”ආවා” කල්ලියේ සාමාජිකයින් යාපනය දිස්ත්‍රීක්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට ම...
”ආවා” කල්ලියේ සාමාජිකයින් යාපනය දිස්ත්‍රීක්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.
මේ අතර යාපනය මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අධිකරණය මගහරිමින් වරෙන්තු ලබා සිටි පුද්ගලයින් හා බීමතින් රියපැදවූවන් මෙන්ම විවිධ වැරදි සිදුකල පුද්ගලයින් ඒ අතර වෙයි.
මෙම සෝදිසි පරික්ෂාවන් වෙනුවෙන් උතුරේ පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් 500 ක් පමණ දෙනා යොදවා ඇත. මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් කියා සිටියේ මිනිසුන්ගේ සාමයට තර්ජනයක් වන කල්ලි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.
එමෙනම් යාපනයේ ජනතාව ”ආවා කල්ලිය” ඇතුළු කල්ලිවලට බියේ ජීවත් වන අතරතුර පොලීසිය ද මහමග යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදිය ද පරීක්ෂා කරමින් සහ හැදුනුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවති වාතාවරණය යාපනයට පැමිණ ඇති බවටත් මෙම තත්ත්වය තවත් ඉදිරියටත් පැවතියහොත් දැනට කඳවුරුවල සිටින හමුදා සේනාංකද මාර්ගවලට පිවිස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මීට වඩා වෙනත් ක්‍රම අනුගමනය කිරීම වඩා වැදගත් බවද උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS