නව රජය යටතේ නැවත් පදිංචි කිරීම්, පුනරුත්තාපනහා උතුර සංවර්ධනය මෙන්ම හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය වරයා වශයෙන් උතුරේම ජීවත් වූ අයෙකු වශයෙන් ඩ...
නව රජය යටතේ නැවත් පදිංචි කිරීම්, පුනරුත්තාපනහා උතුර සංවර්ධනය මෙන්ම හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය වරයා වශයෙන් උතුරේම ජීවත් වූ අයෙකු වශයෙන් ඩග්ලස් දේවානන්ද මහතා පත් කිරීම පිළිබඳව උතුරේ වැසියන් සිය සතුට පල කර සිටිති.
ප්‍රධාන වශයෙන් යාපනයේ පිහිටි දූපත් වාසීන් කියා සිටියේ වසර ගණණාවක් පුරාවට උතුරේ දූපත්වල ජීවත් වූ වැසියන්ගේ ගැටලු විසඳීමට හෝ දූපත් සංවර්ධනයට පියවර නොගැනීම හේතුවෙන් නව අමාත්‍ය වරයා වූ ඩග්ලස් දේවානන්ද මහතා දූපත් වාසීන්ගේ නියෝජිතයෙකු බැවින් තම ගැටලු විසඳෙනු ඇති බවට තමන් විශ්වාශ කරන බවටයි.
එමෙන්ම උතුරේ මධ්‍යස්ථ මත දාරීන් හා විවිධ වූ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින් කියා සිටියේද උතුරු පලාතේ පවතින ගැටලු වෙනුවෙන් උතුරේම වැසියෙකු කැබිනට් අමාත්‍ය වරයෙකු වශයෙන් සිටීම උතුරේ වැසියන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවටත් සුලු කලකට වුවද නව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් උතුරේ වැසියන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවට විශ්වාශයක් ඇති බවටයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS