එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු පහක් අප්‍රේල් 30වන දිනට පෙර අලුතින් පත් කිරීමට එජාපයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ. ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු පහක් අප්‍රේල් 30වන දිනට පෙර අලුතින් පත් කිරීමට එජාපයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
ඒ අනුව පක්ෂයේ නායකයා, නියෝජ්‍ය නායකයා, උප නායකයා, සභාපති සහ මහලේකම් යන තනතුරු සඳහා අලුතින් පුද්ගලයින් නම් කිරීමට නියමිතය.
පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (07) පැවති විශේෂ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණ ගෙන තිබේ.
එහිදී පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීම ඇතුළු කාර්යයන් සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් තේරී පත් වූ එම කමිටුවට රංජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අජිත්.පි.පෙරේරා. එරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, නලීන් බණ්ඩාර, අශෝක ප්‍රියන්ත සහ ජේ.සි.අලවතුවල යන මැති ඇමතිවරුන් අයත් වේ.
මීට අමතරව සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන පක්ෂයේ නියෝජ්‍ය නායකයන් දෙදෙනා ද කමිටුවට ඇතුළත් වේ.
COMMENTS