දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන කාලයේ මංගල ත්‍රස්තවාදීන්ට තොරතුරු දීලා - හිටපු ආරක්ෂක ලේකම් බස්නායක කොමිසමට කියයි
Homeප්‍රවෘත්ති

යහපාලන කාලයේ මංගල ත්‍රස්තවාදීන්ට තොරතුරු දීලා - හිටපු ආරක්ෂක ලේකම් බස්නායක කොමිසමට කියයි

PropellerAds

ය හපාලන රජය සමයේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ත්‍රස්තවාදීන් අතට පත්කර තිබෙන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ...

ගෝඨාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. සිරගත කිරීමට සැලසුම්
ජනාධිපතිවරණයට මා එනවා.. මා ජනාධිපති නොකලොත් සුදු වෑන්වලින් කැරකොප්පුවට යන්න සැරසෙන්න - සජිත් (video)
තමන්ගේ වැඩක් බලාගන්න.. අපේ වැඩේ අපි කරනවා - හමුදාපතිගෙන් දෙමල සන්ධානයට සැර ප‍්‍රතිචාර !
හපාලන රජය සමයේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ත්‍රස්තවාදීන් අතට පත්කර තිබෙන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (16 වැනිදා) අනාවරණය විය.

ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයන් හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සමග සම්බන්ධ වී ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු එලෙස ත්‍රස්තවාදීන් අතට පත්කර ඇතැයිද ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස 2014 වර්ෂයේදී කටයුතු කරන සමයේදී ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදී කටයුතුවල නියැළෙන පුද්ගලයන් 424 දෙනකුගේ සහ ආයතන 16කගේ නම් අසාදු ලේඛනගත කර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් යූ.ඩී. බස්නායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් (16 වැනිදා) පැවැසීය.

නමුත් එය 2015 නොවැම්බර් 20 වන විට පුද්ගලයන් 155ක් සහ ආයතන 06 දක්වා අඩු වී තිබෙන බවත්, එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ දැඩි බලපෑම සහ තර්ජන හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් සහ ආයතන සංඛ්‍යාව අඩුකර තිබෙන බව දැනගන්නට ඇතැයි දන්වා සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා, එලෙස තීන්දුවලට එළැඹී ඇත්තේ ආරක්ෂක ඇමැතිවරයාගේ හෝ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකට හෝ නිර්දේශයකට යටත්ව නොවන බවද ප්‍රකාශ කළේය.

විදෙස් රටවල ත්‍රස්තවාදීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා හිටපු ඇමැති මංගල සමරවීර මෙලෙස ක්‍රියා කර ඇතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා සුළු ජාතික පක්ෂවලින් ආණ්ඩු බලය ලබා ගැනීමටත්, ඔවුන් සතුටු කිරීමටත් යහපාලන රජය සමයේ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ බවත් පෙනෙන්නට ඇතැයිද පැවැසීය.
ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස වැඩ ආවරණය කළ කර්නල් ෂම්මි කුමාරරත්න විසින් ගොනු කර තිබූ පැමිණිල්ල ඊයේ (16 වැනිදා) යළි විභාගයට ගත් අවස්ථාවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා එලෙස පැවැසීය.
අරුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන කාලයේ මංගල ත්‍රස්තවාදීන්ට තොරතුරු දීලා - හිටපු ආරක්ෂක ලේකම් බස්නායක කොමිසමට කියයි
යහපාලන කාලයේ මංගල ත්‍රස්තවාදීන්ට තොරතුරු දීලා - හිටපු ආරක්ෂක ලේකම් බස්නායක කොමිසමට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxSlO19f2JlO6jormuBxsl-XpFELgCU_FQVCPG1lpaGDSSO63Den4-Y_6KRBJ-nCySJ1gXj2rVVA9OxFs57SOTnnto1cIuVBBHGvsfxbb24oNRquv578gyYhMt_5O2n07lJEQT9uldohk/s320/mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxSlO19f2JlO6jormuBxsl-XpFELgCU_FQVCPG1lpaGDSSO63Den4-Y_6KRBJ-nCySJ1gXj2rVVA9OxFs57SOTnnto1cIuVBBHGvsfxbb24oNRquv578gyYhMt_5O2n07lJEQT9uldohk/s72-c/mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_680.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_680.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy