දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි
Homeප්‍රවෘත්ති

ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි

PropellerAds

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව පසුගිය 2020 වර්ෂයේදී සහ 2021 වර්ෂයේ දී පමණක් විවිධ දීමනා ලෙස රුපියල් ...

දෙමටගොඩ චමින්දගේ පුතා රට වටේම පොලිසිය සමග සෙල්ලම් කරයි..රැන්ග්ලර් ජීප් රථයෙන් පින්නදුවේ දීත් හසුවී ගැලවේ !
යහපාලන කාලයේ මංගල ත්‍රස්තවාදීන්ට තොරතුරු දීලා - හිටපු ආරක්ෂක ලේකම් බස්නායක කොමිසමට කියයි
ගෝටාභය මහතා බෑ කියද්දී අපියි ඔහුව දේශපාලනයට ගෙන ආවේ.. ඒකාධිපති පාලනයට අපේ කිසිම සූදානමක් නෑ - ගම්මන්පිල
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව පසුගිය 2020 වර්ෂයේදී සහ 2021 වර්ෂයේ දී පමණක් විවිධ දීමනා ලෙස රුපියල් කෝටි 367ක් ගෙවා ඇත. මේ බව අනාවරණය වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විමර්ශනවල දී ය.

කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් පවසා ඇත්තේ මෙම දීමනා ලබාදීම සඳහා යොදාගෙන තිබෙන ඇතැම් නිර්ණායක විහිළු සහගත ඒවා බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ  විදුලිය ජනනය කිරීම, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති  පිළිබඳව  පරස්පරතාවක් පෙනෙන බව ද කෝප් කමිටුව ප්‍රකාශ කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව සියලු බදු මගින් බලාපොරොත්තුවන ආදායම ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බව ද මෙහි දී අනාවරණයවිය.

එමන් ම මීට ඉහත දී කැබිනට් තීරණ අනුව සේවකයන්ගෙන් අය කිරීමට තිබූ අත්තිකාරම්, පුද්ගල ආදායම් බදු ආදිය සේවක වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් තම අරමුදලෙන් ගෙවනු ලැබ ඇති බව ද අනාවරණය වී තිබේ. එම මුදල පමණක් රුපියල් බිලියන 4.8කි.

නමුත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරන් කෝප් කමිටුවේ දී පවසා ඇත්තේ එම ගෙවීම් දැනට නවතා දමා ඇති බවයි.

2021 වර්ෂයේ දී ලංකා විදුලි බල මණ්ඩලය සිය සේවක වැටුප් 25%කින් වැඩි කර තිබේ.

මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා  දී ඇත්තේ  මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.

කෝප් කමිටු සභාපති චරිත හේරත් පවසන්නේ විදුලි බල මණඩලය විනාශ කර ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල් බවයි. කිසිදු අනුමැතියකින් තොරව මේ සියල්ල සිදුකර ඇති බව ද මේවන විට අනාවරණය වන බැවින් ඒ සම්බන්ධ සොයා බැලිමට විශේෂ කාරක සභාවක් පත්කිරීමට කතානායකවරයාට සහ පාර්ලිමේන්තුවට යෝජනාකරන බව ද චරිත හේරත් කීවේය.

විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිතිවල බලපෑමෙන් මේ වනවිට විදුලි ඉංජිනේරුවන් විදුලි බල මණ්ඩලයේ ගිණුම් අංශය ඇතුළු සෑම ස්ථානයක ම බලය අල්ලාගෙන සිටින බව එහි තවත් වෘත්තීය සමිති ගණනාවක් පෙන්වා දෙයි.

මේ වෘත්තීය සමිති බලපෑමෙන් මේ සියල්ල ‍සිදුවන බව ද ඔවුහු කියති.

-rata


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි
ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcIDH8mngOL0T5-bZRZI9yxtMiHENr0pQSSbXbwl56f0VcVy0UmXStM4ypYEOQvNUAowIoDYQxZFS5RLobEvnqrnKaqtp_madzdCkBAvQKDPAHkjjfTsLV4caR-2E0V2KYhd4P9GJhiG31zvA3ZJvEhEBq42_brVMRKk5gGPyTGy12LufelRVHQ1oOdQ/s320/electricity-scaled.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcIDH8mngOL0T5-bZRZI9yxtMiHENr0pQSSbXbwl56f0VcVy0UmXStM4ypYEOQvNUAowIoDYQxZFS5RLobEvnqrnKaqtp_madzdCkBAvQKDPAHkjjfTsLV4caR-2E0V2KYhd4P9GJhiG31zvA3ZJvEhEBq42_brVMRKk5gGPyTGy12LufelRVHQ1oOdQ/s72-c/electricity-scaled.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy