නිසි ක්‍රමවේදයට බැහැරව විදේශ ගතවන සහ මේ වන විට විදේශගතවී සිටින වෛද්‍යවරුන්ව අදාල රටවල්වල නීතියට අනුව වහාම පිටමන් කරන්නැයි එම රටවල ශ්‍ර...
නිසි ක්‍රමවේදයට බැහැරව විදේශ ගතවන සහ මේ වන විට විදේශගතවී සිටින වෛද්‍යවරුන්ව අදාල රටවල්වල නීතියට අනුව වහාම පිටමන් කරන්නැයි එම රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන්ට දැනුම් දීමට සෞඛ අමාත්‍යංශයට පියවර ගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ වන විට වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් 100 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් නිසි ක්‍රමවේදයෙන් බැහැරව විදේශගත ඇතැයිද තව දුරත් විදේශ ගතවෙමින් සිටින බවද හෙතෙම පැවසීය.
විධිමත් ලෙස අනුමැතියක් ලබා ගැනිමෙන් තොරව වෛද්‍යවරුන් විදේශ ගත වන්නේ නම් ආයතන සංග්‍රහයේ ප්‍රකාරව සේවය අතහැර ගියා සේ සලකා අසාධුලේඛණ ගත කිරීමට සිදුවන බව හෙතෙම පෙන්වාදේ.
විදේශීය පුහුණුවීම් සදහා ගොස් ඇති ඇතැම් වෛද්‍යවරුවරුන්ද මෙසේ ලංකාවට ඒම ප්‍රතික්ෂේප කර ඇති බවත් නිසි ක්‍රමවේදයෙන් බැහැරව විදෙස් ගතවන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවද දිනෙන දින ඉහළ යමින් පවතින බව අප කළ විමසුමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජේ. විජේසූරිය පැවසිය.
කෙසේ නමුත් නිසි ක්‍රමවේදයට අනුව විදේශ ගතවීම සඳහා අවසර ඉල්ලා පැමිණෙන වෛද්‍යවරුන් ට ඒ සඳහා අවසර ලබා දීමට පසු බට නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනනරාල්වරයා අවධාරණය කළේය.
උපුටා ගැනීම : lankasara

COMMENTS