දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීළඟ ජනාධිපති හැඩරුව චම්පික කියයි
Homeප්‍රවෘත්ති

මීළඟ ජනාධිපති හැඩරුව චම්පික කියයි

PropellerAds

රටේ මීළඟ ජනාධිපතිවරයා පාලකයා නොව භාරකාරයා පමණක් විය යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෝඨාභය ජන...

උඩවතුර වැවේ සුන්දරත්වය ( vedio)
නාමල්, පොලිස්පතිත් එක්ක අධිකරණයට යන්න ලෑස්තියි.
විශේෂ අධිකරණ හරහා රාජපක්‌ෂ පවුල දඩයම් කරන්න හදනවා…
රටේ මීළඟ ජනාධිපතිවරයා පාලකයා නොව භාරකාරයා පමණක් විය යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වීම සහ ජනතාව හමුවේ මතුවන නව අභියෝග සම්බන්ධයෙන් අද 43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“ව්‍යවස්ථාවට පිටතින් මේ පාලකයා පලවා හරින්න ජනතාවට සිද්ධ වුණා. ඔහු ව්‍යවස්ථාව නොතකා තනි මතයට මේ රට බංකොලොත් කරලා පවුල් 55 ලක්ෂයක් පාරට ඇද දමපු නිසා. නමුත් තවදුරටත් ව්‍යවස්ථාවට පිටතින් පාර්ලිමේන්තු වට කරමින් රජයේ කාර්යාල වට කරමින් අනාගතයේ ඇතැම් විට අධිකරණයත් වට කරමින් පාලකයන් නම් ජනතාව නම් අපිමය කියලා ළදරු වලිප්පුකාරයෝ වගේ හැසිරෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.”

අරගලය විසින් කළ කැපවීම් සම්බන්ධයෙන් සම්පුර්ණ අවධානයෙන් යුතුව ව්‍යවස්ථාවට සහ අනෙකුත් ක්‍රියාදාමයන්ටත් දැන් අවස්ථාව ලබා දිය යුතුය. 20 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී, තීරණය වෙන පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයකින් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ තරඟය එක පක්ෂයක් පරාජය කොට තව පක්ෂයක් දිනන එක පුද්ගලයෙක් පරාජය කරලා තව පුද්ගලයෙක් ජයග්‍රහණය කොට ජනාධිපති ධූරයට පත්වෙන ක්‍රියාවලියකට වඩා මේ රටේ අද පවතින මේ ආර්ථික අර්බුදයේ රටේ බංකොලොත්භාවයේ බැරෑරුම්කම තේරුම් අරගෙන, ඒ වගේම සමස්ත මහජනතාවගේම අරගලයේ ස්වරූපය තේරුම් අරගෙන කටයුතු කරන, කාගෙත් එකඟතාවයෙන් යුතු සම්මුතිවාදී නායකයෙක් මේ ජනාධිපති ධූරයට පත්විය යුතුය.

“පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගමන් කරලා, මේ ඊළඟ අවුරුදු දෙකහමාරේ මේ රටේ රාජ්‍ය නායකයා හැටියට,ප්‍රජාතාන්ත්‍රික, සාමූහික, සර්වපාක්ෂික ආණ්ඩුවක නායකත්වය තමන් සුදුසුයි කියන ආකාරයට කටයුතු කළ යුතුමයි. ඒ සඳහා වෙච්ච මහජන සම්මුතියකට ඔහු පැමිණිය යුතුමයි. එහෙම නැතුව තමන්ගේ පක්ෂය, තමන්ගේ පිල, තමන්ගේ පවුල දිනවන්න කටයුතු කළොත් මේ රට මීටත් වඩා භයානක අනතුරකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, පක්ෂ නායකයින් හා අනිත් අය කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ඉන්න කණ්ඩායම හැටියට. දැන් ඒක විවිධ කණ්ඩායම් වලට ලිහිලා, පෙරලිලා ගිහින් තියෙන්නේ. ඔවුන් තම අතීතය අමතක කරලා, මේ රාජපක්ෂ මහත්තුරුන්ගේ යුගය අමතක කරලා, ඉදිරිය ගැන කල්පනා කරලා, පවුල්වාදයෙන්, ඒ වගේම පාදඩ වාදයෙන් තොර දේශපාලන ගමනක් සඳහා පියවර ගන්නවා ඇතැයි කියලා, අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ කණ්ඩායමෙනුත් අපි බලාපොරොත්තු වෙනවා, මෙතෙක් කල් හිසේ තබාගත් මතවාද වලින් ඔබ්බට කල්පනා කරලා, මේ මහජන අර තේරුම් අරගෙන මේ අරගලයට අනාගතයේ ඕනම පාලකයෙකුට මුහුණ දෙන්න වෙන බවත් වටහා තබාගෙන කටයුතු කරයි කියලා. අරගල බිමෙනුත් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව නම් අපිමෙයි කියලා කල්පනා කරලා නොයෙක් ආකාරයෙන් මේ ආරක්ෂක අංශවලට, රටේ පාලනය තවත් දුෂ්කර කරන්නේ නැතිව මහ බැංකුව මුල්‍ය පද්ධතිය ඇතුළු රටේ ආර්ථිකය හසුරුවන ආයතන වලට ඒ කටයුතු කර ගැනීමේ පහසුව ඇති කරන ආකාරයට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.”

මෙය අවිහිංසාවාදී ජන අරගලයකි. ඒ අරගලයට උචිත ආකාරයට මේ පහුගිය කාලේ ලෝකය පුරා සිදු වුනා වගේ අ සිදුවීමක්. ඒ සඳහා ඉතා වගකීමෙන් යුතු මුහුණ දිය යුතු වේ. සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත අරගල භූමියේ සිටගෙන යම් ප්‍රබුද්ධ අදහස් ඉදිරිපත් කළ වෘත්තීය සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ අදහස් ද කැටි ගත හැකි මහජන සභාවක්, ප්‍රතිපත්ති සභාවක් ඇතිකර ගත යුතුය.

“සමහර අය අපි මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට විරුද්ධයි කියනවා. මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමය නොයා රට ඉදිරියට ගෙනියන ක්‍රියාදාමය පැහැදිලි කරන්නේ නෑ. ඒ නිසා මූල්‍ය අරමුදල එක්ක ඉදිරියට යනවද නැද්ද කියන එක පළමුව තීරණය කරන්න ඕනේඉදිරියට ගෙනියනවා නම්, ඒ ඉදිරියට ගෙනයන මාර්ග සිතියම කුමක්ද කියන එක. පළමුවෙන්ම තියෙනවා, මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කරගැනීම. ඒකට ආණ්ඩුව අසමත් වුණා. පහුගිය ජූනි තිස් වෙනිදා. ඒක අත්සන් කරන්න තිබුණා. ඉදිරියේ ඒ මාර්ග සිතියම කරගෙන යනවා නම්, බොහොම පැහැදිලිව ආර්ථිකය සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් බරපතල පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා. ඒවා නොවලහා රටට ප්‍රකාශ කරන්න ඕන”

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීළඟ ජනාධිපති හැඩරුව චම්පික කියයි
මීළඟ ජනාධිපති හැඩරුව චම්පික කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjw1i0WfZKclw432BqWVcGUn8NOmV0ZezXTsm-exZ38XaqbTglo6QVD7SGJF10yi6rOlaU0K3NsCdpGZC_4z71wZTJfL_bYZ58ttO9fqMV8IlTBpr_TWWyD3HJfw07lZiRjEOikPeUCT0JHMSKHSVlnrP8YvUK5LCV9FnO3ENS9pulDnjQQw17b_W2ag/s320/champika-ranawaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjw1i0WfZKclw432BqWVcGUn8NOmV0ZezXTsm-exZ38XaqbTglo6QVD7SGJF10yi6rOlaU0K3NsCdpGZC_4z71wZTJfL_bYZ58ttO9fqMV8IlTBpr_TWWyD3HJfw07lZiRjEOikPeUCT0JHMSKHSVlnrP8YvUK5LCV9FnO3ENS9pulDnjQQw17b_W2ag/s72-c/champika-ranawaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy