පවතින බිහිසුණු ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවට සහන ලබාදීම සඳහා අතුරු අයවැයක් ගෙන එන බව අගමැති දූරයට පත් වීමත් සමග රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ...
පවතින බිහිසුණු ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවට සහන ලබාදීම සඳහා අතුරු අයවැයක් ගෙන එන බව අගමැති දූරයට පත් වීමත් සමග රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලද ඊට අදාල කිසිදු ක්‍රියා මාර්ගයක් මේ වන තුරු සිදු කර නැති බව අනාවරණය වේ.
ගොටාබය රාජපක්ෂ විසින් අගමැති දූරයට අමතරව මුදල් ඇමති දූරයද රනිල් වික්‍රමසිංහට ලබා දෙනු ලැබීය. පවතින ජීවන වියදම විශාල වශයෙන් ඉහලයාම හමුවේ අතුරු අයවැයක් ගෙන එන බව, එම දූර දෙක ලබා ගත් ආසන්නයේ යලි යලිත් ප්‍රකාශ කෙරිණි. එහෙත් මේ වන විට ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හෝ ගෝටාබය රාජපක්ෂ කිසිඳු ප්‍රකාශයක් කරන්නේ නැත.
මුදල් අමාත්‍යංශ අරංචි මාර්ග හෙලිකරණ අන්දමට අයවැය ගෙන ඒමට අදාල මූලිකම කටයුතු පවා මේ වන තෙක් සිදුකර නැත. එවැනි පසුබිමක ජනතාවගේ අත්‍යාවශ ඖෂධ සහ ආහාර මෙන්ම ඉන්ධන ලබාගත නොහැකි තත්වයකට මුලු රටම ඇදවැටී පවතී. මේ වන විටත් විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් ආන්ඩුව ණය ලබාගන්නා අතර ඒ නිසාද ජීවන වියදම තව තවත් වේගයෙන් ඉහළ යමින් තිබේ.
ජනතාව මූණදී සිටින අර්බුද බරපතල අන්දමින් පුපුරා යාම්ද තැනින් තැන සිදුවන අතර ආන්ඩුව ජනතාවට විවිධ බොරු ප්‍රකාශ කරමින් සිටී.
-lankatruth
COMMENTS