පන්සල්වල පෙරහැර උත්සව සඳහා නීත්‍යනුකූලව අලි ඇතුන් එම පන්සල්වලට ලබා දීම අරමුණු කරගෙන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් ...
පන්සල්වල පෙරහැර උත්සව සඳහා නීත්‍යනුකූලව අලි ඇතුන් එම පන්සල්වලට ලබා දීම අරමුණු කරගෙන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ තීන්දුව ගෙන ඇත්තේ අධිකරණ නියෝග මත පන්සල්වල සහ දේවාලවල වාසය කළ අලි ඇතුන් කිහිප දෙනකුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීම හේතුකොට ගෙන පන්සල්වල පෙරහැර සඳහා අලි ඇතුන් හිඟ වීම නිසා මතුව ඇති අර්බුදයට පිළියම් ලෙසය.
අලි ඇතුන් සහිත ලංකාවේ පෙරහැර සංස්කෘතිය විනාශ වීමට තමන් ජනාධිපති ධුරයේ සිටින තුරු කිසිවිටෙක ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණයෙන් ප්‍රකාශ කර තිබේ.
පන්සල් සහ ආගමික ස්ථානවල බලපත්‍ර රහිතව නීති විරෝධීව තබා ගෙන සිටි අලි ඇතුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් 2015 ජනවාරි 8 වැනිදාට පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අලි ඇතුන් සම්බන්ධ නීත්‍යනුකූල කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතී.
COMMENTS