දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…
Homeප්‍රවෘත්ති

ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…

PropellerAds

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධා...

කර්මාන්ත පුරය ඉදිකරන්නේ මුඩු බිම්වල
ගාලුමුවදොර ඇත්තේ ලොව උසම නත්තල් ගස නොවේ
රවිරාජ් නඩු තීන්දුව ගැන සෑහීමකට පත්වන්නේ නෑ - TNA
වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.
පසුගිය ආණ්ඩු සඳහා චෝදනා කරමින් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ මෙය විසඳා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සඳහන් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්,

“මේ මොහොත වන විට මේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ. තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, බඩු මිල අහස උසට. මේ වගේ වෙලාවක භික්ෂූන් වහන්සේලා වන අපට මිනිස්සු කෑ ගහනවා. පසුගිය කාලේ කෑ ගහපු හාමුදුරුවරු කෝ කියලා. මම මේ ආණ්ඩුවට යෝජනාවක් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඒක තමයි රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳ හරි අවබෝධයක් ලබාදෙන ආකාරයක් අපිට පේන්න නෑ. මැති ඇමතිවරු නොයෙක් කතා කියනවා. සාමූහික වගකීමක් දරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වෙලා නෑ. ඊයේ පෙරේදා ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියනවා තෙල් තිබෙනවා ඕන තරම්, බවුසර් නැවත හැරිලා යනවා කියලා. සිපෙට්කෝ ආයතනය කියනවා 30 සහ 31 තෙල් නෑ, කරුණාකරලා පෙට්‍රල් ශෙඩ්වලට එන්න එපා කියලා. මොකක්ද මේ බහුබූතේ?

අදඅපි මේ මුහුණ දෙන අර්බුදයට මුහුණ දෙන්න පෙරාතුව ගෝලීය වසංගතයක් වුණු කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. මුල් කාලයේ යම් යම් අපිළිවෙළ ආකාරයක් තිබුණත් පසුව ඒ ප්‍රශ්නය හොඳින් කළමනාකරණය කළා. ඒක අවසන් කලාට පස්සේ දැන් විශාල ජීවන අරගලයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

මිනිස්සුන්ගේ බඩගින්දර එක්ක, අවේගය සමග සෙල්ලන් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. අපි පළවෙනි යෝජනාව ආණ්ඩුවට කරනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා පුළුල් නිවේදනයක්, යම් සකච්ඡාවක් ඇතිකරගත යුතු වෙනවා. අර කාලෙට, මේ කාලෙට, පසුගිය ආණ්ඩුවලට චෝදනා කළා කියලා මේකට උත්තරයක් හොයන්න බෑ.

ඉතාම කරුණාවෙන් ආණ්ඩුවට කියනවා ඇත්තටම ලැජ්ජයි. ඒ මොකක් ගැනද? මේ වාහනවලට තෙල් දෙන එක සම්බන්ධයෙන් මොකක් හරි සිස්ටම් එකක් හදලා මේ වෙලාවට තෙල් දෙනවා කියලා කියන එක මහලොකු වැඩක්ද? ගෑස් සම්බන්ධයෙනුත් ඒක කරන්න පුළුවන්. මිනිස්සු පෝලිම්වල, සෑම නගරයකම උද්ඝෝෂණ. කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ ඇයි මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්න මැදිහත් වෙන්නේ නැත්තේ? මේ කලබලයට පත්වීම නිසා නොයෙක් ප්‍රශ්න අලුතින් නිර්මාණය වෙන්න පුළුවන්.

දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික, ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රටඅයාලේ යනවා. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව කියන්න මේ විශ්වාසය හදන්නේ කොහොමද? ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? ඒක විසඳන්න කොපමණ කාලයක් යනවාද? කියලා.

එහෙම නොවී තව තවත් අයාලේ යන්න ඇරලා, සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් සඳහන් කළහ.

– අද
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…
ජනාධිපති විශ්වාස නෑ… කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීල යන්න.. අපට වැඩ්ඩෙක් ඔ්නෑ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgpT3ImKMCOzyAh4wD2J0MERADAXSBucVLBBA2CgdDZB_f_Hr1EitSrlcOrebVV3dmfcnP-zJeLqfScKj9cEcIk36c-j7jUKE3YuCz2z2Z5xAyIBFHQYR5RhxBkSI97CcZoZAHpR14SW-GNVJKLXoffnvGVvx3RFLw-rAX0dTVaFR0s09an0JWFFhXBQ/s320/gnanasarad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgpT3ImKMCOzyAh4wD2J0MERADAXSBucVLBBA2CgdDZB_f_Hr1EitSrlcOrebVV3dmfcnP-zJeLqfScKj9cEcIk36c-j7jUKE3YuCz2z2Z5xAyIBFHQYR5RhxBkSI97CcZoZAHpR14SW-GNVJKLXoffnvGVvx3RFLw-rAX0dTVaFR0s09an0JWFFhXBQ/s72-c/gnanasarad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy