඳී බරපතළ ලෙස හිසෙහි තුවාල සහිතව බව එරට වාර්තා සඳහන් කළේය.
හෙලිකොප්ටරයෙන් ගිය ගලවා ගැනීමේ පිරිස විසින් මෙම සිරුරු සොයාගෙන ඇත.
හිමාලයේ ගුර්ජා කඳු මුදුනේ කඳවුර අසල දී මළ සිරුරු සොයාගෙන ඇති අතර කඳවුර මුළුමනින්ම විනාශ වී ඇති බව ද එරට වාර්තා සඳහන් කළේය.




COMMENTS