දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාභය මහතා බෑ කියද්දී අපියි ඔහුව දේශපාලනයට ගෙන ආවේ.. ඒකාධිපති පාලනයට අපේ කිසිම සූදානමක් නෑ - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

ගෝටාභය මහතා බෑ කියද්දී අපියි ඔහුව දේශපාලනයට ගෙන ආවේ.. ඒකාධිපති පාලනයට අපේ කිසිම සූදානමක් නෑ - ගම්මන්පිල

PropellerAds

බ ලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඓතිහාසික මහනුවර දී ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන ගෞරවනීය මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා ...

එජාප අපේක්ෂකයෙකුගේ පොත් බෙදූ තරුණියන් 2ක් අත්අඩංගුවට
ඇමැති මනෝට පාතාලයෙන් තර්ජන
සිරිකොත අසල උද්ඝෝෂණයක් - මාර්ගයත් අවහිර වෙයි
ලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඓතිහාසික මහනුවර දී ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන ගෞරවනීය මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට කටයුතු කලේය.

එමෙන්ම දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මැතිතුමන් සමග ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදි පිළිසඳරකට එක් විය. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්ණ සදහා අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

විශේෂයෙන් මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමට පැමිණියේ ඇයි කියලා අපි දැනගන්න කැමතියි ?

ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මට ඉතාමත් භාරදූර වගකීම් ගණනාවක් පහුගිය කාලේ භාර දුන්නා. ඒ නිසා මටත් මගේ කාර්ය මණ්ඩලයටත් දළදා හාමුදුරුවන්ගෙන්, ඒ වගේම මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙන් ආවේ.

මොකද වසර පනහකට අධික කාලයක් ලංකාවේ තෙල් සහ ගෑස් ඇත යනුවෙන් බොහෝ නායකයින් පවසනවා. නමුත් ගොඩගත් කිසිවෙක් නැත, කතාව පමණක් ඇත. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මාව බලශක්ති අමාත්‍යවරයා බවට පත්කළේ ශ්‍රී ලංකාව සතු මේ මහා සම්පත ගොඩ අරගෙන රට ගොඩ දාන්න. අපේ රටේ ලක්ෂ පහළොවක් පමණ ජනතාව මැදපෙරදිග ගිහිල්ලා දුක් විඳින්නේ අපට නැති තෙල් සල්ලි ඒ අයට තියෙන නිසා. ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් ‍නිපදවන රටක් බවට පත් කිරීම තමයි මට පැවරිලා තියෙන කාර්යභාරය. එය අතිශයින්ම භාරදූර වගකීමක්. දැවැන්ත තාක්ෂණයක් අවශ්‍යයි. මහා මුදල් සම්භාරයක් අවශ්‍යයි. ඒ සියල්ල කරන්න අපට හැකියාව තියෙනවා කියලා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විශ්වාස කරලා තියෙනවා. ඒකයි මට මෙය පැවරුවේ. ඒ නිසා මම ඒක අනිවාර්යෙන්ම ඉටු කරනවා. ඒ වගේම බෞද්ධයෙක් විදියට ත්‍රිවිධ රත්නයෙන් වගේම දේව ආශිර්වාදයත් මේ කාර්යයට බලාපොරොත්තු වෙනවා. ඒකයි දළදා හාමුදුරුවන්ගේ සහ මහා නායක ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණියේ.

ප්‍රශ්නය

ඇමතිතුමනි, මේ වන විට රටේ බොහොමයක් කතාවෙන්නේ 20වන ව්‍යවස්ථා සංශෝධනය. මේ වන විට සංශෝධනයේම අඩුපාඩු විමර්ශනය සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. මොනවද ගත්තු තීන්දු තීරණ ?

පිළිතුර

ඊයේ රාත්‍රියේ දීර්ඝ සාකච්ඡාවක් අපි යෙදුණා. එහිදී අපි ගත්ත තීන්දු තීරණය මේ මහනුවරට පැමිණෙන අතරවාරයේ මගේ පරිගණකයේ වාර්තාව සකස් කරලා අලි සබ්බි ඇමතිතුමාට විද්‍යුත් තැපෑලෙන් යැව්වා. මොකද අද 11ට මේ කමිටුව අගමැතිතුමාත් හමුවීමට නියමිතයි. මම ඊට කලින් මල්වතු අස්ගිරි නායක හාමුදුරුවන් බැහැ දැකීම සඳහා වෙලාවක් වෙන් කරගෙන සිටි නිසා ඒ හමුවට සහභාගි වුණේ නෑ. අද 11ට කමිටුව විසින් අපේ නිරීක්ෂණ සහ නිර්දේශ අගමැතිතුමන්ට භාරදීමට නියමිතයි. ඒ වගේම අපි ජනාධිපතිතුමාටත් බාර දෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ආණ්ඩුවක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරපු පණත් කෙටුම්පතක් නැවත සමාලෝචනයට ලක් කරන්නට කමිටුවක් පත්කරේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්. අඩු පාඩු තියෙනවා නම් සකස්කර ගන්න සූදානම් කියන පණිවිඩය තමයි ඒ දුන්නේ. අපි දැක්ක අඩුපාඩු සහ අපේ නිරීක්ෂණ ජනාධිපතිතුමන්ට අගමැතිතුමාටත් අපි ඉදිරිපත් කළා. එතුමන්ලා අපෙ නිරීක්ෂණ වලට නිසි අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය

ඔබතුමන්ලා දළ වශයෙන් දැක්කා අඩුපාඩු මොනවාද?

පිළිතුර

අපි මේ අඩුපාඩු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉදිරිපත් කලාට පසු අමාත්‍ය මණ්ඩලයට යොමුකරලා එතනින් පස්සෙ තමයි අපිට ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. කමිටුවේ සාමාජිකයෙක් විදියට මට වගකීමක් තියනවා අපි ගත තීන්දු ප්‍රසිද්ධ නොකර සිටීමට. විශේෂයෙන්ම කියන්න ඕන සමහර සාධනීය ලක්ෂණ ලෙස අපි දුටු දේවල් ගැන සියලු දෙනාගේම එකගතාවයක් ඇති වුණා. ඒ නිසා ඒවා අනිවාර්යෙන්ම පවතින විසිවන සංශෝධනයෙන් නෙවෙයි අවසාන වශයෙන් සම්මත වෙන්නේ කියන එක මම විශ්වාසයෙන් කියනවා.

ප්‍රශ්නය

ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජන බලවේගය දැඩි විවේචනයක් එල්ල වෙනවා මේ 20වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය වලපල්ලට යවලා ඒකාධිපති පාලනයක් තමයි මේ සිද්ධ කරන්න යන්නේ කියලා.

පිළිතුර

ඒක පට්ටපල් බොරුවක්. අපි ඒකාධිපති පාලනයට කිසිසේත්ම සූදානමක් නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ තමන්ගේ ජනපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය පරාදයි කියලා ප්‍රකාශ කරන්නත් කලින් තණතුර දාලා ගෙදර ගිය කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ අපි බලහත්කාරයෙන් මට බෑ කියද්දි දේශපාලනයට ගෙනාපු කෙනෙක්. බල තණ්හාව තියෙන කෙනෙක් මෙතන නෑ. ඒ නිසා නායක පුටු බදාගෙන ඉන්න සමහර පක්ෂවල නායකයන්ගේ මට්ටමෙන් මේ නායකයන් මනින්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

නමුත් අපි දැක්කා පහුගිය දා විපක්ෂයේ කණ්ඩායමක් සඳහන් කළා මේ ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බලය කවදාවත් ලැබෙන්නෙ නෑ. ඔබතුමාලගේ පක්ෂයේම මේකට අකමැති අය ඉන්නවා කියලා. ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද ?

පිළිතුර

ලිහන්න තියෙන මල්ල ඔබා බලන්නේ කුමටදැයි කියලා පරණ කියමනක් තියෙනවා. තුනෙන් දෙක පෙන්නන්න ඕනෙ දැන් නෙවෙයි නේ. ඡන්දය විමසන දවසට. අපි එදාට බලාගමු.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාභය මහතා බෑ කියද්දී අපියි ඔහුව දේශපාලනයට ගෙන ආවේ.. ඒකාධිපති පාලනයට අපේ කිසිම සූදානමක් නෑ - ගම්මන්පිල
ගෝටාභය මහතා බෑ කියද්දී අපියි ඔහුව දේශපාලනයට ගෙන ආවේ.. ඒකාධිපති පාලනයට අපේ කිසිම සූදානමක් නෑ - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6jlD5Gk5a3dO3531rE6h11JVrU4esL_jX78iJk6NZLMDJmmg0nkab89eT35SgAB8tkruf5BC1wymuHl0oTKyIzt0LREoQ01VenOdUfO9Iujf6fd0yYLdOlW0p-qHVaMLrqpM16SHkhr0/s320/gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6jlD5Gk5a3dO3531rE6h11JVrU4esL_jX78iJk6NZLMDJmmg0nkab89eT35SgAB8tkruf5BC1wymuHl0oTKyIzt0LREoQ01VenOdUfO9Iujf6fd0yYLdOlW0p-qHVaMLrqpM16SHkhr0/s72-c/gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_455.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_455.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy