2022 වසර සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සම්මේලනය හෙවත් ‘SPRING MEETINGS 2022’ ලබන 18 වැනි දින සිට 24 වැනි දින දක්වා...
2022 වසර සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සම්මේලනය හෙවත් ‘SPRING MEETINGS 2022’ ලබන 18 වැනි දින සිට 24 වැනි දින දක්වා අමෙරිකාවේ වොෂින්ට්න නුවරදී පැවැත්වීඹට නියමිතය.
මෙම SPRING MEETINGS සදහා ලොව රටවල් 150කට අධික ප්‍රමාණයක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන යන මහත්වරුන්ය.
මෙහිදී කිසිසේත්ම ලංකාවට මූල්‍ය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමක් සිදු නොවේ.
ලංකාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප්‍රේල් 11 වැනි දින ලබා දී තිබිණ.
නමුත් ලංකාවේ මතුව ඇති බරපතළ දේශපාලන අර්බූදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම සාකච්ජා දින නියමයකින් තෙරව කල් දැමීමට පියවර ගත්තේය.
අප ඒ බව අතිවිශේෂ පුවතක් ලෙස ඉකුත් සිකුරාදා දිනයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
-mawratanews
COMMENTS