පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණය පරාජය වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා දේශපාලන දිවියෙන් විශ්‍රාම ගනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව අමා...
පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණය පරාජය වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා දේශපාලන දිවියෙන් විශ්‍රාම ගනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (03) විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් හැටියට අපේ කිහිපදෙනෙක් පක්ෂයට ගිහිල්ලා හිටියට පළමුවෙන් අවුරුදු 17 කට පස්සේ පිහිටවපු ආණ්ඩුවේ හිටපු එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක්වත්, නියෝජ්‍ය ඇමතිවරයෙක්වත් ඔය අපේ ගිය කණ්ඩායමේ නැහැ. මහින්ද රාජපක්ෂ අපේ හිටපු නායකයා ඇරෙන්න. නමුත් අපේ පක්ෂයේ අතීතයේ අපේ පක්ෂයෙන් කඩා ගෙන ගිය කණ්ඩායම දිහා ගත්තම මෛත්‍රිපාල සේනානායක මැතිතුමා, රත්නසිරි වික්‍රමනායක මැතිතුමා එතුමා ගියා. මැතිණියගේ දියණිය චන්ද්‍රිකා මැතිණිය ගියා. විජේ කුමාරණතුංග ගියා. ඉතා අසරණ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අවුරුදු 2ක් යනකොට සියලුදෙනා ඇවිල්ලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියා. චන්ද්‍රිකා මැතිණියත් එක්ක අමනාප වෙලා මන් ගියා එළියට. අපේ අය ගියාටත් වඩා ඉක්මණට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. මේ සැරේ අපේ හිටපු පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක එළියට ගිය කණ්ඩායම තමා අපේ පක්ෂෙන් ගියපු පුංචිම කණ්ඩායම.
“ජන්දෙන් පස්සේ අපි දිනයි. පොහොට්ටු පක්ෂයේ දිනපු අය සියලුදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා බැඳෙයි.හිටපු ජනාධිපතිතුමා විශ්‍රාම යයි. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ ආණ්ඩුව කරනවා. අපිව මෙතනට තල්ලු වුණේ ඔය පොහොට්ටු පක්ෂයේ අය නිසා. අපිට තනි ආණ්ඩුවක් හදා ගන්න අපි යෝජනාවක් ඉදිරිපත් කළා. අපි කිව්වා හිටපු ජනාධිපතිතුමාට පොඩ්ඩක් පස්සට ගිහිල්ලා එතුමාගේම පවුලේ චමල් රාජපක්ෂ මැතිතුමාව අපට දෙන්න කියලා. අගමැති අපේක්ෂකයා හැටියට. ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැතුව එතුමා එළියට ඇවිත් එතුමා සටනට ආපුවම ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS