පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සහතිකට කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට...
පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සහතිකට කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව මැතිවරණ කොමිසමේ එවක සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසයි.
ඔහු අද මේ බව දිවුරුම් පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ, නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සමකට අදාළව වගඋත්තර දක්වමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවූ බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබිණ.
මේ පෙත්සමට ලබන 30 වනදා නැවත කැඳවීමට නියමිතයි.
පෙත්සමට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති මහාචාර්ය රත්නජීවන් හූල් මහතා දෙවන වරටත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ නීතිය හා ව්‍යවස්ථාව අනුව ඕනෑම අපේක්ෂකයෙක් තමන් එලෙස තරග කිරීමට නුසුදුස්සෙකු නොවන බවට වූ ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

COMMENTS