මෙම මස 17 වනදා සිට 21වනදා දක්වා කාලය තුළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව ...
මෙම මස 17 වනදා සිට 21වනදා දක්වා කාලය තුළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් මෙම තහනම පනවන බවයි.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ විෂයානුබද්ධ දේශන, වැඩමුළු, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම තහනම් බව සඳහන් වේ.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට ෙහෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ආදිය බෙදාහැරීම තහනම් වන අතර අදාළ කාලය තුළ එවැනි ප්‍රචාර මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම ද සපුරා තහනම් වේ.
COMMENTS