දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට!
Homeප්‍රවෘත්ති

21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට!

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයට යෑමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ...

ගුරු-සිසු සබඳතාවය බිඳවැටිලා - නිලූකා ඒකනායක
පාර්ලිමේන්තුවෙන් 94ක් සා.පෙ.ත් අසමත්
ඇමති විජේදාසගේ ඉරණම තීන්දු කරන එජාප රැස්වීම අවසන් - මෙන්න තීන්දුව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයට යෑමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණයකට මුහුණ දීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති වුව ද ජනතා අපෙක්ෂා ඉටු කළ නොහැකි නම් ආණ්ඩුව පවත්වාගෙන යෑමෙන් පලක් නැතැයි මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් ලංකාසර කළ විමසුමක දී  ඔහු  කියා සිටියේ මැතිවරණයකට යෑම සඳහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒ පිළිබඳ කථිකාවක් ආරම්භ වී  තිබෙන බවය.

වත්මන් ආණ්ඩුව සැලසුම් කළ නියෝජ්‍ය කතානායකවරයා පත් කර  ගැනීම හා 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම යන ප්‍රධාන කරුණුවල දී  පොදුජන පෙරමුණ දක්වා ඇති  ප්‍රතිචාරය යහපත් නොවන බව ද ඇමතිවරයා කීවේය.

උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ 21 වැනි සංශෝධනය සම්මත කරගැනිම සඳහා  දැඩි උත්සාහයක් දරන බව පැවසූ හෙතෙම එයත් අසාර්ථක වුවහොත් ඡන්දයකට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරව නැති බව අවධාරණය කළේය.

මැතිවරණයකට යෑමට සුදුසු මට්ටම රට නැති වුව ද ඒ සම්බන්ධව ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව පවසන ඔහු මැතිවරණයට පෙර මූලිකත්වය දී ඇත්තේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීම, ගෑස්, ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා දීම, සහ ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ප්‍රශ්න ටික විසඳාලීම සඳහා බව ඔහු වැඩිදුරටත් කීවේය.

-lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට!
21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbbAxZeQR75dV0EXUE0HUnEN4JjYSxpXsvC3e3e7V2nGPnT9sk2xgRVqPA1GQgGXjeDM_MeUe1E1rLRHYNx7HrCQ6hd9VMta4i_kiZIy-tdyYnxQ8AIy_GEKdmpe-beXWbJ3Pjp1hjCB6ZjHmLyElN6q0-GCYL5z3DoUmXuNqqTA8d7vuBKekalMS9ZA/s320/parlimant.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbbAxZeQR75dV0EXUE0HUnEN4JjYSxpXsvC3e3e7V2nGPnT9sk2xgRVqPA1GQgGXjeDM_MeUe1E1rLRHYNx7HrCQ6hd9VMta4i_kiZIy-tdyYnxQ8AIy_GEKdmpe-beXWbJ3Pjp1hjCB6ZjHmLyElN6q0-GCYL5z3DoUmXuNqqTA8d7vuBKekalMS9ZA/s72-c/parlimant.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/21_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/21_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy