දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තව මාස 5ක් දුන් විඳින්න වේවි! IMF සල්ලි දෙසැම්බරයේ විතර ‌ලැබේවි! සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත! මහබැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි!
Homeප්‍රවෘත්ති

තව මාස 5ක් දුන් විඳින්න වේවි! IMF සල්ලි දෙසැම්බරයේ විතර ‌ලැබේවි! සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත! මහබැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි!

PropellerAds

ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා...

ජලනිට හමුදා උත්තමාචාර... ජී.එල්. පසුපසින් නිසොල්මනේ!
ස්පා කතුන්ට හදිකළ සිද්ධියට 5ක් අල්ලයි
රනිල් – සජිත් එකට ගැටෙයි.. අවසන් රැළිය උණුසුම්!
ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එතෙක් ජනතාවට දුෂ්කරතා අත් විඳීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉතා ඉක්මණින් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට  හැකියාව ලැබෙනු ඇතැයි ද පත්වන නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව කාලය තීරණය වන බව වීරසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සැලැස්ම තාක්ෂණික කණ්ඩායම වෙත ඉදිරිපත් කළ බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීමේදී ප්‍රථම පියවර මාණ්ඩලික ගිවිසුමකට එළඹීම බව ඔහු සඳහන් කළේය.

ස්ථාවර රජයක් පත් වී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සැලස්ම ඉක්මණින් ක්‍රියාත්මක කළහොත් මසක් ඇතුළත් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට හැකියාව තිබෙන බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ස්ථාවර රජයක් පත් නොවූහොත් එය තවත් කල් යා හැකි බව ඔහු සඳහන් කළේය. සියල්ල තීරණය වන්නේ නව රජය සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව බව ඔහු ප්‍රකාශ කළේය.

මාණ්ඩලික ගිවිසුමකට මසක් ඇතුළත එළඹීමට හැකියාව ලැබුණත් එය පළමු පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසුව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟතාවයකට පැමිණිය යුතු බවත් එම ක්‍රියාවලිය අවසන් කිරීමට මාස කිහිපයක් ගත වෙන බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.

මෙම පියවර දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු පැවසුවේය. ඒ අනුව දෙසැම්බර් මස මැද භාගය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙනු ඇතැයි වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඉදිරි සති කිහිපය සඳහා පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීමට මහ බැංකුව මුදල් ලබා දුන්නත් ඉන්පසු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය පහසුකම් මිත්‍ර රටවල්වලින් ලබා ගැනීමේ වගකීම නව රජය වෙත පැවරෙන බව වීරසිංහ මහතා පැවසුවේය.

ඉවසීමෙන් කටයුතු කරමින් නව රජය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා තීරණ දෙස බලාපොරොත්තුවෙන් බලන ලෙස වීරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තව මාස 5ක් දුන් විඳින්න වේවි! IMF සල්ලි දෙසැම්බරයේ විතර ‌ලැබේවි! සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත! මහබැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි!
තව මාස 5ක් දුන් විඳින්න වේවි! IMF සල්ලි දෙසැම්බරයේ විතර ‌ලැබේවි! සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත! මහබැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3GCK3wOTakzN2l3IF7xrMWwGk_5D2DYwcRlOUuezDlbF25-ss680s8uo14jN3OcSyZGferme_3yvucEuF0KewFhQShE_zqn5JDpINfYO8a7JySQFx7H8Vdchvr5Il1dUpy7xnlhEZ4T0g4RbtoNboHnuzvrWqv2LYE3OfW29zkFJYXGCQFDW-ZmgYlw/w320-h171/Nandalal-Weerasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3GCK3wOTakzN2l3IF7xrMWwGk_5D2DYwcRlOUuezDlbF25-ss680s8uo14jN3OcSyZGferme_3yvucEuF0KewFhQShE_zqn5JDpINfYO8a7JySQFx7H8Vdchvr5Il1dUpy7xnlhEZ4T0g4RbtoNboHnuzvrWqv2LYE3OfW29zkFJYXGCQFDW-ZmgYlw/s72-w320-c-h171/Nandalal-Weerasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/5-imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/5-imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy