දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්බුදය විසඳීම උදෙසා සමගි ජන බලවේගයේ ප්‍රවේශය සහ සූදානම රාජිත පැහැදිලි කරයි …
Homeප්‍රවෘත්ති

අර්බුදය විසඳීම උදෙසා සමගි ජන බලවේගයේ ප්‍රවේශය සහ සූදානම රාජිත පැහැදිලි කරයි …

PropellerAds

රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව අනුව ක්‍රියාත්මක වීමට සමගි ජන බලවේගය එකඟ වූ බව එම පක...

උතුරේ ගැටලු විසඳන්න උතුරේ අයෙකුටම අමාත්‍යංශය භාර දීම ගැන උතුරේ වැසියන්ගේ ප්‍රසාදය
මහවිරු සතියක් ප්‍රකාශයට පත් කිරීම නිසා උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
‘දේශබන්දු’ කෑල්ල වෙනුවට ‘රාජ්‍යදෝහී’ කෑල්ලක් එකතුකර ගන්න එපා - මුසම්මිල් කථානායකගෙන් ඉල්ලයි
රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව අනුව ක්‍රියාත්මක වීමට සමගි ජන බලවේගය එකඟ වූ බව එම පක්ෂය විසින් අද (07) නිවේදනය කරන ලදී.

කෙසේවෙතත් ඒ බව දැනුම් දෙමින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණේ නැත.

එහෙයින් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා ලංකා නිව්ස් වෙබ් අපි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් කළෙමු.

“සුවිශේෂී නායකත්වයක් ඕනෙ වෙන්නේ සාමාන්‍ය තත්වයකදී නෙවෙයි අර්බුදයකදී. ඒ අනුව අර්බුදයක් පවතින අවස්ථාවක අපි ඒකට අපේ විසඳුම දෙන්න ඉදිරිපත් විය යුතුයි. පවතින තත්වය කළමනාකරණය කරගෙන රටට හොඳම දේ ලබාදෙන එක තමයි අපේ අරමුණ. අනිත් එක අපි මේ වෙලාවේ ඉදිරිපත් නොවෙනවා නම් ජනතාව අපි කෙරෙහි තියපු විශ්වාසයත් බිඳ වැටෙනවා.

ඒ අනුව යෝජනා 13කින් යුක්ත ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විසඳුම ක්‍රියාත්මක කරන්න අපි එකඟතාවකට ආවා. එහිදී මුලින්ම 20 වැනි සංශෝධනය ඉවත් කරලා 19 වැනි සංශෝධනය යළි බලාත්මක කෙරෙනවා. ඊළඟට දීර්ඝ කාලයක් තිස්සේ රටේ ඉල්ලීමක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරනවා. ඒ අතර සියලු පක්ෂ එකතු කරගත් ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවනවා, 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් සමග. මේ සමස්ත වැඩපිළිවෙල උපරිම මාස 18ක් තුළ අවසන් කෙරෙන විදියට තමයි නීතීඥ සංගමය යෝජනා කරලා තියෙන්නේ. ඇත්තෙන්ම රටේ ස්වාධීන පාර්ශ්වයක් හැටියට අපට මේ මොහොතේ පිළිගන්න පුළුවන් හොඳම පාර්ශ්වය තමයි නීතීඥ සංගමය. අපි ඔවුන්ගේ යෝජනාවලියට පිළිගන්න තීරණය කළා.

අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ සංයුතිය ඇතුළු අවුල් ජාලාවක් මෙතන තියෙනවා. නමුත් මේ රටේ පිළිකා රෝගීන්ට දැන් බෙහෙත් නැතිවෙලා, වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට බෙහෙත් නැතිවෙමින් යනවා. අපි දැනටත් ඒවා සොයාදෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඊළඟට ආහාර අර්බුදය ඒවි. ඉතින් අපි මේ මොහොතේ මේ ව්‍යසනයෙන් ජනතාව බේරාගන්න ක්‍රියාත්මක නොවෙනවා නම් මොකක්ද අපේ දේශපාලනයෙන් ඇති වැඩේ … ?

ඒ වගේම මෙතන දේශපාලන ප්‍රශ්න විසඳාගැනීම විතරක් නෙවෙයි බරපතළ ආර්ථික අර්බුදයකුත් තිබෙනවා. අපි ඒකටත් මුහුණ දෙන්න විසඳුම් හොයන්න පසුගිය කාලය තුළ සෑහෙන්න වෙහෙස වුණා. ඒ නිසා අපි මේ ජාතික සමගි ආණ්ඩුව පිහිටුවන්න එකතුවෙන්නෙ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නත් මූලික පියවරක් අතේ තියාගෙන. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 05ක් සපයා ගැනීමට අපි මේ වෙනකොටත් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා යම් එකඟතාවන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනවලට කතා කරන්න, ඒ ප්‍රශ්න විසඳාගන්න අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන තියෙනවා. අපට මේකෙන් අපේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගනිමින් මේ රට කඩාවැටෙන්න නොදී අල්ලාගෙන, ඒ අතරේ ඉතිරි ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්න අවශ්‍ය ප්‍රවේශය ගන්න පුළුවන්.

ඒ අනුව අපි හොඳ ආත්ම විශ්වාසයකින්, ඒ වගේම හොඳ සූදානමකින් යුතුව තමයි මේ වැඩේට අතගහන්නේ. අපට මේ අර්බුදයට මුහුණ දීලා රටක් හැටියට ගොඩ එන්න පුළුවන්”

යනුවෙනුයි දැඩි විශ්වාසයෙන් යුතුව ඒ මහතා සඳහන් කළේ.
-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්බුදය විසඳීම උදෙසා සමගි ජන බලවේගයේ ප්‍රවේශය සහ සූදානම රාජිත පැහැදිලි කරයි …
අර්බුදය විසඳීම උදෙසා සමගි ජන බලවේගයේ ප්‍රවේශය සහ සූදානම රාජිත පැහැදිලි කරයි …
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHE6f-Uz9GIBNCAanly7FhDuJR4Z-k7Ix_IVcxsOUvCazLD1SZ2EsIjzIrWFrUfbQZhj8LhbU5HIdpB9NUZwpqJQ-xwk2MfvByZPTkrc3qno8fn34mhyd9xiNa8lbVupva4EGGQmuoHOe2ROKAVR-NNE4nJ85G1EsgpQ1A8Ibypgx0owZIryC0aPnoNQ/s320/raji.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHE6f-Uz9GIBNCAanly7FhDuJR4Z-k7Ix_IVcxsOUvCazLD1SZ2EsIjzIrWFrUfbQZhj8LhbU5HIdpB9NUZwpqJQ-xwk2MfvByZPTkrc3qno8fn34mhyd9xiNa8lbVupva4EGGQmuoHOe2ROKAVR-NNE4nJ85G1EsgpQ1A8Ibypgx0owZIryC0aPnoNQ/s72-c/raji.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy