දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ගහපන් දැන් ගහපන්.. ගහපන්...” - අන්තරේ සටන් පෙරමුණ ගත් ළහිරු අධිකරණය ඉදිරිපිටම පොලිසියට කළ අභියෝගය මෙන්න - (video)
Homeප්‍රවෘත්ති

“ගහපන් දැන් ගහපන්.. ගහපන්...” - අන්තරේ සටන් පෙරමුණ ගත් ළහිරු අධිකරණය ඉදිරිපිටම පොලිසියට කළ අභියෝගය මෙන්න - (video)

PropellerAds

නිරෝධායන නීති උල්ලංඝනය කර උද්ඝෝෂණයක නිරත වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු, ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් ඇතුළු 16ක් විශේෂ නි...

ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා - නෝර්වේ කියයි
‘19’ අප ඇටවූ උගුලක්.. අහෝසි කරන්න යන අය විනාශ වෙනවා.. 20 එම විනාශයේ ආරම්භයයි - රනිල්
නැගෙනහිර මුහුදේ නෞකාවේ ගින්න තවමත් - අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට - (video)
නිරෝධායන නීති උල්ලංඝනය කර උද්ඝෝෂණයක නිරත වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු, ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් ඇතුළු 16ක් විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබුවා.

උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බවට දන්වා තිබියදී විරෝධතාවල නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනා ඇප මත මුදා හැරීමටයි, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ නියෝග කළේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය රුපියල් 25,000 බැගින් වූ පෞද්ගලික ඇප මත මොවුන්ව මුදා හැරීමට නියෝග කළා.

පෙරටුගාමි සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද උදෑසන පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුයේ ඊයේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිවයි.

කෙසේ වෙතත්, එහිදී පොලීසිය ඊට මැදිහත් වී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

විරෝධතාවය ආවරණය කළ මාධ්‍යවේදීන්ට ද පොලීසිය බාධා කළ බවයි සඳහන් කළේ.

කෙසේ වෙතත්, සැකකරුවන් අධිකරනයට ඉදිරිපත් කරමින් පොලීසිය කියා සිටියේ ඊයේ පැවති මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන් රථවලට දැඩි අපහසුතාවයට පත්වූ බවයි.

එමෙන්ම, දැඩි මහජන කැළඹීමක් ද සිදුවූ බව පොලීසිය සඳහන් කළා. ඒ අනුව මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කොට නිරෝධායනයට යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ පොලීසිය දේශපාලන අවශ්‍යතාවන් සඳහා නිරෝධායන නීති උපයෝගී කරගෙන තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීම, පොහොර හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද මාතර - අකුරැස්ස ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වුණා.

එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් සහ අජන්ත ගම්මැද්දගේ ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වලක්වාළමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබූ නමුත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුව පොලිස් ඇප මත මුදා හැරුණු බවයි කියා සිටියේ.

එමෙන්ම, රත්නපුර - පැල්මඩුල්ල - මිදලන - යහන්දොළ ගම්මානයට පිවිසෙන මාර්ගය පිළිසකර කර නොමැති බව පවසමින් ඊයේ ගම්වාසීන් විරෝධතාවයේ නිරත වුණා.

මුව ආවරණය කර අභිනයෙන් ඔවුන් විරෝධය පළ කළේ පොදු රැස්වීම්, උද්ඝෝෂණ තහනම් කර තිබීම හේතුවෙන්.

මේ අතර, විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර සමගි ජන බලවේගය ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක නිරත වුණා.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

-හිරු 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ගහපන් දැන් ගහපන්.. ගහපන්...” - අන්තරේ සටන් පෙරමුණ ගත් ළහිරු අධිකරණය ඉදිරිපිටම පොලිසියට කළ අභියෝගය මෙන්න - (video)
“ගහපන් දැන් ගහපන්.. ගහපන්...” - අන්තරේ සටන් පෙරමුණ ගත් ළහිරු අධිකරණය ඉදිරිපිටම පොලිසියට කළ අභියෝගය මෙන්න - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCjmA3np6IZUKIOKHbTT7Rol8demBcFJ3dIZISq7KcSn0ceYv9Wz74JgXTKCkc85AhBcGwTWHgVSivz8RHSTNQgwqxXZyH62ei42WCbk2ExaNDC8CBPV3MCKhUA4E1bHcIyJMqEZ__wEI/s320/lahiru.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCjmA3np6IZUKIOKHbTT7Rol8demBcFJ3dIZISq7KcSn0ceYv9Wz74JgXTKCkc85AhBcGwTWHgVSivz8RHSTNQgwqxXZyH62ei42WCbk2ExaNDC8CBPV3MCKhUA4E1bHcIyJMqEZ__wEI/s72-c/lahiru.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/video_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/video_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy