මීළඟ ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඔහු ශ්‍රී ලංකා පො...
ජනාධිපති අපේක්ෂකයකු වේලාසන නම් කිරීමට පක්ෂය කටයුතු නොකරන බවත් ජනාධිපතිවරය කාලය වන විට රටේ ජනතාව කුමන ආකාරයේ අපේක්‍ෂකයකු බලාපොරොත්තු වන්නේ දැයි පුරෝකථනය කිරීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියි.
ඒ අනුව එම කාලය වන විට ජනතාවගේ සිතුම් පැතුම් ද සලකා බලමින් අපේක්ෂකයෙකු නම් කරන බවද පැවසූ ඔහු එම අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු බවද පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
තමන් ඉදිරි පැය 48 ක කාලය තුළ ඇමරිකාව බලා යන බවත් පැවසූ කාරියවසම් මහතා නමුත් එය රට අතහැර යමක් නොව එරටින් ලද ආරාධනාවක් අනුව සිදුකරන දින කිහිපයක සංචාරයක් පමණක් බවද තව දුරටත් සදහන් කලේය.

COMMENTS