උතුරේ සියළුම පොලීසි වල නිලධාරීන්ගේ නිවාඩු නොවැම්බර් මස 01 වනදා සිට අවලංගු කොට තිබේ. නොවැම්බර් 27 වෙනිදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය...
උතුරේ සියළුම පොලීසි වල නිලධාරීන්ගේ නිවාඩු නොවැම්බර් මස 01 වනදා සිට අවලංගු කොට තිබේ.
නොවැම්බර් 27 වෙනිදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා මහවිරු සතියක් ප්‍රකාශයට පත් කිරීම නිසා ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මේ තීරණය ගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානයත් යාපනය විශ්ව විද්‍යාලයත් එක්ව මෙවර නොවැම්බර් 21 දා සිට 27 වෙනිදා දක්වා කාලය මහවිරු සතිය වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.
නොවැම්බර් 27 වෙනිදා උතුරේ සෑම ස්ථානයකදීම මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිහි කරමින් පහන් දැල්වීම් හා මල්මාලා දැමීම් සිදු කිරීමට නියමිතය.
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ නොවැම්බර් මස 26 වෙනිදාටය.
(දිනසේන රතුගමගේ)
COMMENTS