අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පූර්ණ අභිමතය පරිදි නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය යුතු බවට වන යෝජනාවක් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාව...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පූර්ණ අභිමතය පරිදි නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය යුතු බවට වන යෝජනාවක් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවට භාජනය වී ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එම ධුරය සඳහා සුදුසුකම් සම්පූර්ණ එකම පුද්ගලයා නාමල් රාජජපක්ෂ බව ආණ්ඩුවේ ප්‍රබල ඇමති කණ්ඩායමක් නාමල් රාජපක්ෂ බවට සහ අගමැතිවරයාට දැනුම් දී ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ මැති ඇමතිවරු කණ්ඩායමක් නාමල් රාජපක්ෂ අගමැති ධුරයට පත් කරගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් දියත් කරන ලෙස අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය හිතවතුන් වෙත දන්වා තිබේ.
-lankasara

COMMENTS