මීළඟට පාර්ලිමේන්තුව රැස්වන දිනයට පෙර ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, පාර්ලිමේන්තුව රැස්වූ පළමු මොහොතේ සිට ම සිව් දෙසින් පාර්ලිමේ...
මීළඟට පාර්ලිමේන්තුව රැස්වන දිනයට පෙර ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, පාර්ලිමේන්තුව රැස්වූ පළමු මොහොතේ සිට ම සිව් දෙසින් පාර්ලිමේන්තුව වටලන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු අඟවයි.
එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ, මේ මොහොතේ සිය සාමාජිකයින් පාර්ලිමේන්තුව අසලින් ඉවත් වන බව ත් යළි ත් මැයි 17 වන දින එනම්, පාර්ලිමේන්තුව රැස්වන මීළඟ දිනයේ එම ස්ථානයට පැමිණෙන බව ත් ය.
තමන් මෙලෙස ඉවත්ව යන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තීරණයක් ගැනීම සඳහා ඉඩ ලබා දීමට බව ඔහු වැඩිදුරට ත් පැවසීය.
“ආණ්ඩුවට අපි කල් දෙනවා. ගෝඨාභය රාජපක්ෂලාට, මහින්ද රාජපක්ෂලාට, ආණ්ඩුවට අපි කල් දෙනවා. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහා ම ඉල්ලා අස්වෙන්න ඕන. එහෙම නැත්නම් අපි බලමු. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න එකදු මන්ත්‍රී කෙනෙක් හරි පාර්ලිමේන්තුව ඇතුළට යන්න අපි අවකාශය ලෑස්ති කරන්නේ නෑ. මේ ගේට්ටුව විතරක් නෙමෙයි, මේ වට කරලා තියෙන ඉතිරි ගේට්ටු සියල්ල වහලා, පාර්ලිමේන්තුව අපි අහෝසි කරනවා.
නැවත වටයකින් තව සුමාන කිහිපයකින් අපි ලෑස්ති කරනවා. ඒ නිසා අද අපි ආණ්ඩුවට දෙන්නේ වෝර්නින් එකක්. රතු නිවේදනයක්. අපි අද මෙතැනින් නික්ම යන්නේ ඊළඟ දවස් ගණන ආණ්ඩුව ගණන් කරලා තියා ගන්න. බැරියර් ගහ ගන්න. බංකර් හදාගන්න. අපි එනවා ඊළඟ දවසේ පාර්ලිමේන්තුව වටලන්න. ඒ පාර්ලිමේන්තුව වටලන්නේ එක පැත්තකින් නෙමෙයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂලාගේ කතාව ඉවර යි. අපි දෙන කාලය ඇතුළේ ගෞරවාන්තවිතව බැහැලා යන්න.”

COMMENTS