දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා... 21 සංශෝධනයට සහාය දෙනවා - චම්පික රණවක
Homeප්‍රවෘත්ති

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා... 21 සංශෝධනයට සහාය දෙනවා - චම්පික රණවක

PropellerAds

21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි. ‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 ...

සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?
වැට් විවාද දිනයේදී ඒකාබද්ධයෙන් අමුතු විරෝධතාවක්
පන්සල්වලට අලි දෙන්න ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි.

‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 සේනාංකය විසින්  (2) පවත්වන ලද මාධ්‍ය හමුවක දී වැඩිදුරත් අදහස් දැක්වූ එහි සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ රට බරපතල ප්‍රතිසංස්කරණ කිරීමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා සතුව නොමැති බවය.

 අද ඇතිවී තිබෙන අර්බුදයන්ට මූලික වශයෙන් වගකිව යුත්තේ වත්මන් ජනාධිපතිවරයාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය හමුදාකරණය කිරීම මගින් පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ දැරුවේ වත්මන් ජනාධිපතිවරයා යටතේය. එමෙන්ම ඔහු බලය අවභාවිතා කරමින් බරපතල අපරාධකාරයන්ට ජනාධිපති සමාව ලබා දුන්නේය. අධිකරණය අද මේ තීරණ අනෙක් පැත්ත හරවා තිබේ.

‘දෙවියන්ගෙ නාමයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අත තියන්න එපා. ඒවා කරන්න ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සෙ ජනතාවගෙ කැමැත්තෙන්, අනුමැතියකින්. කරපු මෝඩ වැඩවලින් සමාජයට විශාල හානියක් වෙලා තියෙනවා. ඒවා පිළිසකර කරන්න ජනතාවට උදව් කරන්න. අධ්‍යාපනය නම් කාබනිකකරණය කරන්න ලෑස්ති වෙන්න එපා.’

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරණවිතාන මහතා සඳහන් කළේ, එම කෙටුම්පත තවත් දියුණු විය යුතු බවය.

‘මේක දියාරු නොකර වඩා ශක්තිමත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෙ. මේක සම්මත කරගන්න මැදිහත් වෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ යුතුකම.

පොහොට්ටු පක්ෂයේ පිරිසක් මෙය පරාජය කරන්න කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. ඒවාට නායකත්වය දෙන්නෙ ද්විත්ව පුරවැසි භාව්‍ය සහිත බැසිල් රාජපක්ෂ මැතිතුමා. නමුත් පොහොට්ටු පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දෙන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවතාවක් බලයට පත්වුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ගෙනාවෙ 18 වෙනි සංශෝධනය. ජනාධිපති ධුරයට තුන්පාරක් එන්න සංශෝධනය කරගත්තා. අයියා කරපු බොරුව තමයි මල්ලිත් කළේ. හොඳ ව්‍යවස්ථාවක් ගේනවා කියලා 20 ගෙනාවා.’

දැන් පාර්ලිමේන්තුවට කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් ගෙනැවිත් නැවත 19 තියෙන තැනින් පටන්ගෙන එහි අඩුපාඩුත් හදාගෙන ගැඹුරු ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම බව පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.

‘ද්විත්ව පුරවැසි බැසිල් රාජපකෑ මහතාගේ මුදල්වලට හෝ දේශපාලන බලයට හෝ පාදඩ මැර බලයට හෝ මේ සංශෝධනය වට්ටවන්න ඉඩදෙන්න එපා කියන එක අපි ඒ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා’

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාදාගෙන තිබෙන වත්මන් ආණ්ඩුව වෙනස් කොට කෙටිකාලීනව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදිය යුතු බව 43 සේනාංකය මෙහිදී අවධාරණය කළේය.

‘එම ආණ්ඩුවේ රාජපක්ෂලා නොවන ඕනෑම කෙනෙකු අගමැති වුනාට කමක් නැහැ. දැන් තියෙන ආණ්ඩුවම වුණත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පරිවර්තනය කරලා කාරක සභා ක්‍රමය ගෙනැල්ලා 21 න් ඇතිවෙන්නාවූ ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය යටතේ කෙටිකාලීන ආණ්ඩුවක් පවත්වාගෙන යන්න. එතකොට තමයි  වර්තමාන ආර්ත්ජික අර්බුදය හමුවේ ජාත්‍යන්තර සහයෝගය, දේශීය වශයෙන් ජනතා සහයෝගය ලබාගත හැක්කේ. අවම දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙන්න නම් මේ ප්‍රතිසංස්කරණය වෙන්න ඕනෙ.

අවාසනාවට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ තර්කයේ තවමත් එල්ලිලා ඉන්නවා. අමු සොහොනක කිරුළු දරා පලක් වෙද? මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ තමයි 21 වෙනි සංශෝධනය සම්මත කරලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවෙ වගකීම පාර්ලිමේන්තුවෙ සියළු දෙනාම දරමින් පක්ෂ විපක්ෂ බේදයක් නැතිව තාවකාලික ආණ්ඩුවකට එකතු වෙලා පුළුවන් ලැබෙන පළමු අවස්ථාවේ දීම ජනතාවට තමන් කැමති කෙනෙක් බලයට පත් කරගන්න අවස්ථාවක් දෙන එක.’

මේ අවස්ථාවට එක් වූ 43 සේනාංකය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ 21 වෙනි සංශෝධනය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට වෘත්තීය සමිති ව්‍යාපාර සහ බහුජන සංවිධානවලින් ඉල්ලා සිටින බවය.

’21 වෙනි සංශෝධනය සාර්ථකව අපි ජයග්‍රහණය කළහොත් අර ද්විත්ව පුරවැසියාගේ බාධාවලට ඉඩනොදී ශක්තිමත්ව ගෙනාවොත් තමයි අපිට ඊළඟට නියම සර්ව පාක්ෂික ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුව තුළ ගොඩනගා ගන්න පුළුවන්. 21 වෙනි සංශෝධනයෙන් පිහිටුවන ජාතික සභාව ශක්තිමත් කරලා තිබ්බොත් පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු දේශපාලනඥයන් පමණක් නෙවෙයි වෘත්තීය සමිති නායකයන්ට විද්වතුන්ට මේ සඳහා මැදිහත් වෙලා රටට හිතකර ප්‍රතිසංස්කරණ සිදුකර ගත හැකිවෙනවා’

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා... 21 සංශෝධනයට සහාය දෙනවා - චම්පික රණවක
SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා... 21 සංශෝධනයට සහාය දෙනවා - චම්පික රණවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhRoRePzB4huO9AHcN2Hyw6LKtnqODR2AV18EnaslEXCHbd8ApAkUxHLYdjijklYbii2wBvi1Fq3Og2e0nhPgdss34Y4GnxNJfEsxPTDk-C9RlzQHh9o_FjUWbuYiLBPeVtuRhisqsOfK-TNAaHBbM403f240m3XufzM7NwIwqFRizoSigp51CIbZ5xw/s320/champika-ranawaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhRoRePzB4huO9AHcN2Hyw6LKtnqODR2AV18EnaslEXCHbd8ApAkUxHLYdjijklYbii2wBvi1Fq3Og2e0nhPgdss34Y4GnxNJfEsxPTDk-C9RlzQHh9o_FjUWbuYiLBPeVtuRhisqsOfK-TNAaHBbM403f240m3XufzM7NwIwqFRizoSigp51CIbZ5xw/s72-c/champika-ranawaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/sjb-jvp-21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/sjb-jvp-21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy