දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට තවදුරටත් ණය කරනවාද? ගොඩ ගන්නවාද? තීරණය විදේශ ශ්‍රමිකයින් අතෙයි - ඇමති මනුෂ
Homeප්‍රවෘත්ති

රට තවදුරටත් ණය කරනවාද? ගොඩ ගන්නවාද? තීරණය විදේශ ශ්‍රමිකයින් අතෙයි - ඇමති මනුෂ

PropellerAds

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හ...

මන්ත්‍රී සුමන්තිරන් ඝාතන තැතක් - හිටපු කොටි 4ක් අත්අඩංගුවට
මෑන්පවර් උප සභාපති අතුරුදන්
පත්තර කොළවල කෑම ඔතන්නේ බලාගෙනයි
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඩොලර් ගැටලුව නිසා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව රෝගීන් දැඩි අවදානමකට පත්ව සිටින බවද එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ මුදල් එවීම නතර කරන ලෙසද ඉල්ලා සිටියේය.

ඊශ්‍රායලයේ සහ ජපානයේ රැකියා හිමිවූ කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට 2022.06.01 දින කම්කරු අමාත්‍යාංශයේදී එක්වෙමින් මනුෂ නානායක්කාර ඇමැතිවරයා මේ බව පැවසුවේය. ජපානයේ රැකියා සදහා පිටත්ව යන 19 දෙනෙකුට සහ ඊශ්‍රායලය බලා පිටත්ව යන සාත්තු සේවිකාවන් පස් දෙනෙක්ට මෙහිදී ගුවන් ටිකට්පත් ලබාදුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේද කීවේය.

“මම විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ජපානයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත්කර යැවීම සදහා වන ගිවිසුම අත්සන් කළා. එම අමාත්‍යාංශයේ කැබිනට් ඇමැතිවරයා ලෙස ජපානයට වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් යැවීමට හැකිවීම සතුටට කරුණක්. ඒ වගේම තමයි ඊශ්‍රායලය සදහා සාත්තු සේවිකාවන් යැවීමේ කටයුතු ආරම්භ කළේත් මම අමාත්‍යාංශයේ කටයුතු කළ කාලයේදීයි.

අද රට බරපතල තැනකට ඇදගෙන වැටිලා තියෙනවා. ඒ වගේ තැනකට රට ඇදලා දාපු අය සොයලා ඔවුන්ට දඩුවම් දෙන්න ඕන. ඒත් ඊට කලින් රට ඇද වැටී තිබෙන තැනින් ඉහළට අරගෙන එන්න ඕන.

දැන් රටේ ජනතාවට කන්න නැතිව ඉන්නවා. වාර්තා නොවුනට බෙහෙත් නැතිකමින් රෝහල් ගත වෙලා ඉන්න ළමුන් මිය යනවා. අද වන විට ඖෂධ වර්ග 800ක හිගයක් තියෙනවා. ගෑස් නොමැතිවීම නිසා නාගරික ජනතාවට තමන්ගේ ආහාර වේල සකස් කරගැනීමට නොහැකිවී තිබෙනවා. තෙල් මිල ඉහළ යාම නිසා බඩු මිල ඉහළ ගිහින්.

බෙහෙත් නොමැතිකමින් තමන්ගේ දරුවා මිය යන එක අම්මලාට, තාත්තලාට දරාගත නොහැකි වේදනාවක්. මේ නිසා තමයි අපි මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්ණවලට විසදුම් දෙන්න දේශපාලන තීන්දුවක් ගත්තේ.

මමත් හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාත්, රට ඇතුළට ඩොලර් අරගෙන එන ප්‍රධාන වගකීම් අරගෙන තියෙනවා. හරි පාරෙන් ඩොලර් ටික රටට එව්වොත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නතර කරන්න පුලුවන්. දරුවන්ට බෙහෙත් ටික, කිරි පිටි ටික අරගෙන දෙන්න පුලුවන්කම ලැබෙනවා.

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණය දැන් ඩොලර් මිලියන 230ට පහළ වැටිලා. විදේශගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 7- 8 මේ රටට එවපු අවුරුදු තිබෙනවා.

රට තවදුරටත් ණය නොකර අද තිබෙන තත්වයෙන් රට ගොඩ ගැනීමේ හැකියාව විදේශ ගත ශ්‍රමිකයින්ට තියෙනවා. රට ණය කරනවාද, නැතිනම් රටට හයියක් වෙලා, රට ගොඩ ගන්නවාද කියන වගකීම තියෙන්නේ මේ අයට තමයි.

ඊශ්‍රායලය සහ ජපානය බලා පිටත්ව යන මේ ශ්‍රමිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ ඒ රටවල නීතිවලට අනුව කටයුතු කරන්න කියලයි. ඒ වගේම තමන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ තමන්ගේ පවුලේ අයට එවන්න කියලයි. ඔබලා නීති රකිමින් ඒ රටවල සේවය කරනවා නම් ලංකාවේ බොහෝ දෙනෙකුට නැවත එම රටවල රැකියා අවස්ථා ලබාගන්න පුලුවන්.

මේ රට යන අය කවදාහරි දවසක ව්‍යවසායකයෙක් විදියට මුදල් උපයන අයෙක් බවට පත්වෙන්න උත්සාහ ගන්න. රැකියාවේ නිරතවන අතරවාරයේදී හැකිතාක් උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න. ඔබේ දක්ෂතාවයන් පෙන්වන්න.”

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා, IM ජපන් ආයතනයේ නේවාසික අධ්‍යක්ෂක එච්.කවහාරා යන මහත්වරුන්ද එක්ව සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට තවදුරටත් ණය කරනවාද? ගොඩ ගන්නවාද? තීරණය විදේශ ශ්‍රමිකයින් අතෙයි - ඇමති මනුෂ
රට තවදුරටත් ණය කරනවාද? ගොඩ ගන්නවාද? තීරණය විදේශ ශ්‍රමිකයින් අතෙයි - ඇමති මනුෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhljT_i4Q4oJe0D6Bl5D0tnNwCtuKlcAUSpT__-LzxhkVOAz10D3uBpVO_GpOODiRrsmCtUnvSwPqTQO7n3eGpftym9OabgcV1oiuYGsU1lK_pnDVkKqNO689MU6mk_cZ78K2Kskdu7GISW8W-hLdJH1epTcpd2Q_zqqLmRQCMjqD3D4-GoMsRMEutyyQ/s320/manusha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhljT_i4Q4oJe0D6Bl5D0tnNwCtuKlcAUSpT__-LzxhkVOAz10D3uBpVO_GpOODiRrsmCtUnvSwPqTQO7n3eGpftym9OabgcV1oiuYGsU1lK_pnDVkKqNO689MU6mk_cZ78K2Kskdu7GISW8W-hLdJH1epTcpd2Q_zqqLmRQCMjqD3D4-GoMsRMEutyyQ/s72-c/manusha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy