දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වූ නඩු තීන්දුව පිළිබදව දෙමළ ජාතික සන්ධානය සෑහීමකට ...
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වූ නඩු තීන්දුව පිළිබදව දෙමළ ජාතික සන්ධානය සෑහීමකට පත් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
මෙම නඩු තීන්දුව රටේ අධිකරණය පිළිබදව විශ්වාසයක් නොමැති බව පෙන්නුම් කරන්නක් බව පැවසූ මන්ත්‍රීවරයා යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනිසුරුවරුන්ගෙන් පරිබාහිරව ජාත්‍යන්තර අධිකරණයක සහාය ඉල්ලා සිටින්නේ මෙවැනි තත්ත්වයක් මත යැයිද සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් තමන් වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වශයෙන් ඇපෑලක් ඉදිරිපත් කරණ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.
නඩු තීන්දුව පිළිගත නොහැක්කේ නඩු පවරන ලද විත්තිකරුවන් විසින්ම රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කළේ යැයි යන විශ්වාසය මතදැයි මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් එසේම ප්‍රකාශ නොකලත් මහදවල් සිදුවූ මේ ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් ඉකුත් ගියත් නිසි ලෙස අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට රජය අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවයි.
අපරාධකරුවන්ට මෙපමණ කලක් නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ ලබාදීම බරපතල වරදක් බව පෙන්වා දෙන සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය එවැනි තත්ත්වයක් කිසිසේත් අනුමත නොකරණ බවද කියා සිටියේය.
COMMENTS