දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කලාම මන්ත‍්‍රී ධූර පොහොට්ටුවට ලැබෙන අරුම පුදුම ඡන්ද ක‍්‍රමයක් හදලා…
Homeප්‍රවෘත්ති

කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කලාම මන්ත‍්‍රී ධූර පොහොට්ටුවට ලැබෙන අරුම පුදුම ඡන්ද ක‍්‍රමයක් හදලා…

PropellerAds

‘කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කරාම සභික ධූර පොහොට්ටුවට ලැබෙන මරු ඡන්ද ක්‍රමයක් හදලා’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිර...

EXCLUSIVE : අකුරු තුනේ කතා බොරු! පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අකුරු 4ක අපේක්ෂකයෙක්! බැසිල් දැනටමත් තීන්දුව අරන් අවසන්!
සතොස සියළු සේවකයන් 30දා සිට ගෙදර යැවීමට එරෙහිව විරෝධතා…සභාපති පසද යාපා කාර්යාල අඩස්සියට (VIDEO)
‘රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකයා විය හැකියි’ කියා පොහොට්ටු ලේකම් ඇමරිකා යයි (VIDEO)
‘කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කරාම සභික ධූර පොහොට්ටුවට ලැබෙන මරු ඡන්ද ක්‍රමයක් හදලා’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
ඇය පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලාය.
ගරු ගීතා කුමාරසිංහ මහත්මිය මේ පාර්ලිමේන්තුවේ හිටපු ඇග්නස් ද සිල්වා, ඇඩ්ලින් මොළමුරේ, තේසුම් සරවනමුත්තු, කුසුමා – විවියන් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමියන්ලා ගැන කියන කොට, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගැන කියනකොට ඒ අය සොහොන් කොත් වලින් නැගිටලා එයි කියලා හිතුනා. එතුමියගේ කතාව එච්චරම හැඟුම්බරයි.

හැබැයි ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගේ ලැයිස්තුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ නම නෑ. නිකම්ම නිකං ජනාධිපති විතරයි, නම නෑ. බොහොම පැහැදිලි මේ යෝජනාව කාන්තාවන් ගැන අනුකම්පාවෙන් නෙවෙයි, පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුවට දිනන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් හදාගන්න හදනවා.

1982 ජනමත විචාරණයේ දී ජනතා විමුක්ති පෙරමුනේ රැස්වීම්වල මරු කතාවක් මෙහෙම කතාවක් කිව්වා. ජනමත විචාරණයේ දී ‘කලගෙඩියට‘ කතිරේ ගැහුවාම ඡන්ද පෙට්ටිය ඇතුලේ දී ඒ ඡන්දය ‘ලාම්පුවට‘ සලකුණු වෙනවා. එහෙම කරන තාක්ෂණයක් සිංගප්පුරුවේන් ද, ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානයෙන් ද කොහෙද ආණ්ඩුවට දීලා තියෙනවා කියලා.

අපි දැන් දන්නවා ලෝකයෝ කෙහොවත් ඡන්ද පෙට්ටිය ඇතුළේ දී ‘චන්ද මාරුකරන, මාරුවෙන චන්ද පත්‍රිකා නෑ කියලා.
හැබැයි අද ආණ්ඩුවට ඕනි වෙලා තියෙනවා එහෙම ඡන්ද ක්‍රමයක් හදලා ඉදිරි පලාත් පාලන ඡන්දය දිනන්න.

පොහොට්ටුව පසුගිය පෙබරවාරි 22 ‘ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනාවක් ගෙනත් තියෙනවා. එ්ක යෝජනා කළේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන තාක්ෂණික කමිටු නියෝජිතයා, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ කියන වියත්මගේ සාමාජිකයා.

මේක මරු ක්‍රමයක්. ඡන්දදායකයෝ ගිහින් මේ රටේ ලියාපදිංචි පොඩි පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට කතිරේ ගහනවා. අපි හිතමු, විමල්ගේ පක්ෂයට, ගම්මන්පිලගේ පක්ෂයට, මනෝ ගනේෂන් ගේ පක්ෂයට, කතිරේ ගැහුවා කියලා. නැත්තම්, ස්වාධීන කණ්ඩායමට ඡන්දය දැම්මා කියලා, කතිරේ පොඩි පක්ෂයට, හැබැයි සභික ධූර ලැබෙන්නේ ‘පොහොට්ටුවට‘

මරු ක්‍රමය! 2018 ප්‍රතිලයට දැම්මාම, මාතලේ හැම තැනම එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර අඩු කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නැත්තටම නැති කරනවා. වතුකරයේ අපේ ද්‍රවිඩ පක්ෂවලට තියෙන එකම සභික ධූරයක් වත් ලැබෙන්නේ නෑ.පොඩි පක්ෂ එකකට වත් සභික ධූර ලැබෙන්නේ නෑ. ඡන්දයක තුන හතර පහ තැනට ඡන්ද ගන්න පක්ෂවලට/ස්වාධීන කණ්ඩායම්වලට වැටෙන ඡන්ද ගාන වැඩි වෙන්න වෙන්න, මේ හදලා තියෙන ක්‍රමය අනුව පොහොට්ටුවට සභික ධූර වැඩි වෙනවා.

අද, මේ මරු ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ත් හිටියා. මේ පළාත් පාලන මැතිවරණ සංශෝධනය ගෙනාවොත් ඉස්සරවෙලාම විනාශ වෙන්නේ එතුමාගේ ඔබතුමාගේ මහජන එක්සත් පෙරමුණ.
මේ ආණ්ඩුවේ උදවිය කියනවා, කාන්තා නියෝජනය නිසා පලාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි වෙලා කියලා. මේ ගැන වැරදි මතයක් රටේ තියෙනවා.

1969 වෙනකල් ලංකාවේ ගම් සභා ක්‍රමයක් තිබුණා. 1969 වෙනකල් ලංකාවේ පළාත් පාලන ආයතනවල සභිකයෝ 9000 ක් හිටියා. අද ලංකාවෙම ඉන්නේ පලාත් පාලන සභිකයෝ 8711 යි. එකෙන්, 385 ක් ම එල්ල්ලන ලද ආසන නැත්තම් ඕවර් හැන්ග් මන්ත්‍රී ධූර. ඒ ඕවර් හැන්ග් මන්ත්‍රී ධූරත් එක්ක කාන්තාවෝ ඉන්නේ 2002 යි.

මතක තියාගන්න ලංකාවේ පලාත් පාලනයේ පිරිමි මන්ත්‍රීවරු කෝට්ඨාශ 4523 ක් දිනනකොට, කාන්තාවන් දිනුවේ කොට්ඨාශ 554 ක් පමණයි. ඒ කියන්නේ 5,077 න් 554 ක් විතරයි. ප්‍රතිශතයක් විදිහට 11%. ඉතුරු ටික පිරුණේ ඕවර් හැන්ග් වලින් ලැබුණු මන්ත්‍රී ධූර ද ඇතුළුව මහ ලේකම්වරු පත් කළ මන්ත්‍රී ධූරවලින්.

දිනන පක්ෂයට බෝනස් එකක් දෙකක් දුන්නම, ඔවර් හැන්ග් එක අයින් කරාම, පක්ෂයකට ඕනි අවම ඡන්ද ගාන (කට් ඕෆ් පොයින්ට්) දැම්මාම ඉස්සරවෙලාම නැති වෙන්නේ කාන්තා නියෝජනය කියන එක මේ යෝජනාව ගෙනාපු ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය දැනගන්න ඕනි. නැත්තම්, ගරු ගීතා මන්ත්‍රීතුමිය එතුමියගේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහාචාර්ය සුදන්ත ලියනගේ හිතවතා එක්ක එකතුවෙලා, කාන්තා නියෝජනයට කප්පාදු කරන්න හදනවද දන්නේ නෑ.

ගිය අඟහරුවාදා, තේරීම් කාරක සභාවට පොහොට්ටුවේ නියෝජිත මහාචාර්ය සුදන්ත ලියනගේ ඉදිරිපත් කරපු යෝජනවා අනුව ඕවර් හැන්ග් (එල්ලන ලද මන්ත්‍රී ධූර) 385 ක් අඩු වෙනවා. මේකෙන් බහුතරයක්, කුඩා පක්ෂවලට සමානුපාතය ඇති කරන්නට ලැබුණා කාන්තා මන්ත්‍රී ධූර. දිනන පක්ෂයට බෝනස් එකක් දෙකක් දීලා, ඕවර් හැන්ග් එක ඉවත් කලාම කාන්තා නියෝජනය අඩු වෙන්න ඕනි. මම ගීත කුමාරසිංහ මන්ත්‍රීතුමියට කියනවා, මේ ගිහිල්ලා මහාචාර්ය සුදන්ත ලියනගේට කියන්න පලාත් පාලනයේ දැනට තියෙන සභික ධූර සංඛ්‍යාවට නැති කරන්න එන්න එපා කියලා. ගිහිල්ලා කියන්න, අපිට ඕනි කාන්තා නියෝජනය පලාත් සභාවට, පාර්ලිමේන්තුවට වැඩි කරන්න මිසක් පලාත් පාලනේ තියෙන සභික ධූර සංඛ්‍යාව අඩු කරන එක නෙවෙයි කියලා.

පලාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය නිසා සභික සංඛ්‍යාව වැඩි වුණා කියන කතාව පට්ටපල් බොරුවක්. ඒක මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දයට තියෙන බය නිසා හදා ගත්ත කතාවක්.

1969 ගම් සභා තියෙන කාලයේත් ලංකාවේ පලාත් පාලන සභිකයෝ 9000 ක් හිටියා. අද ඉන්නේ 8711 යි. ගීතා කුමාරසිංහ ට ද්විත්ව පුරවැසිකම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුනා. හැබැයි, බැසිල් රාජපක්ෂ මැතිතුමාට ද්විත්ව පුරවැසිකමයි, මුදල් ඇමතිකමයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණා.

ගීතා කුමාරසිංහ මහටත්මිය කාන්තා නියෝජනය වැඩි කරන්න යෝජනා කරනවා. අනික් පැත්තෙන්, කාන්තා නියෝජනයත් අඩු කරන්න හදනවා.

කාන්තා නියෝජනය වැඩි කරන්න ගිහින් දැන් තියෙන සොච්චම් නියෝජනයත් නැති කරන්න නම් එපා. හරි යෝජනාවක් ගේන්න. අපේ පක්ෂය තමයි කාන්තා නියෝජනය 25% දුන්නේ. අපි ඒක රැක ගන්න කටයුතු කරනවා. පළාත් සභාවලට, පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩි කරන්න සංශෝධන ගේන්න. අපි සහාය දෙනවා.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කලාම මන්ත‍්‍රී ධූර පොහොට්ටුවට ලැබෙන අරුම පුදුම ඡන්ද ක‍්‍රමයක් හදලා…
කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කලාම මන්ත‍්‍රී ධූර පොහොට්ටුවට ලැබෙන අරුම පුදුම ඡන්ද ක‍්‍රමයක් හදලා…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEigh1sOeqteGVkEOtxPGiFsHbxD8XryodW_52e9puL1RsfcUc8pqG_cVpDdQ1XnNRMp_hpVfNsFq-zwxU6-G5TTjU8w1XiOIv4-z584wh_vO9ujQJdYfj_mmWiBVrc7GpqfBHDRQTEE21aueDtE1pO89aPB33AZsJ0KV6rFln5JXCJtovkZv8Y9sLVHbA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEigh1sOeqteGVkEOtxPGiFsHbxD8XryodW_52e9puL1RsfcUc8pqG_cVpDdQ1XnNRMp_hpVfNsFq-zwxU6-G5TTjU8w1XiOIv4-z584wh_vO9ujQJdYfj_mmWiBVrc7GpqfBHDRQTEE21aueDtE1pO89aPB33AZsJ0KV6rFln5JXCJtovkZv8Y9sLVHbA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy